slc
logo
Home   |    News
ජූලි 31, 2023
ජැෆ්නා කිංග්ස් අපරාජිත ආධිපත්‍ය තවදුරටත් රැක ගනියි

sinhala editor

By Chamila Karawita

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ 15,000 කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉදිරියේ ආරම්භ වුණු සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගයෙන් නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වත්මන් ශූරයින් ලෙසින් සිය ආධිපත්‍ය තවදුරටත් අද (30 දා) දිනයේදී රැක ගැනීමට සමත්වූවේය.

ලකුණු 174 ක ඉලක්කයක් හඹා යෑමේදී නිරෝෂන් දික්වැල්ල විසින් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ද සමඟ පන්දු 34 කදී වේගවත් ලකුණු 58 ක් ලබා ගත් නමුත් සෙසු පිතිකරුවන්ගේ දායකත්වය ප්‍රමාණවත් මට්ටමක නොමැතිවීම නිසා පන්දුවාර 19.4 ක් අවසනදී කලම්බු කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි.

මෙම ඉලක්කය හඹා යෑමේදී බාබර් අසාම් (07) සහ පැතුම් නිස්සංක (01)ගේ කඩුලු ලකුණු 7 ක් ඇතුළතදී දවා ගැනීමට  තිසර පෙරේරා සහ හාර්ඩස් විල්ජෝන් සමත්වුහ. සිය විශ්වාසනීයම පිතිකරුවන් දෙදෙනා දැවී ගියද සිය වේගවත් පිතිහරඹයෙහි වෙනසක් නොකිරීමට වග බලා ගත් නිරෝෂන් දික්වැල්ල ප්‍රතිවාදීන්ට පීඩනය යොමු කිරීමට උත්සාහ ගත්තේය.

එහෙත් ඩිල්ෂාන් මදුෂංක එවන ලද පන්දුවකට එල්ල කරන ලද පහර තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිම්න් සිටි වියස්කාන්ත් රැක ගැනීම නිසා දික්වැල්ලගේ ඉනිම නිමාවට පත්විය. පන්දු යවන්නන් අතරින් වේග පන්දු යවන හාර්ඩස් විල්ජෝන් ලකුනු 31 කට කඩුලු 3 ක් බිඳ හෙළුවද පන්දුවාර 4 කදී ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත් විජයකාන්ත් වියස්කාන්තා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔවුන් දෙදොනට අමතරව ඩිල්ෂාන් මදුෂංක ලකුණු 18 කට කඩුලු 2 ක් බිඳ හෙළීය.

කලම්බු පිලේ පළමු කඩුලු 5 ලකුණු 87 කදී බිද වැටී තිබියදී පිටියට පිවිසි චාමික කරුණාරත්න හයේ  හරක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 15 කදී ලකුණු 23 ක් රැස් කරමින් තරගය අවාසනය කරා රැගෙන යෑමට සැරසෙද්දී ඔහුව දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට මහීෂ් තීක්ෂණ සහ නිශාන් මදුෂ්ක සමත්විය. එම දැවී යෑම නොවන්නට මෙම තරගය මීට වඩා වෙනස් මුහුණුවරක් ගැනීමට හොඳින් ඉඩ කඩ තිබිණ.

වේග පන්දු යවන නසීම් ෂා  විසින් යොමු කරන ලද පන්දු 6 අතුළතදී රාමනුල්ලා ගුර්බාස් හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් වේගවත් පිතිහරඹයක් දියත් කිරීම නිසා තරග ආරම්භය ඉතා උණුසුම් විය.

මෙහිදී ෂා විසින් යවන ලද පළමු පන්දුවාරයේ අවසන් පන්දුව ගුර්බාස්ගේ පන්දුවේ පිටත දාරයේ වැදී ස්ලිප් ස්ථානයේ පන්දු රැකි යශෝධ ලංකා අතින් ගිලිහී යෑම නිසා පන්දුව නතරේ වූයේ හතරේ සීමාවේය. කෙසේ වෙතත් ෂා විසින් ක්‍රියාත්මක කරන ලද දෙවැනි පන්දුවාරයේදී ගුර්බාස් විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කරීම, පන්දු යවන්නාගේ කෝපයට හේතුවිය. කෙසේ වෙතත් ඊළඟට එවන පන්දුව වේගය මඳක් අඩාල කරමින් ඔෆ් කටර් පන්දුවක් ලෙසින් යොමු කළ බැවින් ගුර්බාස් එම උගුලට හසුවිණ.

එම කඩුල්ල නසීම් ෂාගේ නම ඉදිරියෙන් සටහන් වුවත්, එය දවා ගැනීමේ පුර්ණ ගෞරවය හිමිවිය යුත්තේ රමේෂ් මෙන්ඩිස්ටය. එම පන්දුව යොමු කරන විට මෙන්ඩිස් පන්දු රකිමින් සිටියේ මිඩ් ඔ්න් කලාපයේ වන නමුත් ලෝන් ඔ්න් කළාපය වෙත දිවයමින් එම උඩ පන්දුව ඔහු රැක ගත්තේ ඉතාමත් විශිෂ්ඨ අයුරිනි.

එතැන් පටන් තරගයේ පාලනය කලම්බු පන්දු යවන්නන් තබා ගත්තේ 5 වැනි පන්දුවාරයේ සිට 7 වවැනි පන්දුවාරය දක්වා යවන ලද පන්දු 18 දි එකම හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කිරීමට ප්‍රතිවාදීන්ට අවස්ථාවක් ලබා නොදෙමිනි.  කෙසේ වෙතත් අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ටවුහිඩ් රිඩෝයි චාමික කරුණාරත්නට එරෙහිව පිට පිට හතරේ පහර 2 ක් එල්ල කිරීමත් සමඟ එම නිහැඬියාව නිමාවිණ.

හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 39 කදී රිඩෝයි රැස් කරගත් ලකුණු 54 හැරුණු කොට ජැෆ්නා ඉනිමේ විශාල ලකුණු වාර්තා නොවිණ. කෙසේ වෙතත් සෑ පිතිකරුවකුම ලකුණු 10 ට වඩා  රැස් කිරීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුනු 173 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනිමට ජැෆ්නා කණ්ඩායමට අවකාශ ලැබිණ. ම

තරගයේ වීරයා – වියස්කාන්ත් විජේකාන්ත්

ලකුණු පුවරුව
ජැෆ්නා කිංගස් 4 6
නිශාන් මදුෂ්ක දුවද්දී දැවී ගියා චාමික කරුනාරත්න 12 13 1 0
රාමනුල්ලා ගුර්බාස් ඇ.රමේෂ් මෙන්ඩිස් ප.නසීම් ෂා 21 11 1 2
චරිත් අසලංක ඇ.බාබර් අසාම් ප.ලක්ෂාන් සඳකැන් 12 14 1 1
ටව්හිඩි රිඩෝයි ඇ.නසීම් ෂා ප. චාමික කරුණාරත්න 54 39 4 1
ප්‍රියමාල් පෙ‌රේරා ඇ.නිරෝෂන් දික්වැල්ල ප.මතීෂ පතිරණ 22 16 3 1
දුනිත් වෙල්ලාලගේ නොදැවී   25 23 2 0
තිසර පෙරේරා නොදැවී   14 7 3 0
අතිරේක 13  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 173
කඩුලු වැටීම / 1-27 (ගුර්බාස් 2.5), 2-42 (මදුෂ්ක 5.2), 3-66 (අසලංක 8.4), 4-107 (ප්‍රියමාල් 12.6), 5-157 (රිඩෝයි 18.3)
පන්දු යැවීම
නසීම් ෂා 3-0-30-1 මොහොමඩ් නවාස් 4-0-24-0
රමේෂ් මෙන්ඩිස් 1-0-10-0 මතීෂ පතිරණ 4-0-32-1
චාමික කරුණාරත්න 4-0-36-1 ලක්ෂාන් සඳකැන් 4-0-34-1
කලම්බු ස්ට්‍රයිකර්ස්
නිරෝෂන් දික්වැල්ල ඇ.වියස්කාන්ත් ප.ඩිල්ෂාන් මදුශංක 58 34 9 1
බාබර් අසාම්   ප.තිසර පෙරේරා 7 8 1 0
පැතුම් නිස්සංක ඇ.නිශාන් මදුෂ්ක ප.හාර්ඩස් විල්ජෝන් 1 2 0 0
නුවනිඳු ප්‍රනාන්දු ඇ.සහ ප.වියස්කාන්ත් 17 14 0 2
මොහොමඩ් නවාස් ඇ.නිශාන් මදුෂ්ක ප.හාර්ඩස් විල්ජෝන් 3 6 0 0
යශෝධ ලංකා දුවද්දී දැවී ගියා වෙල්ලාලගේ 11 16 1 0
චාමික කරුණාරත්න දුවද්දී දැවී ගියා තීක්ෂණ/මදුෂ්ක 23 15 2 1
රමේෂ් මෙන්ඩිස් ඇ.නිශාන් මදුෂ්ක ප.හාඩස් විල්ජෝන් 17 10 1 1
නසීම් ෂා ස්ට.නිශාන් මදුෂ්ක ප.විජයකාන්ත් 00 3 0 0
ලක්ෂාන් සඳකැන් නොදැවී   02 2 0 0
මතීෂ පතිරණ   ප.ඩිල්ෂාන් මදුශංක 08 8 2 0
අතිරේක 05  
එකතුව පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 152
කඩුලු වැටීම / 1-33 (බාබර් 3.4), 2-40 (නිස්සංක 4.3), 3-78 (නුවනිඳු 8.5), 4-87 (දික්වැල්ල 10.3), 5-87 (නවාස් 11.1), 6-121 (චාමික 15.5), 7-128 (යශෝධ 16.3), 8-128 (ෂා 16.6), 9-143 (මෙන්ඩිස් 18.1)
පන්දු යැවීම
ඩිල්ෂාන් මදුෂංක 2.4-0-18-2 තිසර පෙරේරා 3-0-29-1
මහීෂ් තීක්ෂණ 4-0-39-0 හාඩස් විල්ජෝන් 4-0-31-3
විජයකාන්ත් වියස්කාන්ත් 4-0-17-2 චරිත් අසලංක 1-0-06-0
දුනිත් වෙල්ලාලගේ 1-0-08-0  

 

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee