slc
logo
Home   |    News
ජූලි 4, 2023
කාන්තා කණ්ඩායමේ නව සහාය පුහුණුකරු තනතුර තරිඳු පෙ‌රේරාට

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරුවා ලෙස තරිඳු පෙරේරාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ මහතාගේ පත්වීම ජූලි 01 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වනු ඇත.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සිව්වැනි අදියරයේ විශේෂඥ පුහුණුකරුවකු ලෙස පත්වීම් ලබා සිටින තරිඳුට එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන වොර්ක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග කටයුතු කර තිබේ.

ඊට අමතරව ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් සහ වෙස්ඩ් එන්ඩ් රෙඩ් බැක්ස් ඇතුළු තවත් ක්‍රීඩා සමාජ ගණනාවකදම තරිඳු පුහුණුකරුවකු ලෙස කටයුතු කොට අත්දැකීම් ලබා සිටියි. වොර්ක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ කටයුතු කරන අවස්ථාවේදී ඔහු එහි ඉහල කාර්යය සාධන මධ්‍යස්ථාන පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබේ. එම කාල සීමාවේදී ප්‍රාන්ත ශූරතා තරගාවලිය, රාජකීය ලන්ඩන් එක්දින තරගාවලිය, විටලිටි බ්ලාස්ට් විස්සයි-20 තරගාවලිය සහ වෝර්ක්ෂයර් ඇකඩමිය සමග කටයුතු කොට ඇත.

ඇඩ්ලේඩ් ස්ට්‍රයිකර්ස් සහ වෙස්ට් එන්ඩ් රෙඩ් බැක්ස් කණ්ඩායම් සමග කටයුතු කරන අවධියේදී ඔහු පන්දුවට පහර දීම මෙන්ම දඟ පන්දු යැවීම පිළිබඳ සහාය පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබේ. හෙතෙම, 2022 වසරේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ එංගලන් තරග සංචාරය යටතේ එංගලන්ත යංග් ලයන්ස් කණ්ඩායම සමග පැවැති පුහුණු තරගයේ ද සහාය පුහුණුකරුවා ලෙස කටයුතු කර තිබේ.

මේ අතර ඇඩිලේඩ් විශ්වවිද්‍යාල ප්‍රධාන දිස්ත්‍රික් කාන්තා කණ්ඩායමද පෙරේරාගේ පුහුණු අත්දැකීම් යටතට පත්වනු ඇත. ඊට අමතරව ඔහු 2019 වසරේදී යෝර්ක්ෂයර් ප්‍රාන්ත කාන්තා කණ්ඩායමේද ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කර තිබේ.

එක්සත් රාජධානියේ ලීඩ්ස් බෙකට් විශ්ව විද්‍යාලයෙන් ක්‍රීඩා පුහුණු කිරීම පිළිබද ගෞරව උපාධයකි ලබා ඇති පෙරේරා, ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රීඩා සමාජ වන එස්. එස්. සී. සහ ටැමිල් යුනියන් යන ක්‍රීඩා සමාජ නියෝජනය කර තිබේ. ඊට අමතරව ඔහු දෙවැනි පෙළ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය යටතේ නොදම්ප්ටෂයර් කණ්ඩායම ද නියෝනය කර තිබේ.

 

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee