slc
logo
Home   |    News
ජූනි 20, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 290 න් නවතියි

sinhala editor

දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 දා) තවදුරටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉතිරි කඩුලු 3 දී තවත් ලකුණු 33 කින් මුලු ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්හ. ඒ අතරතුරදී රමෙෂ් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම වෙනුවෙන් වූ කැපී පෙනෙනම සිදුවීම බවට පත්විය.

පළමු දින දැවී ගිය කඩුලු 7 න් 5 ක් ම තමන් සතු කරගත් සෙනුරන් මුතුසාමි අද දිනයේදීද කඩුල්ලක් දවා ගනිමින් තම පන්දු යැවීම ලකුණු 101 කට කඩුලු 6 ක් ලෙසින් සටහන් කර ගත්තේය. පළමු තරගයේදීද කඩුලු 12ක් බිඳ හෙළීමට සමත්වූ වමත් දඟ පන්දු යවන්නා මෙතෙක් පන්දු යැවීම ඉනිම 3 කදී දවාගෙන සිටින සමස්ථ කඩුල සංඛ්‍යාව 18 ක් වේ.

තම පළමු පෙළ තරග දිවියේ 18 වැනි අර්ධ ශතකය අද දිනයේ වාර්තා කල රමේෂ් මෙන්ඩිස් පන්දු 123 කදී ලකුණු 62 ක් ලබා ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ හර 5 ක්ද තම ඉනිමට එල්ල කළ රමේෂ් මිලාන් රත්නායක එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් එක් කළහ. දිනයේ පළමු කඩුල්ල ලෙස මිලාන් රත්නායක (35) දැවී ගිය බැවින් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. මෙම කඩුල්ලේ සම්බන්ධතාව ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වූයේ ලකුණු 300 සීමාවට ආසන්නයට සිය පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව රැගෙන ඒමට එය ඉමහත් දායකත්වයක් දැක්වූ බැවිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 75.1 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි  

(පසිදු සූරියබණ්ඩාර 41, නිශාන් මදුශ්ක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 1, ළහිරු උදාර 33. රමේෂ් මෙන්ඩිස් 62, ලක්ෂිත මනසිංහ 13, මිලාන් රත්නායක 35, ප්‍රවීන් ජයවික්‍රම 0, විශ්ව ප්‍රනාන්දු 0*, සෙනුරන් මුතුසාමී 101/6, ලුතෝ සිපම්ලා 36/2, ලිසාඩ් විලියම්ස් 26/1, බෙයර්ස් ස්වෙන්පියෝල් 67/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee