ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (9) නිමාවූ තරග 6කදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. මුවර්ස් පිටියේ පැවැති මුවර්ස් – බ්ලුම්ෆීල්ඩ් තරගයෙන් බ්ලුම්ෆීල්ඩ් පිල කඩුලු 4ක ජයක්, මග්ගොන සරේ පිටියේ පැවැති හලාවත මේරියන්ස් – බදුරලිය අතර තරගයෙන් බදුරලිය පිලට කඩුලු 10ක ජයක්, සීසීසී පිටියේ පැවැති සීසීසී – ගාලු ක්‍රිකට් සමාජය අතර තරගයෙන් සීසීසී පිලට ලකුණු 214ක ජයක්, පොලිස් පිටියේ පැවැති ටැමිල් යූනියන් – පොලිස් අතර තරගයෙන් පොලිස් පිලට ලකුණු 57ක ජයක්, කටුනායකදී පැවැති එන්සීසී – ඒස් කැපිටල් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් ඒස් කැපිටල් පිලට හා වෙලගෙදර පිටියේදී පැවැති කුරුණෑගල තරුණ – ගුවන් හමුදාව අතර තරගයෙන් ඉනිමක හා ලකුණු 56ක ජයක් කුරුණෑගල තරුණ පිලට හිමි විය.
මේ සතියේ ශතක වාර්තා කිරීමට ඒස් කැපිටල් පිලේ තනුක දාබරේ, පොලිස් ක්‍රීඩා සමාජයේ අශේන් බණ්ඩාර, යුද හමුදා පිලේ ලක්ෂාන් එදිරිසිංහ හා දිනේෂ් චන්දිමාල්, එස්එස්සී පිලේ ෂෙවොන් ඩැනියෙල්, ටැමිල් යූනියන් ක්‍රීඩක දසිස් මංචනායක, කුරුණෑගල තරුණ පිලේ අසන්ත බස්නායක, පානදුර පිලට ක්‍රීඩා කරන ඉන්දීය ජාතික සමාත් සෙත්, බදුරලිය පිලේ ප්‍රාවීස් රසූල්, රාගම ක්‍රිකට් සමාජයේ ජනිත් ලියනගේ, කොල්ට්ස් පිලේ ඇන්ජලෝ මැතිව්ස් හා කුරුණෑගල පිලේ දමිත් පෙරේරා සමත් වූහ.
මුවර්ස් – බ්ලුම්ෆීල්ඩ් අතර තරගය මුවර්ස් පිටියේදී
මුවර්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, තරගයෙන් ජය ගැනීමට ලකුණු 42ක ඉලක්කයක් එල්ල විය. එම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 6ක් බිදවැටී ලබා ගැනීමට බ්ලූම්ෆීල්ඩ් පිලට හැකියාව ලැබිණි.
මුවර්ස් පළමු ඉනිමට ලකුණු 183 (ඕවර් 46.2) – දිනුක් දිල්ෂාන් 16, පබසර වඩුගේ 33, ෂොහාන් ද ලිවේරා 28, පසිඳු සූරියබණ්ඩාර 18, රමේෂ් මෙන්ඩිස් 16, මිලාන් රත්නායක 22 ( ෂාන් නානායක්කාර 65/4, මනෙල්කර් ද සිල්වා 42/3, අසිත වන්නිනායක 18/3)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ලකුණු 272 (ඕවර් 81.5) – අසිත වන්නිනායක 54, නිපුන් කරුණානායක නොදැවී 92, මනෙල්කර් ද සිල්වා 48, අදීෂ තිලංචන 42 (තේෂාන් විදූෂාන් 51/6)
මුවර්ස් දෙවැනි ඉනිම ලකුණු 130 (ඕවර් 32.5) – ජනිෂ්ක පෙරේරා 15, ළහිරු සමරකෝන් 29, මොහොමඩ් ෂමාස් නොදැවී 51 ( සහන් නානායක්කාර 34/2, සදුන් වීරක්කොඩි 34/3, අසිත වන්නිනායක 26/2, ජෙෆ්රි වැන්ඩර්සේ 22/3)
බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම කඩුලු 6කට ලකුණු 45 (ඕවර් 10.1) – අසිත වන්නිනායක 10 (තේෂාන් විදූෂාන් 22/4, රමේෂ් මෙන්ඩිස් 20/2)
හලාවත මේරියන්ස් – බදුරලිය අතර තරගය මග්ගොන සරේ පිටියේදී
කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, හලාවත මේරියන්ස් දෙවැනි ඉනිමේදී ලකුණු 67කට දැවී යෑමෙන් තරගයේ ජයග්‍රහණයට බදුරලිය ක්‍රීඩා සමාජය ට ලකුණු 5ක ඉලක්කයක් එල්ල විය.
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ලකුණු 217 (ඕවර් 74.3) – ලසිත් ලක්ෂාන් 39, සරුල් කන්වර් 39, කසුන් විදුර 44, නිනාද් කාදම් 40, පුලින තරංග 15 (ප්‍රවීස් රසූල් 75/4, චානක කොමසෝරු 63/2, නිර්මල රත්නායක 53/2)
බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 280 (ඕවර් 64)
හසිත අමරසිංහ 29, අදිල් රෙෂී 52, රනේෂ් සිල්වා 41, අනුක් ප්‍රනාන්දු 16, ප්‍රාවීස් රසූල් 100 (නිපුන් ප්‍රේමරත්න 21/2, කේසර නුවන්ත 71/3, පුලින තරංග 36/2)
හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිම ලකුණු 67 (ඕවර් 20.3)
නිනාද් කාදම් 29, රවීන් යසස් 15 (ප්‍රවීස් රසූල් 18/3, චානක කොමසෝරු 35/3, නිර්මල රත්නායක 12/3)
බදුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 5 යි (ඕවර් 0.3)
සීසීසී – ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය සීසීසී පිටියේදී
කාසියේ වාසිය දිනාගත් සීසීසී පිල මුලින් පන්දුවට පහරදුන් අතර, තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ගාල්ල ක්‍රිකට් සමාජයට ලකුණු 311ක ඉලක්කයක් එල්ල වුවද සියලු දෙනා ලකුණු 96කට දැවී ගියහ.
සීසීසී පිල පළමු ඉනිම ලකුණු 219 (ඕවර් 74.4) – පවන් රත්නායක 19, අශාන් ප්‍රියංජන 73, චතුරංග ද සිල්වා 29, ලක්ෂාන් සඳකැන් 55 (උමේග චතුරංග 77/3, රුවන්ත කැල්ලපොත 57/4)
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 196 (ඕවර් 60.2) – රගාව් ධවාන් 23, ඹෂධ ප්‍රනාන්දු 49, ඉයන් ඩේව් සිං නොදැවී 79 (විශ්ව ප්‍රනාන්දු 27/3, අසිත ප්‍රනාන්දු 46/2, චතුරංග ද සිල්වා 34/2, ලක්ෂාන් සඳකැන් 33/2)
සීසීසී පිල දෙවැනි ඉනිම අත්හිටෙව්වා කඩුලු 9කට ලකුණු 287 (ඕවර් 64) – ලසිත් කෘෘස්පුල්ලේ 50, පවන් රත්නායක 19, අශාන් ප්‍රියංජන 35, චතුරංග ද සිල්වා 95, මිනෝද් භානුක 24, සොනාල් දිනූෂ නොදැවී 37ලක්ෂාන් සඳකැන් 55 (උමේග චතුරංග 61/4, තරින්ද ගුරුගේ 52/2)
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ලකුණු 96 (ඕවර් 26.5) – රගාව් ධවාන් 29, කවිඳු එදිරිවීර නොදැවී 25 (චතුරංග ද සිල්වා 30/5, ලක්ෂාන් සඳකැන් 27/4)
ටැමිල් යූනියන් – පොලිස් අතර තරගය පොලිස් පිටියේදී
කාසියේ වාසිය දිනාගත් පොලිස් පිල මුලින් පන්දුවට පහර දුන් අතර, අවසන් දිනයේදී ටැමිල් යූනියන් පිල ට ලකුණු 262ක ඉලක්කයක් එල්ල වුවද, ලකුණු 204කට සියලු දෙනා දැවී ගියහ.
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට ලකුණු 202 (ඕවර් 57.1) – හේෂාන් ධනුෂ්ක 35, කුසල් පෙරේරා 32, ගිටනාෂ් කෙහෙරා 18, ප්‍රියමාල් පෙරේරා නොදැවී 52, චාමර සිල්වා 21 ( දිලුම් සුධීර 77/5, රවිදු ප්‍රනාන්දු 52/3)
ටැමිල් යූනියන් පළමු ඉනිම ලකුණු 244 (ඕවර් 78.2) – රොන් චන්ද්‍රගුප්ත 21, රවිදු ප්‍රනාන්දු 65, දසිස් මංචකායක 111, කවිඳු පතිරණ 15 ( මලින්ද පුෂ්පකුමාර 94/3, ධනාල් හේමන්ද 35/2, නලීන් ප්‍රියදර්ශන 68/3, සුපුන් මධුසංඛ 28/2)
පොලිස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම (අත්හිටෙව්වා) කඩුලු 7ක් දැවී ලකුණු 303 (ඕවර් 77) – හේෂාන් ධනුෂ්ක 66, චාමර සිල්වා 25, අශේන් බණ්ඩාර නොදැවී 113, ප්‍රියමාල් පෙරේරා 43, සුපුන් මධුසංඛ 29 (දිලුම් සුධීර 133/3, රවිදු ප්‍රනාන්දු 87/4)
ටැමිල් යූනියන් දෙවැනි ඉනිම ලකුණු 204 (ඕවර් 55.1) – නවෝද් පරණවිතාන 19, රොන් චන්ද්‍රගුප්ත 39, කමේෂ් නිර්මාල් 46, රවීන් ද සිල්වා නොදැවී 40, දුලාජ් සමුදිත 20 (මලින්ද පුෂ්පකුමාර 101/6, නලීන් ප්‍රියදර්ශන 61/3)
එන්සීසී – ඒස් කැපිටල් අතර තරගය කටුනායකදී
කාසියේ වාසිය දිනාගත් එස් කැපිටල් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, අවසන් දිනයේ ඒස් කැපිටල් පිලට තරගයෙන් ජය ගැනීම උදෙසා ලකුණු 294ක ඉලක්කයක් එල්ල වූ අතර, එය කඩුලු 4ක් දැවී පසු කිරීමට සමත් විය.
එන්සීසී පළමු ඉනිම ලකුණු 167 (ඕවර් 39.5) – නිරෝෂන් දික්වැල්ල 36, අහන් වික්‍රමසිංහ 32, අම්ෂි ද සිල්වා 28, ලසිත් ඇඹුල්දෙනිය 15 ( සිතුම් දිසානායක 27/2, නිම්සර අතරගල්ල 48/4, රොහාන් ජයතිස්ස 52/3)
ඒස් කැපිටල් පළමු ඉනිම ලකුණු 171 (ඕවර් 42.2) – තනුක දාබරේ 25, රවිඳු රත්නායක 51, කවිදු අමන්ත 45, සිතාර ගිම්හාන 19, ( චාමික ගුණසේකර 43/2, අම්ෂි ද සිල්වා 40/3, අෂේන් ඩැනියෙල් 37/2, ලසිත් ඇඹුල්දෙනිය 24/2)
එන්සීසී දෙවැනි ඉනිම ලකුණු 297 (ඕවර් 80.3) – නිරෝෂන් දික්වැල්ල 44, කමීල් මිෂ්රා 40, උපුල් තරංග 38, අසෙල් සිගේරා 28, චාමික ගුණසේකර 53, අෂියන් ඩැනියෙල් නොදැවී 49( සිතුම් දිසානායක 57/3, වනුජ සහන් 101/5, රොහාන් ජයටතිස්ස 104/2)
ඒස් කැපිටල් දෙවැනි ඉනිම කඩුලු 4කට ලකුණු 294 (ඕවර් 63 ) – තනුක දාබරේ 130, පවන් වීරසිංහ 51, රවිඳු රත්නායක 38, කවිඳු ආමන්ත 33, සිතාර ගිම්හාන නොදැවී 20 (අෂියන් ඩැනියෙල් 52/3)
කුරුණෑගල තරුණ – ගුවන් හමුදාව අතර තරගය වෙලගෙදර පිටියේදී
ගුවන් හමුදා පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කුරුණෑගල තරුණ පිලට ආරාධනා කළ අතර, පළමු ඉනිමේ ලකුණු 252ක් පසුපසින් සිටි හෙයින් ගුවන් හමුදා පිලට යළි දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදුවූ අතර, සියලු දෙනා ලකුණු 196 කට දැවී ගියහ.
කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම (ඉනිම අත්හිටෙව්වා) කඩුලු 8කට ලකුණු 443 (ඕවර් 128.2) – දමිත් පෙරේරා 120, සමිට් ගෝහෙල් 31, දිල්හාර පොල්ගම්පොල 77, අසන්ත බස්නායක 113, අරවින්ද ප්‍රේමරත්න 31, නවීන් ප්‍රනාන්දු 26 (ප්‍රවීන් ද සිල්වා 44/2, මොවින් සුබසිංහ 155/2, අභිෂේක් ආනන්ද කුමාර 28/3)
ගුවන් හමුදාව පළමු ඉනිම ලකුණු 191 (ඕවර් 55.2) – සන්ජීට් දේශායි 42, ෂෙනාස් ප්‍රනාන්දු 37, ප්‍රවීන් ද සිල්වා නොදැවී 51 (චමින්ද බණ්ඩාර 49/3, දිලංක අයුවොඩ්ට් 81/3, සචින්ත පීරිස් 38/2)
ගුවන් හමුදාව දෙවැනි ඉනිම ලකුණු 196 (ඕවර් 72.4) – අභිමානයු චව්හාන් 58, අභිෂේක් ආනන්දකුමාර් 49, සන්ජීට් දේශායි 36, සනේෂ් ප්‍රනාන්දු 22 (නවීන් ප්‍රනාන්දු 11/2, දිලංක අයුවොඩ්ට් 58/5)
යුද හමුදාව – බීආර්සී පනාගොඩ යුද හමුදා පිටියේදී
කාසියේ වාසිය දිනාගත් බීආර්සී පිල මුලින් පන්දුවට පහරදීමට යුද හමුදා කණ්ඩායමට ආරාධනා කළ අතර, තරගයෙන් ජය ගැනීම උදෙසා බීආර්සී පිල ට ලකුණු 305ක ඉලක්කයක් එල්ල විය. යුද හමුදා පිලට පළමු ඉනිමේ ජය අත්විය.
යුද හමුදා පිල පළමු ඉනිම ලකුණු 164 (ඕවර් 67.1) – අශාන් රන්දික 43, ලක්ෂාන් එදිරිසිංහ 22, දිනේෂ් චන්දිමාල් 39 ( දිල්රුවන් පෙරේරා 35/3, දෙවිදු තිලකරත්න 43/6)
බීආර්සී පිල පළමු ඉනිම ලකුණු 120 (ඕවර් 46.2) – රිසිර වීරසූරිය 23, උමේෂ්ක මොරායිස් 30 (කෞමාල් නානායක්කාර 42/6, ෂිඑඩා සොයිසා 19/2)
යුද හමුදා පිල දෙවැනි ඉනිම (අත්හිටෙව්වා) කඩුලු 2ක් දැවී ලකුණු 260 (ඕවර් 69.5) – හර්ෂජිත් රුෂාන් 19, අශාන් රන්දික 22, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 104, දිනේෂ් චන්දිමාල් නොදැවී 105 ( දෙවිඳු තිලකරත්න 87/2)
බීආර්සී පිල දෙවැනි ඉනිම කඩුලු 3කට ලකුණු 151 (ඕවර් 41) – රිසිරි වීරසූරිය නොදැවී 63, සවින් ගුණසේකර 30, ලක්ෂාන් ගමගේ නොදැවී 45
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය – කැන්ඩි කස්ටම් අතර තරගය මොරටුව ද සොයිසා පිටියේදී
කාසියේ වාසිය දිනාගත් කැන්ඩි කස්ටම් පිල මුලින් පන්දුවට පහරදුන් අතර, තරගයෙන් ජය ගැනීම උදෙසා නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය ට ලකුණු 210ක ඉලක්කයක් එල්ල විය. නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය ට පළමු ඉනිමේ ජය අත්විය.
කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිම ලකුණු 198 (ඕවර් 66.3) – තෙවිඳු දික්වැල්ල 21, අනුරීට් සිංග් 88, අභිෂේක් ගුප්තා 17, ඉමාල් ලියනගේ 35 ( ළහිරු ගමගේ 57/3, චලන ද සිල්වා 81/3, තිලකරත්න සම්පත් 47/4)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය පළමු ඉනිම ලකුණු 211( ඕවර් 82.2) –
ජේසන් පෙරේරා 17, පැතුම් දිල්ෂාන් 31, මුර්ටාසා තෘන්ක්වේල් 17, දුලීක තිස්සකුට්ටි 52, රාහුල් ගුණසේකර 39, කෙවීන් පෙරේරා 23 ( අනුරීට් සිං 40/2, ගයාන් සිරිසෝම 78/5, මිතුන් ජයවික්‍රම 48/2)
කැන්ඩි කස්ටම් පිල දෙවැනි ඉනිම කඩුලු 4කට ලකුණු 104 (ඕවර් 37) – තෙවිඳු දික්වැල්ල 22, සදේශ් ජයවර්ධන 35, ඉමාල් ලියනගේ 25, අනුරීට් සිංග් 30, යොහාන් මැද්දගේ 49, සසිත් මනුරංග 22 (ළහිරු ගමගේ 65/4, තිලකරත්න සම්පත් 36/3)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය දෙවැනි ඉනිම තඩුලු 6කට ලකුණු 153( ඕවර් 48) මුර්ටාසා තෘන්ක්වේල් 54, කෙවින් පෙරේරා නොදැවී 52 (අනුරීට් සිංග් 16/2, ගයාන් සිරිසෝම 70/2)
කොල්ට්ස් – පානදුර අතර තරගය කෝල්ට්ස් පිටියේදී
කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පළමු ඉනිම ජයගත් කෝල්ට්ස් පිලෙන් අවසන් දිනයේ පානදුර ක්‍රීඩා සමාජයට ලකුණු 362ක ඉලක්කයක් එල්ල විය.
කෝල්ට්ස් පිල පළමු ඉනිමට ලකුණු 317 (ඕවර් 105.1) – ධනංජය ලක්ෂාන් 26, ඇන්ජලෝ මැතිව්ස් 164, විනුර දුල්සර 30, විෂාද් රන්දික 51 ( අසේල සම්පත් 68/3, නිමේෂ් විමුක්ති 118/3, රජීව වීරසිංහ 35/3)
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමට ලකුණු 196 (ඕවර් 61.4) – සමාත් සෙත් නොදැවී 111, විශ්ව ළහිරු 24 ( කවිෂ්ක අංජුල 46/3, අකිල ධනංජය 91/5)
කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම (අත්හිටෙව්වා) කඩුලු 5ක් දැවී ලකුණු 240 (ඕවර් 58) – යශෝධ ලංකා 93, විනුර දුල්සර 37, විෂාද් රන්දික නොදැවී 40, ජෙහාන් ඩැනියෙල් නොදැවී 51 (කොෂාන් ධනුෂ්ක 80/4)
පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම කඩුලු 6කට ලකුණු 137 (ඕවර් 38) – ළහිරු දිල්ෂාන් 16, සුකිත මනෝජ් 15, සමාත් සෙත් නොදැවී 43, කොෂාන් ධනුෂ්ක 20 ( අකිල ධනංජය 71/3)
එස්එස්සී – රාගම අතර තරගය එස්එස්සී පිටියේදී
කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිල මුලින් පන්දුවට පහරදීමට රාගම පිලට ආරාධනා කළේය. පළමු ඉනිමේ ජය රාගම පිලට හිමි විය.
රාගම පළමු ඉනිම ලකුණු 345 (ඕවර් 85.1) – ළහිරු තිරිමාන්න 39, ජනිත් ලියනගේ 106, අවිශ්ක තරිදු 37, සංජය චතුරංග 58, සන්තුෂ් ගුණතිලක 24, සංජුල බණ්ඩාර 20 (නිසල තාරක 50/3, කළන පෙරේරා 60/3, ලක්ෂිත මානසිංහ 69/2)
එස්එස්සී පිල පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 296 (ඕවර් 96.1) – කවිඳු නදීශාන් 72, ෂෙවොන් ඩැනියෙල් 111, අවිශ්ක ප්‍රනාන්දු 26, තිපුන් ධනංජය 44, කළණ පෙරේරා 19 (සන්තුෂ් ගුණතිලක 60/5)
රාගම දෙවැනි ඉනිම කඩුලු 7කට ලකුණු 324 (ඕවර් 83) – නිශාන් මධුෂ්ක 51, ජනිත් ලියනගේ 94, අවිශ්ක තරිදු 36, සන්තුෂ් ගුණතිලක නොදැවී 58, කල්හාර සේනාරත්න නොදැවී 57 (නිසල තාරක 45/2, නිමනක ජයතිලක 104/3)