slc
logo
Home   |    News
ජූනි 19, 2023
විශිෂ්ඨ ජයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය අරඹති

sinhala editor

ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටය ආරම්භ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයෙන් ලකුණු 175 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට අද (19 දා) සමත්වූවේය.‘බී’ කාණ්ඩය ය‌ටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම බුලවායෝහි පැවැති මෙම තරගයෙන් ජයග්‍රහණය වාර්තා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 13 ක් ඇතුළත දවා ගනිමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 356 ක ඉලක්කයක් හඹා යමින් සිටි එක්සත් අරාබි එමිර් කණ්ඩායමට පන්දුවාර 39 ක් අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. එක්දින තරග දිවියේ මංගල කඩුලු 5 ද සමඟින් කඩුලු 50 සීමාවද ඉක්මවා ගිය වනිඳු හසරංග එය සමරනු ලැබුවේ තරගයේ වීරයා සම්මානයට හිමිකම් කියමිනි.

පන්දු 12 කදී හතරේ පහර 3 ක් ද සමඟින් නොදැවී ලකුණු 23 ක් ලබා ගත් දකුණත් පිතිකරුවා එතැනින් නොනැවතී පන්දුවාර 8 කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 24 කට කඩුලු 6 ක් බිඳ හෙළුවේය. මෙය වනිඳුගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් විය. ආයන් ඛාන්ගේ කඩුල්ල දවාගත් වනිඳු එය තම පළමු කඩුලු 5 මෙන්ම එක්දින තරග දිවියේ 50 වැනි කඩුල්ල වශයෙන් සනිටුහන් කරගත්තේය. එතැනින් නොනැවතුණු හේ ඊළඟ පන්දුවේදී මුහමාද් ජවාදුල්ලාවද දවා ගනිමින් කඩුලු 6 සම්පූර්ණ කරගත්තේය. ඒ අනුව වනිඳුගේ එක්දින පන්දු යැවීඹ සනිටුහන් වනුයේ තරග 42 කදී කඩුලු 51 ක් වශයෙනි.

එක්සත් අරාබි ඉනිමේ පලමු කඩුලු 5 ම ලකුණු 119 කදී බිඳ වැටී තිබියදී මැද පෙළ ශක්තිමත් කළ රමීස් ශේෂාඩ් (26) සහ අලී නසීර් (34) 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලුණු 48 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය පමා වූවා පමණක් නොව ජයග්‍රාහි පරතරයද අඩු විය. එහෙත් වනිදු හසරංග‌ පන්දුව අතට ගැනීමත් සමඟ අරාබි ඉනිමේ කඩුලු එකින් එක බිඳ වැටීම ඇරැඹිණ.

කාසියේ වාසිය අහිමි වුවද අරාබි නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය. සාර්ථක ආරම්භයක් ලබා දුන් දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පිට පිටම තෙවැනි වතාවටත් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 කට වැඩි සම්බන්ධතාවක් ගොඩනැංවීමට දායකත්වය දැක්වූහ. පන්දු 102 දී ලකුණු 95 ක් ලෙසින් සටහන් වුණු එම සම්බන්ධතාවයේදී පැතුම්ට වඩා දිමුත්ගේ ඉනිම වේගවත් විය. දෙදෙනාම අර්ධ ශතක ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දක්වද්දී පැතුම් ලබා ගත් ලකුණු 57 සඳහා පන්දු 76 ක්ද දිමුත්ගේ කුණු 52 සඳහා පන්දු 54 කටද මුහුණ දී තිබුණහ.

මොවුන් දෙදෙනා පිටියෙන් ඉවත්ව යෑමත් සමග පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම ද අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා  ලකුණු පුවරුව පෝෂණය කළහ. වසර 45 කට ආසන්න මෙරට එක්දින තරග ඉතිහාසයේ පළමු පිතිකරුවන් සිව්දෙනා අර්ධ ශතක 4 ක් වාර්තා කරන ලද්දේ තෙවැනි වතාවට විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 63 කදී ලකුණු 78 ක් ලබා ගත්තේ සිය ඉනිම හතරේ පහර 10 කින් සරසාගෙන සිටියේය. සදීරට එක්වූ කුසල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 105 ක් රැස් කළහ. එම සම්බන්ධතාවයේදී මොවුන් දෙදෙනාම ඉතා හොදින් පන්දුවට පහර දෙනු දැක ගත හැකි විය. 2022 වසරේදී ඔස්‌ට්‍රේලියාවේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙපිළ මුණ ගැසුණු අවස්ථාවේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් කාර්තික් මෙයියප්පන්ට දැඩි හිසරදයක් ගෙන දුන් කුසල් ඔහුගේ පන්දු 18 කින් ලුණු 36 ක් උදුරා ගැනීමට සමත්විය. මෙහිදී මෙයියප්පන්ගේ පන්දු හමුවේ කුසල් ඉතාම හෙෲඳින් ස්විප් පහරින් ලකුණු රැස් කිරීම විස්තර විචාරකයින්ගේද දැඩි අවධානයක යොමු වුණු කරුණක් බවට පත්විය.

සදිර සමරවික්‍රම පන්දු 64 කදී ලකුණු 73 ක් වාර්තා කරද්දි 7 වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ වනිඳු හසරංග පන්දු 22 කදි නොබිඳිණු ලකුණු 58 ක සම්බන්ධතාවක් එක් කළහ.

නියමිත පන්දුවාර 50 අවසනදී ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 7 ක් දැවී ලකුණු 355 ක තරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැගිමට සමත් වුවද් එම ඉනිමේ පළමු හයේ පහර 48 වැනි පන්දුවාරයේදී එල්ල කිරීම කැපී පෙනිණ. එහි හිමිකරුවා වූයේ චරිත් අසලංක විය. මුහමාද් ජවාදුල්ලාගේ පන්දුවකට පළමු හයේ පහර එල්ල කළ චරිත් ඊළඟ පන්දුවාරය යැවූ රොහාන් මුස්ටාෆාට සිය දෙවැනි හයේ පහරත් එල්ල කළේය. අවසන් පන්දුවාරයේදී චරිත්ට එක් වුණු වනිඳු සහූර් ඛාන්ගේ ප්දු 4 න් 3 ක්ම හතරේ සීමාව වෙත යවමින් ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව තව තවත් පෝෂණය කළේය.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වදිනු ලබන දෙවැනි තරගය ලබන 23 වැනිදා ඔ්මානයට එරෙහිව වන අතර එම තරගයද බුලවායෝහිදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවි ලකුණු 355 යි

පැතුම් නිස්සංක 57, දිමුත් කරුණාරත්න 52, කුසල් මෙන්ඩිස් 78, සදීර සමරවික්‍රම 73, චරිත් අසලංක 48*, දසුන් ශානක 01, ධනංජය ද සිල්වා 05, වනිඳු හසරංග 23*, අලී නසී 44/2)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පන්දුවාර 39 කදී සියලු දෙනා දැවී ලකුණු 180 යි

මොහොමඩ් වසීම් 39, රොහානා මුස්තාෆා 12, විරිත්‍යා අරවින්ද් 39, බැසිල් හමිඩ් 0, අසීෆ් ඛාන් 8, රමීස් ශේෂාඩ් 26, අලී නසීර් 34, අයාන් ඛාන් 5, කාර්තික් මෙයියප්පන් 0, සහූර් ඛාන් 6*, මුහම්මද් ජයදුල්ලා 0, වනිඳු හසරංග 24/6,

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee