slc
logo
Home   |    News
ජූනි 21, 2023
ලක්ෂිත මනසිංහගෙන් දෙවැනි වතාවටත් කඩුලු 5 ක්

sinhala editor

BY CHAMILA KARAWITA

ලකුණු 07 ක් ඇතුළත දකුණු අප්‍රිකානු ‘ඒ’ පළමු ඉනිමේ ඉතිරි කඩුලු 4 ම දවා ගැනීමට ලක්ෂිත මනසිංහ සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනා සමත්වීම නිසා කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැත්වෙන දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනදී පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට පෙරමුණ ගත හැකි වූයේ ලකුණු 4 කින් පමණි.

කඩුලු 6 කට ලකුණු 287 ක් තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලේ අද උදෑසනම දැවී ගියේ බෙයර්ස් සෙන්පෝල් (04)ය. ඔහුට අද දිනයේදී එකම ලකුණක් හෝ ලබා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම ඉඩ පහස විවර කර නොදුනනේය. ලෙග් ස්ලිප් ස්ථානයේ පන්දු රැකි පසිඳු සූරියබණ්ඩාර විසින් ස්වෙන්පෝල් දවා ගැනීම වෙනුවෙන් දක්ෂ උඩපන්දුවක් රැක ගත්තේය.

අනතුරුව කඩුලු දඩයම ඇරැඹූ ජයවික්‍රම නැවතත් ලිසාඩ් විලියම්ස් දවා ගත්තේ පා ඉන්න පැත්තෙන් වූ එළන ලද උගුලකට හසුර කර ගැනිමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ලක්ෂිත මනසිංහ දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිමේ ඉතිරි කඩුලු 2 දවා ගනිමින් මෙවර තරගාවලියේ දෙවැනි වතාවත් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 48 ක් පමණක් ලබා දෙමිනි. ඒ අනුව මානසිංහ මේ වන විට ඉනිම තුනකදී දවා ගෙන සිටින මුලු කඩුලු සංඛ්‍යාව 12 කි.

ප්‍රවීන් සහ මනසිංහ දකූනු අප්‍රිකානු ‘ඒ’ ඉනිමේ පසුපෙළට අභියෝග එල්ල කරද්දී පෙර දිනයේදී ලකුණු 34 ක් ලබා පවුරක් සේ නොසැලී සිටි කයිල් වෙරයියන්ට කළ හැකි කිසිවක් නොවීය. ඔහු අද දිනයේ ලද ලකුණු 7 න් 4 ක් පමණක් ලබාගෙන තම අන්තය ආරක්ෂා කර ගද්දී සංචාරකයින්ගේ ඉනිම පන්දුවාර 84.3 කදී ලකුණු 294 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

දකුණතින් පිට දඟ පන්දු යවන ලක්ෂිත මනසිංහ කොළඹ නාලන්දා විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ සිටියි. මේ වන විටත් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන මනසිංහ 2019 වසරේදී ‌දක්ෂතම පාසල් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේය. පළමුව ඔස්ටේලියානු ‘ඒ’ පිලට එරෙහිව හම්බන්තොට දී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’ තරගාවලියේදී ‘ඒ’ වරම් ලද මනසිංහ එම තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා බවට පත් වන්නේය. එම දක්ෂතා මත ඊට පසු ටෙස්ට් තරග 2 ක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කරනු ලැබීය.

ටෙස්ට් වරම් දිනා ගැනීමට අපොහොසත් වුවත්, ඔහු අනතුරුව එංගලන්ත ලයන්ස් පිල ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයේදී වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් තේරීම් කමිටුවේ වැඩි විශ්වාසයක් දිනා ගැනීමට මනසිංහ සමත්ව සිටියි. මෙම තරගාවලියේ තවත් ඉනිමක් ඉතිරිව තිබියදීම වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේ ද මනසිංහ වේ.

ලකුණු 04 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කර සිටින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 62 ක් ලබා සිටියේය. දිවා භෝජනය සඳහා යවන ලද අවසන් පන්දුවාරයේදී ලසිත් කෲස්පුල්ලේ මොරෙකි හමුවේ අවාසනාවන්ත ලෙස දැවී ගියේ ගලී ස්ථානයේ පන්දු රැකී කීගන් පීටර්සන් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. කෲස්පුල්ලේ ලකුණු 30 කට දැවී යද්දී නිශාන් මදුෂ්ක ලකුණු 32 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 75.1 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි  

(පසිදු සූරියබණ්ඩාර 41, නිශාන් මදුශ්ක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 1, ළහිරු උදාර 33. රමේෂ් මෙන්ඩිස් 62, ලක්ෂිත මනසිංහ 13, මිලාන් රත්නායක 35, ප්‍රවීන් ජයවික්‍රම 0, විශ්ව ප්‍රනාන්දු 0*, සෙනුරන් මුතුසාමී 101/6, ලුතෝ සිපම්ලා 36/2, ලිසාඩ් විලියම්ස් 26/1, බෙයර්ස් ස්වෙන්පියෝල් 67/1)

දකුණු අප්‍රිකානු ‘එ’ පිල පන්දුවාර 84.3 කදී සියලු දෙනා දැවී ලකුණු 294 යි

(ටෝනි ද සෝර්සි 0, මැතිව් බ්‍රිට්ස්කි 10, ට්‍රිස්ටන් ස්ටබ්ස් 117, කීගන් පීටර්සන් 50, සුබයර් හම්සා 46, කයිල් වෙරයියන් 38*, සෙනුරන් මුතුසාමි 10, බෙයර්ස් ස්වෙන්පෝල් 4, ලිසාඩ් විලියම්ස් 2, ලුතෝ සිපම්ලා 1, ෂෙපෝ මොරෙකි 0, විශ්ව ප්‍රනාන්දු 45/3, ලක්ෂිත මනසිංහ 48/3, ප්‍රවීන් ජයවික්‍රම 102/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 21.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 62 යි – (නිශාන් මදුෂ්ක 32*, ලසිත් කෲස්පුල්ලේ 30, ෂෙපෝ මොරෙකි 03/1)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest