slc
logo
Home   |    News
ජූනි 14, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 160 විශිෂ්ඨ ජයක්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සාංචාරය යටතේ ‌පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය තෙවැනි දිනයේදී දෙපිළේම කඩුලු 20 ක් බිද වැටීම නිසා තරගය සිව්දින තරගය දින තුනකදී නිමාවට පත්විය. ලකුණු 346 ක ජයග්‍රාහී ඉලක්යක් හඹා ගිය දකුණු අප්‍රිකානු ‘ඒ’ දෙවැනි ඉනිම ලකුණු 185 කට සීමා කළ පන්දු යවන්නෝ ලකුණු 160 ක විශිෂ්ඨ ජයක් කරා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම රැගෙන ගියහ.

තෙවැනි දිනය නිමාව සදහා තවත් පන්දු වාර 7 ක් යැවීමට නියමිතව තිබියදී තරගය නිමාවට පත්වූයේ වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේදිත් පන්දුවාර 50 ක්ම තරගයට අහිමිවිය ගිය පසුබිමකදී වීම කැපී පෙනෙයි.

දෙවැනි දිනයේදීම දඟ පන්දු යවන්නන්ට වාසි දායක ලෙසින් හැසිරීම නිසා පළමු එහි උපරිම ඵල නෙළාගත් දෙපිළේ දඟ පන්දු යවන්නෝ තෙවැනි දින දැවී ගිය කඩුලු 20 න් 11 ක්ම දවා ගනිමිනි.සෙනුරන් මුතුසාමි ප්‍රතිවාදී කණ්ඩායමෙන් කඩුලු 5 ක් දවා ගත් දඟ පන්දු යවන්නා බවට පත් වද්දී රමේෂ් මෙන්ඩිස්, ලක්ෂිත මනසිංහ සහ ලසිත් ඇඹුල්දෙණිය සත්කාරක පිල වෙනුවෙන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු ටිටිස්‍රටන් ස්ටබ්ස් අසනීප තත්ත්වයෙන් පසුවූ හෙයින් අද තරගය සදහා නොපැමිණි සිටි බැවින් 9 වැනි කඩුල්ල බිඳ වැටීමත් සමඟ තරගයේ ජය ශ්‍රී ලංකා ‘ඒ’ පිලට හිමිවිය. ඒ හැරුණු කොට එකම දකුණු අප්‍රිකානු පිතිකරුවකුටවත් ලකුණු 30 සීමාව ඉක්මවා ලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.

තෙවැනි දින ආරම්භයේදී දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 151 කට සීමා කිරීමට සනෙුරන් මුතුසාමි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. තෙවැනි දින ආරම්භයත් සමඟ සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිමේ අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වුවත් පළමු ඉනිමේ ලද ලකුණු 194 ක වාසියත් සමඟ ජයග්‍රහණය සදහා දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල හමුවේ ලකුණු 346 ක් ඉලක්කයක් ලබා දුන්හ.

පන්දුවාර 38.4 කදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම හමාර වද්දී පළමු ඉනිමේ පරිදිම කැපී පෙනන පන්දු යැවිමක නිරත වුණු වමතින් දඟ පන්දු යවන සෙනුරන් මුතුසාමි ලකුණු 53 කට කඩුලු 5 ක් දවාලූවේය. ඒ අනුව ඔහු පළමු ඉනිමේ ලද කඩුලු 7 ද සමඟින් සමස්ථ තරගයේදීම ලකුණු 175 කට කඩුලු 12 ක් දවා ගැනීමට සමත්වූවේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැය කරන ලද පන්දුවාර 38 න් භාගයකට ආසන්න සංඛ්‍යාවක් හෙවත් පන්දුවාර 16.4 ක් ක්‍රියාත්මක කළ මුතුසාමි නිලකුණු පන්දුවාර 3 ක්ද සමඟ ලකුණු 53 කට කඩුලු 5 ක් බිඳ හෙළුවේය. තණතීරුවේ සහයෝගය එන්න එන්නම දඟ පන්දු යවන්නන් වෙත හිමිවද්දී ඉන් උපරිම වාසිය ලබා ගත් වමත් දඟ පන්දු යවන්නා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රමේෂ් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගනිමින් දෙවැනි වතාවටත් කඩුලු 5 සම්පූර්ණ කර ගත්තේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කර ඇති මුතුසාමි අද සටහන් කරගන්නා ලද්දේ සිය පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම වේ. ඉන්දීය සම්භවයක් ඇති 29 හැවිරිදි දඟ පන්දු යවන්නාගේ මීට පෙර තරගයක හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 90 කට කඩුලු 10 ක් ලබා ගැනීම සටහන් වේ.

පළමු ඉනිමේ ලකුණු 98 ක් ලබාගත් ලසිත් කෲස්පුල්ලේ අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූවේය. වේග පන්දු යවන ලිසාඩ් විලියම්ස් විසින් කෲස්පුල්ලේව (02) දවා ගනිද්දී තණතීරුවේ සහාය දඟ පන්දු යවන්නන් වෙත වැඩි නැඹුරුවී තිබීම නිසා දකුණු අප්‍රිකානු නායකයා සිය ප්‍රධානම අවිය වන සෙනුරන් මුතුසාමිව 6 වැනි පන්දුවාරයේ සිට පන්දු යැවීමට කැඳවූවේය. නුවනිඳු ප්‍රනාන්දුව (05) දවා ගත් මුතුසාමි නායකයාගේ බලාපොරොත්තුව අකුරටම ඉටු කළේය.

එතැනින් නොනැවතුණු මුතුසාමි ළහිරු උදාර (09) සහ ජනිත් ලියනගේ (02) කඩුලු දවා ගනිද්දී 17 හැවිරිදි වමත් වේග පන්දු යවන්නා වූ ක්වේනා මපාකා නිපුන් ධනංජයගේ (11) කඩුල්ල දවා ගත්තේය. ඒ වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 61 කට කඩුලු 5 ක් වශයෙන් සටන් වුණු අතර එතෙක් වේලා හොදින්  පන්දුවට පහර දුන් කමිදු මෙන්ඩිස්ද (35) මුතුසාමිගේ ගොදුරක් වූයෙන් ශ්‍රි ලංකා ලකුණු පුවරුව ලකුණු 70 කට කඩුලු 6 ක් අසීරු තත්ත්වයකට පත්විය.

කෙසේ වෙතත් පළමු ඉනිමේ පරිදිම මැද පෙළ ශක්තිමත් කළ රමේෂ් මෙන්ඩිස් ඉනි‌මේ වැඩිම ලකුණු ලාභියා වූයේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ද සමඟින් පන්දු 63 කදී ලකුණු 46 ක් ලබා ගනිමිනි. ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මෙන්ඩිස් දැවී ගියේ මුතුසාමිගේ පස්වැනි  ගොදුර බවට පත් වෙමිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 83 කදී සියලු දෙනා දැවී ලකුණු 325 යි – (ලසිත් කෲස්පුල්ලේ 98, ළහිරු උදාර 42, නුවනිඳු ප්‍රනාන්දු 10, කමිදු මෙන්ඩිස් 28, නිපුන් ධනංජය 13, ජනිත් ලියනගේ (01), ලක්ෂිත මානසිංහ 04, රමේෂ් මෙන්ඩිස් 78, ලසිත් ඇඹුල්දෙණිය 15, මිලාන් රත්නායක 23*, ඩිල්ෂාන් මදුශංක 04, සෙනුරන් මුතුසාමි 122/7,ක්වේනා මපාකා 43/2, ට්‍රිස්ටන් ස්ටබ්ස් 49/1)

දකුණු අප්‍රිකානු ‘ඒ’ පන්දුවාර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 131 යි – (මැතිව් බ්‍රීට්ස්කේ 59*, ීගන් පීටර්සන් 19, ඩෙවල්ඩ් බ්‍රේවිස් 16, ලක්ෂිත මානසිංහ 19/5, ඩිල්ෂාන් මදුශංක 31/3, ලසිත් ඇඹුල්දෙණිය 61/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 38.4 කදි සියලු දෙනා දැවී ලකුණු 151 යි – (රමේෂ් මෙන්ඩිස් 46, ලසිත් ඇඹුල්දෙණිය 10, කමිදු මෙන්ඩිස් 35, නිපුන් ධනංජය 11, සෙනුරන් මුතුසාමි 53/5, ජෙරල්ඩ් කොට්ස් 31/2, ලිසාඩ් විලියම්ස් 16/2)

 

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee