slc
logo
Home   |    News
ජූලි 23, 2023
ඉන්දු – පාකිස්තාන් අවසන් මහ තරගය නැරඹීම නොමිලේ

sinhala editor

ආසියානු ක්‍රිකට් කුවන්සිලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23 දා) ක්‍රිකට් පිටියේ ප්‍රබලතම එදිරිවාදීන් බවට පත්ව සිටින ඉන්දියාව සහ පාකිස්තාන නැගීඑන කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ. මෙම තරගය පව. 2.00 ට ආරම්භ වනු ඇත.

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ අවසන් පූර්ව තරග වලදී ශ්‍රී ලංකා ඒ පිලට එරෙහිව පාකිස්තානු ඒ පිල ද බංග්ලාදේශ ඒ පිලට එරෙහිව ඉන්දීය ඒ කණ්ඩායමද ජය වාර්තා කරමින් අවසන් මහ තරග වරමට පිවිසියහ.

ඉකුත් වසරේ වීරයින් බවට පත්ව සිටින පාකිස්තානු කණ්ඩායම, සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවුදරටත් රඳවා ගැනීමේ අදිටනින් අද තරගයට අවතීර්ණ වද්දී මීට අවඅරුදු 10 කට පෙර අවසන් වතාවට එම ශූරතාව දිනා සිටින ඉන්දියාව යළිත් වතාවක් ශූරතාව දිනා ගැනීමේ‌ අදිටනින් තරග බිමට පිවිසෙති.

මෙම තරගයද තරගාවලියේ පෙර තරග පරිදිම ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීමට අවකාශ සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. ඒ අනුව තරගය නැරඹීමට කැමැති ක්‍රීඩා ලෝලීන් සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දොරටු විවෘතව තැබෙනු ඇත.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest