slc
logo
Home   |    News
ජූනි 22, 2023
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට ලකුණු 324 ක ඉලක්කයක්

sinhala editor

BY CHAMILA KARAWITA

මිනෝද් භානුක (130) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 113) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 263 ක දැවැන්ත කඩුලු සම්බන්ධතාව පෙරටු කොට හැකිනම් ලබා ගන්නා ලෙස පන්දුවාර 75 කදී ලකුණු 324 ක අභියෝගයක් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ අද (22 දා) පෙරවරුවේදී දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම හමුවේ ලබා දුන්හ.

කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන මෙම දෙවැනි සිව්දින තරගයේ දිවා භෝාජනය සඳහා තරගය නිමා කරන විට එම ලකුණු සංඛ්‍යාව හඹා යමින් සිටි දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවෝ කිසිවකු නොදැවී ලකුණු 31 ක් ලබා සිටියහ. නායක ටෝනි ඩි සෝර්සි ලකුණු 19 ක් සහ මැතිව් බ්‍රිට්ස්කි ලකුණු 08 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

අද උදෑසන කාල සීමාවේදී සිදුවූ සුවිශේෂීතම සිදුවීම වූයේ පෙර දිනයේ අර්ධ ශතක ලබා සිටි මිනෝද් භානුක සහ පසිදු සූරියබණ්ඩාර දෙදෙනාම ශතක වාර්තා කිරීමට සමත්වීමයි. මේ අතරින් පෙරමුණ ගත් මිනෝද් භානුක මුහුණ දුන් 154 පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගනිද්දී ඊට පන්දු 43 කට පසු පසිඳු ශතකය වාර්තා කර ගත්තේය.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට පමණක් නොව ඔවුන් සතු ප්‍රධානම දඟ පන්දු යවන්නා වුණු සෙනුරන් මුතුසාමිගේ දඟ පන්දුව හමුවේ ක්‍රීඩාංගණයේ සෑම අන්තයකටම පන්දුව යවමින් ලකුණු රැස් කළ දකුණත් පිතිකරුවා පසිඳු, මුහුණ දුන් 129 වැනි පන්දුවේදී ශතකය වාර්තා කර ගත්තේය.

මිනෝද් භානුකගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම හමාර කරන විට ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 327 ක් ලෙසින් සටහන් විය. පළමු ඉනිමේ ලද ලකුණු 4 ක වාසියද සමග නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කර ඇති දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට මෙම තරගය ජය ගැනීමට නම් තවත් කඩුලු 10 ක් ඇතුළතදී ලකුණු 293 ක් ලබා ගත යුතු වේ.

තම පළමු ‘ඒ’ තරගයට ක්‍රීඩා කරමින් සිටින පසිඳු ලකුණු 113 කින් සමන්විත වටිනා ශතකය සදහා පන්දු 147 කට මුහුණ දී සිටියේය. ඉන් දෙවතාවක් හතරේ සීමාවට ඉහළින් පන්දුව යැවූ දකුණත් පිතිකරුවා අවස්තා 12 කදී පන්දුව හතරේ සීමාව ඉක්මවා ලීමට සමත්වූවේය. ඔහු පළමු ඉනිමේදීද ලකුණු 41 ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

පසිඳු පන්දුවට පහර දෙන තෙක්ම අනෙක් අන්තයෙන් රැදී සිටි මිනෝද් භානුකගේ ඉනිම ලිසාඩ් විලියම්ස් විසින් ලකුණු 130 දී නිමාවට පත් කළේය. පන්දු 207 කින් සමන්විත වුණු භානුක තම ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගත්තේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව ක්‍රීඩා කළ පළමු ඉනිම 3 දී කඩුලු 18 ක් දවා ගැනීමට සමත් වුණු ඔවුන් සතු ප්‍රධානම දඟ පන්දු යවන්නා වන සෙනුරාන් මුතුසාමිට එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අවස්ථාව ලබා නොදීම කැපී පෙනෙයි. ඔහු ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 30 න් ලකුණු 121 ක් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ උදුරා ගනු ලැබුවේ පන්දුවාරයකට ලකුණු 4.03 ක වේගයක්ද රදවා ගනිමිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 75.1 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි – (පසිදු සූරියබණ්ඩාර 41, නිශාන් මදුශ්ක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 1, ළහිරු උදාර 33. රමේෂ් මෙන්ඩිස් 62, ලක්ෂිත මනසිංහ 13, මිලාන් රත්නායක 35, ප්‍රවීන් ජයවික්‍රම 0, විශ්ව ප්‍රනාන්දු 0*, සෙනුරන් මුතුසාමී 101/6, ලුතෝ සිපම්ලා 36/2, ලිසාඩ් විලියම්ස් 26/1, බෙයර්ස් ස්වෙන්පියෝල් 67/1)

දකුණු අප්‍රිකානු ‘එ’ පිල පන්දුවාර 84.3 කදී සියලු දෙනා දැවී ලකුණු 294 යි – (ටෝනි ද සෝර්සි 0, මැතිව් බ්‍රිට්ස්කි 10, ට්‍රිස්ටන් ස්ටබ්ස් 117, කීගන් පීටර්සන් 50, සුබයර් හම්සා 46, කයිල් වෙරයියන් 38*, සෙනුරන් මුතුසාමි 10, බෙයර්ස් ස්වෙන්පෝල් 4, ලිසාඩ් විලියම්ස් 2, ලුතෝ සිපම්ලා 1, ෂෙපෝ මොරෙකි 0, විශ්ව ප්‍රනාන්දු 45/3, ලක්ෂිත මනසිංහ 48/3, ප්‍රවීන් ජයවික්‍රම 102/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 83.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 3270 යි – (නිශාන් මදුෂ්ක 40, ලසිත් කෲස්පුල්ලේ 30, මිනෝද් භානුක 130, පසිදු සූරියබණ්ඩාර 113*, ෂෙපෝ මොරෙකි 33/1, ට්‍රිස්ටන් ස්ටබ්ස් 68/1, ලිසාඩ් විලියම්ස් 52/1)

දකුණු අප්‍රිකානු ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 8 කදී කිසිවකු නොදැවී ලකුණු 31 යි – (ටේනි ඩි සෝර්සි 18(, මැතිව් බ්‍රිට්ස්කි 08*)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee