slc
logo
Home   |    News
ජූලි 15, 2023
දුල්ගේ ශතකයෙන් ඉන්දියානු ‘ඒ’ පිලට පහසු ජයක්

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරාවලිය යටතේ ජූලි 14 වැනිදා පැවැති තෙවැනි තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරදවා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමත්විය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් පිල පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 175 ක් පමණක් ලබා ගත් අතර එය හඹා යෑමේදී ඉන්දීය පිල පන්දු 141 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගියේය.

ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් නායක යසී දුල් විශිෂ්ඨ ශතකයක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය පහසු කළේය. පන්දු 84 කට මුහුණ දුන් දුල් ඊට හතරේ පහර 20 ක් එල්ල ක‌ළේ ලබා ගත් ලකුණු 108 න් 28 ක් පමණක් කඩුලු අතර දිව යමින් රැස් කර ගනිමිනි. .තරගයේ වීරයා සම්මානයෙන් දුල් පිදුම් ලැබීය. ඉන්දීය කන්ඩායමේ ජයග්‍රහණය සනිටුහන්වන විට ඔවුන් ප්දුවාර 26.3 ක් පමණක් ක්‍රීඩා කර තිබුණේය.

ඉන්දීය නායකයාට අනගි සහායක් ලබා දුන් නිකන් ජෝස් පන්දු 53 කදී ලකුණු 41 ක් රැස් කළ අතර අභිෂේක් ෂර්මා පන්දු 14 කදී ලකුණු 19 ක් ලබා වේගවත් ආරම්භයක් ලබා දුන්නේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම වෙනුවෙන් අෂ්න්ත් විලතපා පන්දු 107 කදී ලකුණු 46 ක්ද මොහොමඩ් ෆරාසුදීන් පන්දු 88 කදී ලකුණු 35 ක් රැස් කර ගනිමින් එම කණ්ඩායමට සහනයක් ලබා දුන් පිතිකරුවන් දෙදෙනා බවට පත්වූහ. ඉන්දියාව වෙනුවෙන් පන්දු යවීමෙන් කැපී පෙනුණු හර්ෂිත් රානා පන්දුවාර 9 කදී ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවේය. ඔහුට අමතරව නිතිෂ් කුමාර් සහ රෙඩ්ඩි සහ මානව් සුතාර් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 175 යි – (අශ්වන්ත් විල්තපා 46, මොහොමඩ් ෆරාසුඩීන් 35, අලී නසීර් 10, අර්යනාෂ් ශර්මා 38, ජෂ් ගියානනි 13, හර්ෂිත් රනා 41/4, නිතිෂ් කුමාර් 32/2, මානව් සුතාර් 28/2, අභිෂේක් ෂර්මා 19/1)

ඉන්දියානු ‘ඒ’ කන්ඩායම පන්දුවාර 26.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 179 යි – (යෂ් දුල් 108, නිකින් ජෝස් 41, අභිෂේක් ෂර්මා 19, මුහමද් ජවාදුල්ලා 47/1, අලී නසීර් 14/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee