slc
logo
Home   |    News
ජූලි 25, 2023
ඉදිරියේදී අප මීට වඩා ක්‍රමවත් වේවි – නවීඩ් නවාස්

sinhala editor

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර ගැනීමට නම් පාකිස්තානය මුල් ඉනිමේදී ඉක්මනින්ම දවා ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ලකුණු 350ක පමණ ප්‍රමාණයක්වත් ලබාගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කර සිටියි. දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය අවසානයේ නවාස් මහතා තරගයෙන් පසුව මෙම අදහස් ප්‍රකාශ කළේය.

“ප්‍රථම දිනයේදී මේ තරගයෙන් ඉදිරියෙන් සිටීමට තිබූ අවස්ථාවක් අප වෙතින් ගිළිහී ගියේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනුයි. අප කඩුලු හතරකට ලකුණු 136ක් ලබා සිටි අවස්ථාවේ පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල්ට එම සබඳතාවය ලකුණු 220ක් කරාගෙන යාමට හැකි වූයේ නම් අපට මේ තරගයේ ඉදිරියෙන් පසුවිය හැකි ලකුණු ප්‍රමාණයකට යාමට තිබු බව ද“ නවීඩ් නවාස් කීවේය.

එස්.එස්.සී. තණතිල්ලේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ගත් තීරණය අවාසියට හේතුවූවා දැයි විමසූ විට ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ප්‍රකාශ කළේ එස්.එස්.සී. තණතිල්ලේ අසීරුම අවස්ථාවන්නේ ප්‍රථම දිනයේ පළමු පැය දෙක සහ අවසාන දිනය තුළ පන්දුවට පහරදීම බවත් ක්‍රීඩකයනගේ කැමැත්ත වූයේ කාසියේ වාසිය දිනුවා නම් අසීරුවෙන් හෝ ප්‍රථම දින මුල් පැය දෙකට හොඳින් පන්දුවට පහරදී අවසාන දිනයේ පන්දුවට පහරදීම පාකිස්තානයට පැවරීම බව ද කීවේය.

පිතිකරුවන් දෙදෙනකුගේ දැවී යාම් හැර සෙසු අයගේ දැවී යාම් අනවශ්‍ය ලෙස කලබලවීම මත සිදු වූ දැවී යාම් බව කී නවීඩ් නවාස් මෙවැනි සිදුවීම් අප ඉදිරියේදී නිවැරැදි කරගත යුතුව ඇතැයි ද කීවේය.

ප්‍රබලම පිතිකරුවන් හත්දෙනකුම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළත් අඩු ලකුණු සංඛ්‍යාවකට මුල් ඉනිමේදී සීමාවීම කණගාටුවට කරුණකැයි පුහුණුකරු අපට ඉදිරියේදී ඔවුන්ගෙන් දක්ෂතා අපේක්ෂා කළ හැකි බව ද කීය.

ධනංජය ද සිල්වා ගාල්ලේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේදීත් මෙහි ප්‍රථම ඉනිමේදීත් ලකුණු අතරට පිවිසීම සුබදායි කරුණකැයි පැවසූ නවීඩ් නවාෂ් අඩු වේගවත් දඟපන්දුවලට වාසිදායි තණතිලිවල ධනංජය හොඳින්ම ලකුණු රැස් කරන බව ද පැවසීය.

පාකිස්තානයේ පන්දු යවන්නන් මේ තරගයේදී හොඳින්ම පන්දු යවා ශ්‍රී ලංකා ඉනිම අඩු සංඛ්‍යාවකට සීමා කළේ පාකිස්තාන පන්දු රකින්නන් අතර හිඩැස් ඇතිකර ශ්‍රී ලංකා පිතිකරුවනට පහරවල් කරායෑමට උනන්දු කිරීමේ උපක්‍රමය යොදා පිතිකරුවන් උඩපන්දුවලින් දවා ගැනීමෙන් බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි දින කිහිපයේ ගෞරව අත්කර ගැනීමට නම් ඉක්මනින් පාකිස්තාන මුල් ඉනිම නිමකර අප දෙවන ඉනිමේදී ලකුණු 350ක ප්‍රමාණයක් කරා යායුතුව ඇතැයි ද නවීඩ් නවාස් කියයි.

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest