slc
logo
Home   |    News
ජූනි 19, 2023
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිල අවසන් පූර්ව වටයට

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.  ජුනි 16 පැවැති ශ්‍රී ලංකාව හා මැලේසියා අතර තරගයත්, බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයත් විසදුමකින් තොරවීම හේතුවෙන් සියලුම කණ්ඩායම්වලට එක් ලකුණ බැගින් ප්‍රදානයවී මූලික වටය නිමාවට පත්විය. එහිදී ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම හා බංග්ලාදේශය ඉදිරියෙන් සිටියහ.

තරගාවලියේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව බංග්ලාදේශය 4.850ක් ලබා සිටින අතර, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම දල ලකුණු ලබා ගැනීමේ වේගය 0.090ක් ලෙස රඳවාගෙන සිටී.

එලෙස ප්‍රසාද ලකුණු පිරිනැමීමත් සමග ශ්‍රී ලංකාව සිටින ‘බී‘ කාණ්ඩයේ බංග්ලාදේශ ඒ කණ්ඩායම පෙරමුණගත් අතර, ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්විය. එම කාණ්ඩයේ සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රසාද ලකුණු 3ක් හා මැලේසියාව ප්‍රසාද ලකුණක් ලබාගත් හෙයින් තරගාවලියෙන් ඉවතට ගියහ.

හොංකොං හී කොව්ලූන් මිෂන් රෝඩ් ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරාජයට පත්කළ අතර, බංග්ලාදේශ ‘ඒ‘ හා මැලේසියාව සමග පැවැති දෙවැනි හා තෙවැනි තරග දෙකම වර්ෂාවට සේදී ගොස් එක් ප්‍රසාද ලකුණ බැගින් පිරිනැමුණි.

‘ඒ‘ කාණ්ඩයේ හොංකොං හා නේපාලය අතර තරගය, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ජුනි 17 වැනිදා කොව්ලූන් මිෂන් රෝඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන අතර, එයින් ජය ගන්නා කණ්ඩායම් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය 19දා හමුවේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, මැලේසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා සත්කාරක හොංකොං යන රටවල් සහභාගී වේ. ‘ඒ‘ හා ‘බී‘ ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය සංවිධානය කොට ඇති අතර, බංග්ලාදේශ ‘ඒ‘, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් ශ්‍රී ලංකා ‘ඒ‘ සමග ‘බී‘ කාණ්ඩයෙන් තරග වදිති. ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ නායකත්වය සත්‍යා සංදීපනීට පැවැරී ඇති අතර, උප නායිකාව ලෙස මල්ෂා ශෙහානී නම්කොට ඇත.

 

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee