slc
logo
Home   |    News
ජූලි 20, 2023
ආසියානු කුසලානේ දින තීන්දුයි – ශ්‍රී ලංකාවේ පළමු සටන අගෝස්තු 31 වැනිදා

sinhala editor

රටවල් 6 කගේ සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි.

පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගයද ඇතුළුව තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර තරග 4 ක් පාකිස්තානයේ පැවැත්වෙනු ඇත. තරග 13 කින් සමන්විත මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 2 කදී ද පාකිස්තානු ක්‍රීඩාංගණ දෙකකදී ද පැවැත්වෙනු ඇත.

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ තරග සචාරය කිරීමට අකමැත්ත පළ කිරීම නිසා තරගාවලියේ කොටසක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යෙදිණ. තරගාවලියේ සමාරම්භ අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාල අතර තරගයෙන් මුල්තාන්හිදී පැවැත්වෙනු ඇත. ඉතිරි තරග 3 ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග 9 අතුරින් මූලික වටයේ තරග 3 ක් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද අවසන් මහ තරගය ඇතුළු සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටයේ තරග 6 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු 31 වැනිදා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය පළමු ආසියානු කුසලාන සටන ආරම්භ කරද්දී ඉන්දියාව සැප්තැම්බර් මස 02 වැනිදා පල්ලේකැලේදී පාකිස්තානු කණ්ඩායම මුණ ගැසෙනු ඇත. ලොව ක්‍රියාත්මක ක්‍රිකට් තරග අතර වැඩිම අවධානයක් යොමුවන තරගයක් බවට පත්වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් අනතුරුව මෙම කණ්ඩායම් දෙක සුපිරි කන්ඩායම් 4 අතර තරගය වටයට සුදුසුකම් ලදහොත් ඔවුන් නැවතත් සැප්තැම්බර් 10 වැනිදා නැවත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික තරග වටය යටතේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ලබන අතර එහිදී ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය තරග වදිනු ඇත.

තරග කාල සටහනට අනුව ඉන්දියාව සහ පාකිස්තානය ‘ඒ’ 1 සහ ‘ඒ’ 2 වශයෙන් පිළිවෙළින් නම් කර තිබෙන අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ‘බී’ 1 සහ ‘බී’ 2 වශයෙන් නම් කර තිබේ. මෙහිදී නේපාලය හෝ ඇෆ්ගනිස්තානය අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලබා ගැනීමට සමත්වන්නේ නම් ඉහතින් නම් කරන ලද කණ්ඩායම් වල නම් වලට ආදේශ කෙරෙනු ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වර්තමාන ශූරයින් වන්නේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමය වේ. ඔවුන් අවසන් වතාවට 2022 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියේදී පාකිස්තානු පිල අවසන් මහ තරගයේදී පරාජයට  පත් කරමින් ආසියානු ශූරයින් ලෙසින් කිරුළු පැළඳූහ.

අගෝස්තු 30 – පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

අගෝස්තු 31 – බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 02 – පාකිස්තානය සහ ඉන්දියාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 03 – බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 04 – ඉන්දියාව සහ නේපාලය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 05 – ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය

සැප්තැම්බර් 06 – A1 සහ B2 අතර තරගය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 09 – B1 සහ B2 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 10 – A1 සහ A2 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්ර් 12 – A2 සහ B1 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 14 – A1 සහ B1 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 15 – A2 සහ B2 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 17 – අවසන් මහ තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 18 – අවසන් මහ තරගය සඳහා අතිරේක දිනය

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee