slc
logo
Home   |    News
ජූනි 20, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 290 න් නවතියි

sinhala editor

දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ කොළඹ පී. සරා වල් පිටියේදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 දා) තවදුරටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉතිරි කඩුලු 3 දී තවත් ලකුණු 33 කින් මුලු ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්හ. ඒ අතරතුරදී රමෙෂ් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම වෙනුවෙන් වූ කැපී පෙනෙනම සිදුවීම බවට පත්විය.

පළමු දින දැවී ගිය කඩුලු 7 න් 5 ක් ම තමන් සතු කරගත් සෙනුරන් මුතුසාමි අද දිනයේදීද කඩුල්ලක් දවා ගනිමින් තම පන්දු යැවීම ලකුණු 101 කට කඩුලු 6 ක් ලෙසින් සටහන් කර ගත්තේය. පළමු තරගයේදීද කඩුලු 12ක් බිඳ හෙළීමට සමත්වූ වමත් දඟ පන්දු යවන්නා මෙතෙක් පන්දු යැවීම ඉනිම 3 කදී දවාගෙන සිටින සමස්ථ කඩුල සංඛ්‍යාව 18 ක් වේ.

තම පළමු පෙළ තරග දිවියේ 18 වැනි අර්ධ ශතකය අද දිනයේ වාර්තා කල රමේෂ් මෙන්ඩිස් පන්දු 123 කදී ලකුණු 62 ක් ලබා ගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ හර 5 ක්ද තම ඉනිමට එල්ල කළ රමේෂ් මිලාන් රත්නායක එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් එක් කළහ. දිනයේ පළමු කඩුල්ල ලෙස මිලාන් රත්නායක (35) දැවී ගිය බැවින් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. මෙම කඩුල්ලේ සම්බන්ධතාව ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වූයේ ලකුණු 300 සීමාවට ආසන්නයට සිය පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව රැගෙන ඒමට එය ඉමහත් දායකත්වයක් දැක්වූ බැවිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 75.1 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි  

(පසිදු සූරියබණ්ඩාර 41, නිශාන් මදුශ්ක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 1, ළහිරු උදාර 33. රමේෂ් මෙන්ඩිස් 62, ලක්ෂිත මනසිංහ 13, මිලාන් රත්නායක 35, ප්‍රවීන් ජයවික්‍රම 0, විශ්ව ප්‍රනාන්දු 0*, සෙනුරන් මුතුසාමී 101/6, ලුතෝ සිපම්ලා 36/2, ලිසාඩ් විලියම්ස් 26/1, බෙයර්ස් ස්වෙන්පියෝල් 67/1)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee