slc
logo
Home   |    News
ජූලි 3, 2023
තරගයක් ජය ගැනීමට පිතිකරණය පමණක් නොව පන්දු යැවීමේ සබඳතා වැදගත් – මහීෂ් තීක්ෂණ

sinhala editor

තරගයක් ජයග්‍රහණය කිරීමට නම් පිතිකරණය පමණක් නොව පන්දු යැවීමේ සබඳතාව ද වැදගත් වන බව ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකා පිල සනාථ කොට ඇතැයි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර, බුලවායෝ හී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සුපර් සික්ස් තරග වටයේදී ශ්‍රී ලංකා පිල ලබාගත් කඩුලු 9ක ජයග්‍රහණයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මහීෂ් තීක්ෂණ මේ බව පැවැසීය. තීක්ෂණ මේ තරගයේදී ලකුණු 25කට කඩුලු 4ක් බිදහෙලා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

“අපේ කණ්ඩායම ඉතාම සමබර එකක්. පිතිකරණ අංශය වගේම පන්දු යැවීමේ අංශයේ සම්බන්ධතාවය ද ජයග්‍රහණයට වැදගත්. අපේ වේග පන්දු බළ ඇණිය හා දඟ පන්දු යවන අංශය යන දෙකම විවිධාකර ලෙස පන්දු යවනවා. එක එක්කෙනා වෙනස් ආකාරයට පන්දු යවන නිසා පිතිකරුවන්ට ඉදිරියට එන්න ලෙහෙසි නෑ. වනිඳු , මම, මතීෂ සහ මධුශංක අපි හතර දෙනාම විවිධ දේවල් කරනවා. එකම කණ්ඩායමක ක්‍රීඩකයන් හතර දෙනෙක් විවිධ විදියට පන්දු යවද්දී එය විශාල වාසියක්. ඒ නිසා තමයි අපේ පන්දු යැවීමේ අංශය හොඳින්ම සිදුවන්නේ. කවුරු හරි කෙනෙක් හොදට කරන්නේ නැති දවසක තව තුන්දෙනෙක් ඉන්නවා හොඳට කරන්න පුළුවන්“ ” තීක්ෂණ පැවසීය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සහභාගී වූ තරග හයකදී ප්‍රතිවාදී කිසිදු කණ්ඩායමක් තවමත් ලකුණු 200 ඉක්මවා ලබා නැත. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා පිලේ තදබල පන්දු යැවීම හා උසස් පන්දු රැකීමේ අංශයේ දක්ෂතා වේ. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගයේදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව සිටින ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර අහිමිව ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ සමග තරගයට පිවිසියේය.

සිම්බාබ්වේ ඉනිමේ විනාශකරු වන මහීෂ් තීක්ෂණ පවසන්නේ තමන් සෑම අවස්ථාවකදීම පිටිය සකස් කරන ලද පන්දු යවන්නන්ගේ ස්ථාන අනුව පන්දුව යොමු කරන බවය.

“පන්දු යවන්නන් ඉන්න ස්ථාන අනුව පන්දු යැවීමට මා නිතරම උත්සහ කරනවා. එවිට පිතිකරුවන්ට ලකුණු අතරට එන්න අපහසු වගේම කඩුලු ලබා ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. මෙයට කලින් මම හොදට පන්දු යැව්වේ නැති නිසා එංගලන්තය හා ඉන්දියා තරගාවලි දෙකකින් එළියේ ඉන්න වුණා. යළිත් කණ්ඩායමට එක්වීමට හැකි වුණා“ තීක්ෂණ පැවසීය.

“හසරංගයි මායි අතර පන්දු යැවීමේදී ඉතා හොඳ සහයෝගයක් හා අවබෝධයක් තියෙනවා. සමහර දවස්වලට ඔහු කඩුලු ලබා ගන්නවා, අද ඔහුට කිසිම කඩුල්ලක් ලැබුණේ නැහැ, නමුත් ඔහු ඇත්තටම හොදින් පන්දු යැව්වා. ඔහු එක් අන්තයක හොඳින් පන්දු යවන විට, අනෙක් අන්තයේ කඩුලු ලබා ගත හැකියි. හසරංග දක්ෂ පන්දු යවන්නෙක්. ඔහු දැනටමත් මෙම තරඟාවලියේ කඩුලු 20ක් ලබාගෙන සිටිනවා. ඒක ඇත්තටම කණ්ඩායමට හොඳයි”

“සිම්බාබ්වේ මුල් කඩුලු දිල්ශාන් මධුසංඛ ලබා ගත්තා. 4වැනි කඩුල්ලට ඔවුන් ලකුණු ලබා ගනිමින් සිටියදී දසුන් පැමිණ සිකන්ද රාසා දවා ගැනීම අපට අස්වැසිල්ලක් වුණා. අනතුරුව මට හැකි වුණා සිම්බාබ්වේ පිලට පීඩනයක් දීලා ඔවුන් දවා ගන්න. මොකද බුලවායෝ නරඹන්නන් ඔවුන් වෙනුවෙන් කැපවී සිටියා. අපටත් දිරිගන්වන ප්‍රෙක්ෂකයින් සිටියා. ඒ නිසා ලොකු පීඩනයක් තිබුණේ නෑ. අපි මුළු තරගය පුරාම ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත අනුව ක්‍රීඩා කළා. සැලසුම් හරියට ක්‍රියාත්මක වුණා“ තීක්ෂණ පැවැසීය.

පසුගිය තරග දෙකේදීම තරුව වූයේ තීක්ෂණය. නෙදර්ලන්තයට එරෙහි තරගයේදීද තීක්ෂණ ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් වූවේය.

 

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee