slc
logo
Home   |    News
ජූලි 1, 2023
කොළඹ දකුණ හමුවේ මහනුවර ලකුණු 108 කින් ජය ගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලිග් ක්‍රිකට් තරගාවලියේ අද (01 දා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ගාල්ල සහ මහනුවර කණ්ඩායම් සමත්වූහ.

අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්වූවේය. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 48.5 කදී සියලු දෙනා ලකුණු 262 ක් රැස් කළ අතර එය හඹා යෑමේදී ගාල්ල කණ්ඩායම පන්දුවාර 47.2 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකර ගියේය.

මෙම තරගයේදී ගාල්ල කණ්ඩායමේ හිරුණ ගාල්ලේ (68), දිනිරු ‌අබේසිංහ (82) සහ නායක මල්ෂ තරුපති (51) වශයෙන් අර්ධ ශතක වාර්තා කරමින් එම හඹා යෑමේ වැඩි දායකත්වයක් දක්වන ලද පිතිකරුවෝ බවට පත්වූහ.

ගෝල් ලකුණු 263ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යෑමට පැමිණි අවස්ථාවේ දිනුර අබේවික්‍රමසිංහ ලකුණු 82ක් (පන්දු 78යි හතරේ අටයි හයේ පහරයි) හිරුණ ගාල්ලගේ ලකුණු 68ක් ද (පන්දු 83යි  හතරේ හතරයි හයේ තුනයි) සිව්වන කඩුල්ල සඳහා පන්දු 133කදී ලකුණු 126ක සාර්ථක සබඳතාවයක් තබා ගනිමින් ජයග්‍රහණය අසළටම තම කණ්ඩායම ගෙන ගියහ.

මීට අමතරව ගෝල් නායක මල්ෂ තරුපති අර්ධ ශතකයක් (ලකුණු 51යි පන්දු 39යි හතරේ හයයි හයේ පහරයි) රැස් කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර කිරීමට දායක විය. මීට අමතරව ගෝල් කණ්ඩායමේ යුරි කෝට්ටේගොඩ ලකුණු 41කට කඩුලු හතරක් දවා පන්දු යැවීමේදී කැපී පෙනුණි.

මේ අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල කොළඹ දකුණ පිලට එරෙහිව ලකුණු 108 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහර දුන් මහනුවර පිල පන්දුවාර 49.2 කදී ලකුණු 260 ක් ලබා ගත් නමුත් එය හඹා යෑමේදී කොළඹ දකුණු කණ්ඩායම පන්දුවාර 32.5 කදී ලකුණු 152 කට සීමා කිරීමට මහනුවර පන්දු යවන්නෝ සමත්වූහ.

කැන්ඩි වෙනුවෙන් දර්ශනීය ඉනිමක් දියත් කළ තිසර ඒකනායක මේ තරගයේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 101කට මුහුණදී හතරේ පහක් සහ හයේ පහරක් සමඟ ලකුණු 74ක් රැස් කරමිනි. තිසර, මහනුවර කණ්ඩායමේ හත්වන කඩුල්ලට තරණ විමලධර්ම (ලකුණු 26) සමඟ ලකුණු 88ක් රැස් කරමින් තරගයේ හොඳම සබඳතාවය වාර්තා කළේය.

මීට අමතරව කැන්ඩි වෙනුවෙන් පුලිඳු පෙරේරා (42) සහ රහල් අමරසිංහ (35) කැන්ඩි පළමු කඩුල්ලට වේගවත් ලකුණු 52ක් රැස් කළේ පන්දු 35කට පමණක් මුහුණ දෙමිනි. කැන්ඩි කණ්ඩායමේ තුන් ඉරියව්වේම කැපී පෙනුණු තරණ විමලධර්ම ලකුණු 26ක් රැස් කර පසුව ලකුණු 26කට කඩුලු දෙකක් ද දවාලීමට සමත් විය.

පන්දු යැවීමේදී අබ්දූල් හකම සහ කමීෂ පෙයුමාල් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී තරණ විමලධර්ම කඩුලු 2 ක් බිඳ හෙළීය.

ගාල්ල – දඹුල්ල අස්ගිරිය ක්‍රීඩාංගණයේදී

ගාල්ලට කඩුලු 02  ජයක්

දඹුල්ල පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 262 යි – (පසිඳු මේනක 75, ජයමිණ මුතුකුමාර 29, අමේෂ තෙන්නකෝන් 40, ගයන වීරසිහ 54, චතුමල් නිමේෂ් 17, යූරි කොත්තිගොඩ 41/4, මල්ෂ තරුපති 65/2)

ගාල්ල පන්දුවාර 47.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 263 යි – (හිරුණ ගාල්ලගේ 68, දිනිරු අබේසිංහ 82, මල්ෂ තරුපති 51, චමරිඳු නෙත්සර 15, ගීතික ද සිල්වා 48/2, කවිඳු ගිහාන් 36/2, චතුමල් නිමේෂ් 56/2)

 

කොළඹ දකුණ – මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

මහනුවර කණ්ඩායමට ලකුණු 108 ක ජයක්

මහනුවර පන්දුවාර 49.2 කදි සියලු දෙනා දැවී ලකුණු 260 යි – (තිසර ඒකනායක 74, පුළිඳු පෙරේරා 42, රහල් අමරසිංහ 35, තරණ විමලධර්ම 26, දිනුක තෙන්නකෝන් 26*, සහන් මිහිර , විශේන් හැළඹගේ 80/4, 40/3, යුතික සිල්වා 27/2)

කොළඹ දකුණ පන්දුවාර 32.5 කදී සියලු දෙනා දැවී ලකුණු 152 යි – (ගවි‌රු සෙන්හස් 25, විමත් දින්සර 19, තෙනිෂ්ක නානායක්කාර 17, රිවිති ජයසූරිය 16, ෂෙනන් රොද්‍රගු 17, අබ්දූල් හකම 26/3, තරණ විමලධර්ම 26/2, කමීෂ පෙයුමාල් 27/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee