ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු 2023 ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කිරීම සදහා ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජතයින් මේවන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
දෙපිරිස අතරින් පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජිතයින් අද (ජූලි 20) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ආසියානු ක්‍රිකට් නිලධාරීහු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. ඔවුන් කල්තියාම ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු සිදකිරීම සඳහාය.
ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජිතයින් ආසියානු කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වන මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ දෙකෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.
එම නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජිතයින් ආසියානු කුසලාන ක්‍රිකට් තරාවලියට සූදානම්වීම සම්බනන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වීමටද නියමිතය.
2023 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන එළි දක්වා දිනක කාලයක් ඇතුළත මෙම නියෝජිතයින් පිරිස සංචාරයට සහභාගිවීම කැපී පෙනෙයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන මෙම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දුවාර 50 එක්දින ශූරතාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත. එම තරගාවලිය දෙමුහුං තරගාවලියක් හෙවත් තරග 4 ක් පාකිස්තානයේදීද අවසන් මහ තරගය ඇතුළුව තරග 9 ක් ශ්‍රී ලංකාවේදීද පැවැත්වෙනු ඇත.