ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පැමිණෙද්දී ශ්‍රී ලංකා පිලට තිබූ ඉලක්ක දෙකම සම්පූර්ණ කරගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. නෙදර්ලන්තයට එරෙහිව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසූවේ තම කණ්ඩායමේ අපේක්ෂාවන් සපුරාලීමට පියවර ගත් ආකාරය සම්බන්ධයෙන් සියලු ක්‍රීඩකයින්ට ප්‍රශංසා හිමි වන බවය.
“අපේ පළමු ඉලක්කය වූයේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමයි. මුලින්ම ඒ ඉලක්කය සාර්ථක කර ගත්තා. ඊළඟ ඉලක්කය වූණේ අවසන් තරගය ජයග්‍රහණය කිරීමයි. දෙකම ඉටු වුණා. ඒ සදහා කැප වූ සියලු ක්‍රීඩකයින්ට ස්තුතිවන්ත විය යුතුයි. පැහැදිලිවම මේ තරගාවලියේදී අපට මුලදී පීඩනයක් එල්ල වුණා. මොකද ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ එකම බලාපොරොත්තුව බව අප දැන සිටියා. ඒ නිසා අපිට සතුටින් ශ්‍රී ලංකාවට යන්න පුළුවන් කියලා මම හිතනවා” සිල්වර්වුඩ් මහතා පැවසීය.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව හරාරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 128 ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල අපරාජිත කණෟඩායමක් ලෙස කුසලානය දිනා ගැනීමට සමත් විය. එම අවසන් තරගය ද සමග ශ්‍රී ලංකා පිල පිට පිට එක්දින තරග 10ක් දිනා ගත් හෙයින් එය වාර්තාවක් සම කිරීමකි. දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මෙම දස්කම දැක්වූ අතර, අඛණ්ඩව එක්දින තරග 10ක් ජය ගත් තෙවැනි අවස්ථාව ලෙස ද වාර්තා අතරට එක් විය. මින් පෙර මාවන් අතපත්තු 2004 වසරේදී හා ඇන්ජලෝ මැතිව්ස් 2013 – 2014 වසරවලදී අඛණ්ඩව තරග 10ක් ජය ගැනීමට නායකත්වය ලබා දුන්නේය.
ශ්‍රී ලංකා පිලේ තරුණ පන්දු යවන්නන් වන ඩිල්ෂාන් මධුශංක, මහේෂ් තීක්ෂණ හා වනිඳු හසරංග යන ක්‍රීඩකයින්ගේ දක්ෂතා සම්බන්ධයෙන් ද ක්‍රිස් සිල්වර්වුඩ් මහතා විශේෂ සදහනක් කළේය. නෙදර්ලන්තයට එරෙහි අවසන් තරගයේදී ඩිල්ෂාන් මධුශංක ලකුණු 18කට කඩුලු 3ක්, මහේෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 4ක් හා වනිඳු හසරංග ලකුණු 35කට කඩුලු 2ක් බිදහෙලා දස්කම් දැක්වීය.
මේ සමග හසරංග තරගාවලිය නිමා කළේ කඩුලු 22ක් ලබා ගනිමින් වන අතර, තීක්ෂණ කඩුලු 21ක් සටහන් කළේය. මෙවැනි තත්ත්වයක් තුල ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉන්දියාවේදී දස්කම් අතරට පැමිණීමේ පහසුවක් ඇතිවන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා විශ්වාසය පළ කළේය.
“අපේ යොවුන් පන්දු යවන්නන් ප්‍රදර්ශනය කර ඇති දස්කම් පිළිබඳ සතුටු විය හැකියි. ඔවුන්ට විශාල හැකියාවක් ඇති බව මේ තරගාවලියේදී ඔප්පු කළා. විශාල අනාගතයක් ඇති ඔවුන් අපේ දඟ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කළා. පන්දු යැවීමේ ඒකකයක් ලෙස අපේ සාර්ථකත්වය දැක්කා. සිම්බාබ්වේ එන්න කලින් ඇෆ්ගනිස්තානයට එරෙහිව හොඳ තරගමාලාවක් නිමා කළා. අපේ පන්දු යවන්නන් එම තරගාවලියේ ඉතා හොඳින් පන්දු යැව්වා. ඔවුන් එම වේගය මෙම තරගාවලියට රැගෙන ආවා. අපේ පන්දු යවන්නන් කඩුල්ලෙන් කඩුල්ලට පන්දු යැවීමෙන් වැඩි ප්‍රතිළුල ගත්තා” ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවසීය.
“අපි බැට් කරන කොට දැක්කා තණතිල්ල කොහොමද කියලා. කණ්ඩායම සමග අපගේ සැලැස්ම ඉදිරියට යන විට සාර්ථක ප්‍රතිළුල ගන්න පුලුවන්. මට අවශ්‍ය මේ වේගය ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට ගෙන ඒමටයි. අපි පසුගිය වසර දෙක තුළ ඉන්දියාවේ බොහෝ තරග ක්‍රීඩා කර ඇති නිසා එහි කඩුලු හැසිරෙන ආකාරය ගැන අවබෝධයක් තියෙනවා. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අප වර්ධනය කර පෙන්වූ විශ්වාසය ඉන්දියාවේදී ඉදිරියට ගෙන යා හැකි යැයි මා විශ්වාස කරනවා“ සිල්වර්වුඩ් මහතා සඳහන් කළේය.