slc
logo
Home   |    News
ජූනි 10, 2023
අන්තර් පළාත් පළමු ශතකය උතුරු මැද පිළේ මදුරංග ජයලත්ගෙන්

sinhala editor

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් පසු ආරම්භ වුණු අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම උතුරු මැද පළාත් කණ්ඩායම නියෝජජනය කළ මදුරංග ජයලත් පන්දු 96 කදී ලකුණු 133 ක් වාර්තා කිරීමට සමත්විය. උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව අනුරාධපුරයේදී පැවැති මෙම තරගයේද උතුරු මැද පළාත් කණ්ඩායම ලකුනු 257 ක දැවැන්ත තරග ජයක්ද වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ.

පළමුව පන්දුවට පහර දුන් උතුරු මැද පළාත් පිල වෙනුවෙන් ශතකයක් වාර්තා ක පොලොන්නරුව රාජකීය විදුහල නියෝජනය කරනු ලබන මදුරංග ජයලත් සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 15 කින් වර්ණවත් කළේය. ඔහුට අමතරව ආරම්භක පිතිකරු අශාන් ඉසුරංග පන්දු 53 කදී ලකුණු 54 ක් ලබා ගනිමින් උතුරු මැද පළාත් පිල ශක්තිමක් කළේය. මෙම ඉනිම ප්‍රධාන කොට උතුරු මැද පළාත් කණ්ඩායම පන්දුවාර 49.3 ක් අවසනදි සියලු දෙනා දැවී ලකුණු 372 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී උතුරු පළාත් කණ්ඩායමට රැස් කරගත හැකි වුයේ පන්දුවාර 32.3 කදී සියලු දෙනා දැවී ලකුණු 115 ක් පමනි.

උතුරු මැද පළාත් පිල පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 372 යි – (මදුරංග ජයලත් 133, අශාන් ඉසුරංග 54, ඉම්ශාල් සියාර්ඩ් 23, චමල්ක විජේරත්න 47, කවීෂ ලියනාරච්චි 27, තිලිණ චන්දීප 20, දිමන්ත අරෝෂ 23, ුගතාස් මුතුලන් 63/2, ජයචන්ද්‍රන් අස්නාත් 63/2, විග්නේස්වරන් ආකාෂ් 54/2, එස්. සුලක්ෂන් 77/3)

උතුරු පළාත් පිල පන්දුවාර 32.3 කදී සියලු දෙනා දැවී ලකුණු 115 යි – (අනන්තන් කජන් 32, එම්. ජේ. සජිත් 25, කවිඳු ගිහාන් 29/4, තිලිණ චන්දීප 15/2 ප්‍රවීන් ප්‍රභාරන් 22/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee