slc
logo
Home   |    News
ජූනි 21, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ වාසිය තමන් වෙතට හරවා ගනිති

sinhala editor

BY CHAMILA KARAWITA

ලකුණ 04 ක් පිටුපසින් සිට නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදී තෙවැනි දිනය වූ අද (21 වැනිදා) තරගය නිමා කරන විට කඩුලු 8 ක් අතැතිව ලකුණු 226 කින් පෙරමුණ ගනිමින් තරගයේ වාසිය යළිත් තමන් වෙතට හරවා ගැනීමට සමත්වී සිටියහ.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් කඩුල්ල අර්ධ ශතක සම්බන්ධතාවක්ද සමඟ ලකුණ 157 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නංවා සිටින මිනෝද් භානුක (79) සහ පසිඳු සූරියබණ්ඩාර (73) දෙදෙනාම  හෙට දිනයේදීත් දකුණු අප්‍රිකානු ‘ඒ’ පන්දු යවන්නන් හමුවේ සිය පිත්ත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් පසු වෙති.

නිශාන් මදුෂ්ක (40) සහ ලසිත් කෲස්පුල්ලේ (30) දෙදෙනා එක්ව ලබා දෙන ලද ලකුණු 73 ක ආරම්භක කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාව සමග දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන්ගේ දක්ෂතා හේතුවෙන් දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 230 ක් ලබා ගැනීමට සමත්විය.

ලකුණු 11 ක් ඇතුළත මදුෂ්ක සහ කෲස්පුල්ලේ දෙදෙනාම දැවී ගිය නමුත් පිටියට එක් වූ මිනෝද් භානුක පන්දු 135 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 79 ක්ද පසිඳු සූරියබණ්ඩාර පන්දු 97 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟින් ලකුණු 73 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6 ක් දවා ගත් සෙනුරන් මුතුසාමි ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 63 න් පන්දුවාාර 26 ක්ම ක්‍රියාත්මක කළද ‘රෑ වැටුණු වළේ දවල් නොවැටීමට’ ශ්‍රී ලංකා පිතිකරුවෝ වග බලා ගත්හ. මුතුසාමිගේ පන්දුවාර 26 දී පන්දුවාර 5 ක් නිලකුණු වශයෙන් තබා ගැනීමට අවස්ථාව ලබා දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉතිරි පන්දුවාර 21 න් පන්දුවාරයකට ලකුණු 4.72 කට ආසන්න වේගයක් රඳවා ගනිමින් ලකුණු 99 උදුරා ගත්හ.

තරගය ඇරැඹි උදෑසන ලකුණු 07 ක් ඇතුළත දකුණු අප්‍රිකානු ‘ඒ’ පළමු ඉනිමේ ඉතිරි කඩුලු 4 ම දවා ගැනීමට ලක්ෂිත මනසිංහ සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනා සමත් වූහ. එබැවින් දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට පෙරමුණ ගත හැකි වූයේ ලකුණු 4 කින් පමණි.

කඩුලු 6 කට ලකුණු 287 ක් තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලේ අද උදෑසනම දැවී ගියේ බෙයර්ස් සෙන්පෝල් (04)ය. ඔහුට අද දිනයේදී එකම ලකුණක් හෝ ලබා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම ඉඩ පහස විවර කර නොදුනනේය. ලෙග් ස්ලිප් ස්ථානයේ පන්දු රැකි පසිඳු සූරියබණ්ඩාර විසින් ස්වෙන්පෝල් දවා ගැනීම වෙනුවෙන් දක්ෂ උඩපන්දුවක් රැක ගත්තේය.

අනතුරුව කඩුලු දඩයම ඇරැඹූ ජයවික්‍රම නැවතත් ලිසාඩ් විලියම්ස් දවා ගත්තේ පා ඉන්න පැත්තෙන් වූ එළන ලද උගුලකට හසුර කර ගැනිමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ලක්ෂිත මනසිංහ දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිමේ ඉතිරි කඩුලු 2 දවා ගනිමින් මෙවර තරගාවලියේ දෙවැනි වතාවත් කඩුලු 5 ක් දවා ගත්තේය. ඒ අනුව මානසිංහ මේ වන විට ඉනිම තුනකදී දවා ගෙන සිටින මුලු කඩුලු සංඛ්‍යාව 12 කි.

ප්‍රවීන් සහ මනසිංහ දකූනු අප්‍රිකානු ‘ඒ’ ඉනිමේ පසුපෙළට අභියෝග එල්ල කරද්දී පෙර දිනයේදී ලකුණු 34 ක් ලබා පවුරක් සේ නොසැලී සිටි කයිල් වෙරයියන්ට කළ හැකි කිසිවක් නොවීය. ඔහු අද දිනයේ ලද ලකුණු 7 න් 4 ක් පමණක් ලබාගෙන තම අන්තය ආරක්ෂා කර ගද්දී සංචාරකයින්ගේ ඉනිම පන්දුවාර 84.3 කදී ලකුණු 294 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

දකුණතින් පිට දඟ පන්දු යවන ලක්ෂිත මනසිංහ කොළඹ නාලන්දා විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ සිටියි. මේ වන විටත් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන මනසිංහ 2019 වසරේදී ‌දක්ෂතම පාසල් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේය. පළමුව ඔස්ටේලියානු ‘ඒ’ පිලට එරෙහිව හම්බන්තොට දී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’ තරගාවලියේදී ‘ඒ’ වරම් ලද මනසිංහ එම තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා බවට පත් වන්නේය. එම දක්ෂතා මත ඊට පසු ටෙස්ට් තරග 2 ක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කරනු ලැබීය.

ටෙස්ට් වරම් දිනා ගැනීමට අපොහොසත් වුවත්, ඔහු අනතුරුව එංගලන්ත ලයන්ස් පිල ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයේදී වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් තේරීම් කමිටුවේ වැඩි විශ්වාසයක් දිනා ගැනීමට මනසිංහ සමත්ව සිටියි. මෙම තරගාවලියේ තවත් ඉනිමක් ඉතිරිව තිබියදීම වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේ ද මනසිංහ වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 75.1 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි  

(පසිදු සූරියබණ්ඩාර 41, නිශාන් මදුශ්ක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 1, ළහිරු උදාර 33. රමේෂ් මෙන්ඩිස් 62, ලක්ෂිත මනසිංහ 13, මිලාන් රත්නායක 35, ප්‍රවීන් ජයවික්‍රම 0, විශ්ව ප්‍රනාන්දු 0*, සෙනුරන් මුතුසාමී 101/6, ලුතෝ සිපම්ලා 36/2, ලිසාඩ් විලියම්ස් 26/1, බෙයර්ස් ස්වෙන්පියෝල් 67/1)

දකුණු අප්‍රිකානු ‘එ’ පිල පන්දුවාර 84.3 කදී සියලු දෙනා දැවී ලකුණු 294 යි

(ටෝනි ද සෝර්සි 0, මැතිව් බ්‍රිට්ස්කි 10, ට්‍රිස්ටන් ස්ටබ්ස් 117, කීගන් පීටර්සන් 50, සුබයර් හම්සා 46, කයිල් වෙරයියන් 38*, සෙනුරන් මුතුසාමි 10, බෙයර්ස් ස්වෙන්පෝල් 4, ලිසාඩ් විලියම්ස් 2, ලුතෝ සිපම්ලා 1, ෂෙපෝ මොරෙකි 0, විශ්ව ප්‍රනාන්දු 45/3, ලක්ෂිත මනසිංහ 48/3, ප්‍රවීන් ජයවික්‍රම 102/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 63 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 230 යි – (නිශාන් මදුෂ්ක 40, ලසිත් කෲස්පුල්ලේ 30, මිනෝද් භානුක 79*, පසිදු සූරියබණ්ඩාර 73*, ෂෙපෝ මොරෙකි 19/1, ට්‍රිස්ටන් ස්ටබ්ස් 42/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee