slc
logo
Home   |    News
ජූනි 20, 2023
ශ්‍රී ලංකා පිතිකරණ අංශය දැන් ඉතා ශක්තිමත් – සදීර සමරවික්‍රම

sinhala editor

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිස සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ අංශය ඉතා ශක්තිමත් බව සදීර සමරවික්‍රමගේ අදහස වේ. එය  එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී මනා ලෙස තහවුරු කළ බව සදීර සමරවික්‍රම සදහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ මොහොත වෙද්දී හොද තත්ත්වයක සිටින බවත්, මෙහි ඉදිරි තරගවලදී වගකීම් සහගත පිතිකරණයක් ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දක්නට හැකි බවත් සදීර සමරවික්‍රම සඳහන් කළේය.

හෙතම මේ බව සඳහන් කළේ බුලවායෝ හී ඊයේ නිමාවට පත්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය. මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 175ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය. මෙම තරගයේදී මුල්පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය හා වනිඳු හසරංගගේ අතිවිශිෂ්ට පන්දු යැවීම ශ්‍රී ලංකාවට විශාල වාසියක් ගෙන දුන්නේය.

පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් අර්ධ ශතක රැස්කර ගත් අතර, නොතිබූ ලකුණක් කරා වේගයෙන් දිව යාමට උත්සාහ දැරූ සදීර සමරවික්‍රම අවාසනාවන්ත ලෙස දැවී යන විට ලකුණු 73ක් රැස්කර තිබිණි. පන්දු 64කට මුහුණ දුන් සදීර හතරේ පහර 9ක් එල්ල කළ අතර, කුසල් මෙන්ඩිස් සමග තෙවැනි කඩුල්ලට පන්දු 79කදී ලකුණු 105ක සබඳතාවක්ද ගොඩනැගීය.

“ ශ්‍රී ලංකාවේ තණතිලිවලට වඩා යම් යම් වෙනස්කම් බුලවායෝ හී දකින්න පුලුවන්. ඉදිරි තරගවලදීත් ඒ වෙනස්කම් සහිත තණතිලි අපි බලාපොරොත්තු වෙනවා. අපට අවශ්‍ය වුණා මේ පළමු තරගය උසස් මට්ටමකින් නිමා කරන්න. අපේ ඉලක්කය සෑම තරගයකදීම ලකුණු 300 සීමාව පසු කිරීමටයි. එක්සත් අරාබිය එමීර් කණ්ඩායමට එරෙහි බුලවායෝ තණතිල්ල පිතිකරුවන්ට ගොඩක් හොද වුණා. ඒ නිසා අපේ ඉලක්කයට යන්න පහසු වුණා. මගේ අදහස වුණේ හැම ඕවරයකටම හතරේ 2ක් ගන්න. මොකද ඉනිම අවසන් වෙද්දී හොද වේගයක් ගන්න අපේ පවර් හිටර්ස්ලා ඉන්න නිසා. අපේ සැලසුම සාර්ථක වුණා“ සදීරසමරවික්‍රම සඳහන් කළේය.

සදීර සමරවික්‍රමගේ දුවද්දී දැවී යෑම පිළිබඳ මාධ්‍යවේදියෙකු නෑගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසූවේ එය තමන් අතින් වූ අතපසුවීමක් බවය.

“ මට ශබ්දයක් ඇහුණා දුවමු දුවමු කියනවා. ඉතිං මම දිව්වා. නමුත් අනික් පැත්තේ පිතිකරු චරිත් අසලංක දුවමු කියලා නෑ. ඒ දුවද්දී දැවී යෑම මගේ අතපසුවීමකින් සිදුවූ දෙයක්“ සදීර සමරවික්‍රම සිනාමුසු මුහුණින් හා ඉතාම සැහුල්ලුවෙන් පිළිතුරු දුන්නේය.

“ඔව් ශතකය අහිමිවීම පිළිබඳ යම් පසුතැවීමක් තියෙනවා. නමුත් මේ දක්ෂතාව ගැන මා ඇත්තටම ගොඩක් සතුටට පත් වෙනවා. ලොකු පරතරයකින් තරගය ජයග්‍රහණය කිරීම ලොකු සතුටක්“ සධීර පැවැසීය.

“වනිදු හසරංග ලෝක මට්ටමේ පන්දු යවන්නෙක්. දැනට ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නන්ගෙන් කෙනෙක්. ඔහු ඉතාම හොද සේවයක් කරනවා. දවසින් දවස ඔහුගේ සේවය විශිෂ්ඨයි. ඔහු අපේ කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නා. ඔහුගේ සේවය අපට මේ තරග ජයග්‍රහණයට ඉතා වැදගත් වුණා“ සධීර සමරවික්‍රම සඳහන් කළේය.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee