slc
logo
Home   |    News
ජූනි 23, 2023
ශ්‍රී ලංකා කාන්තා පිල නොවෙනස්ව නවසීලන්ත තරගාවලියට නම් කරයි

sinhala editor

නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජුනි මස 27 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති.

ජූලි මස 03 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලෝක ශූරතා කාන්තා එක්දින තරගාවලිය සඳහා වන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන්නකි. ඉකුත්දා බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩිකාවන් 15 දෙනාගේ කිසිදු වෙනසක් නොකොට මෙම තරගාවලිය සඳහා කණ්ඩායම නම් කර තිබීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට තරග 9 කට ක්‍රීඩා කොට ඉන් තරග 2 ක ජයද තරග 5 ක පරාජයද ලබා ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැදී සිටින්නේය. ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින නවසීලන්ත කාන්තාවෝ තරග 6 කදී ජයග්‍රහණය 3 ක් වාර්තා කරමින් එම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේය.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියෙන් පසු නවසීලන්ත ක්‍රීඩිකාවෝ කොළඹ පී. සරා ඔවල් පිටියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමග තවත් විස්සයි-20 තරග 3 කට තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වතාවට ඉකුත් මසදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී මුණ ගැසුණු අතර එහිදී තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසද චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල ජයග්‍රහණ වාර්තා කළේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීිෂා දිල්හාරි, ‌ඔෂධී රණසිංහ, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, කාව්‍යා කාවින්දි, ඉමේෂා දූලානි.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar