slc
logo
Home   |    News
ජූනි 11, 2023
ක්‍රීඩකයින්ගේ හෝටල් පහසුකම් පමාවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිළි කිරීමක්

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නවාතැන් ගැනීම සඳහා නියමිතව සිටි හෝටලයට අතුලු කිරීමේ (Check-In) ක්‍රියාවලියේදී සිදුවූ ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.

එම පැහැදිළි කිරීමට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (11 වැනිදා) දහවල් කාලයේ බුලවායෝහි නවතැන් ගනු ලබන හෝටල් පරිශ්‍රය වෙත පැමිණෙන අවස්ථාව වන විටත් තවත් ජාතික කණ්ඩායමක ක්‍රීඩකයින් හෝටලයට ඇතුළු වීමේ ක්‍රියාවලියේ නිරත වී තිබෙන බව මේ පිළිබඳව සිදුකරන ලද කරුණු විමර්ෂණයේදී අනාවරණය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියි.

මෙම තත්ත්වය මත කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනෙකුට කාමර පහසුකම් ලබා දීම ප්‍රමාද වී තිබෙන අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හෝටල් කලමනාකාරීත්වයට දැනුම් දීමෙන් පසු ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී එම ගැටලුව නිවැරදි කිරීමට එම කලමනාකාරීත්වය පියවර ගෙන තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee