slc
logo
Home   |    News
ජූලි 6, 2023
එක්දින පිල නොවෙනස්වම විස්සයි-20 තරගාවලියටත්

sinhala editor

නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජූලි මස 08 වැනිදා කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති.

ජූලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරග 3 කින් සමන්විත තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉකුත්දා නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොමැත. නවසීලන්තය සඳහා නම් කරන ලද කණ්ඩායමද ඊට පෙර පැවැති බංග්ලාදේශ කාන්තා පිලට එරෙහි තරගාවලියට නම් කරන ලද කණ්ඩායමම වීම කැපී පෙනෙන අතර තරගාවලි 3 ක් සඳහා නම් කරන ලද කණ්ඩායම් 3 ම එකම හෝ වෙනස් කමක් සිදු නොකිරීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට අමතරව ඉතිහාසයේ පළමු වතාවට ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත පිලට එ‌රෙහි තරගාවලියද 2-1 ක් ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේය. මෙම තරග 3 ම කොළඹ පී, සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ජූලි 10 සහ 12 යන දිනවලදීද පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීිෂා දිල්හාරි, ‌ඔෂධී රණසිංහ, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, කාව්‍යා කාවින්දි, ඉමේෂා දූලානි.

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee