slc
logo
Home   |    News
ජූලි 15, 2023
දුල්ගේ ශතකයෙන් ඉන්දියානු ‘ඒ’ පිලට පහසු ජයක්

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරාවලිය යටතේ ජූලි 14 වැනිදා පැවැති තෙවැනි තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරදවා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමත්විය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් පිල පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 175 ක් පමණක් ලබා ගත් අතර එය හඹා යෑමේදී ඉන්දීය පිල පන්දු 141 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගියේය.

ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් නායක යසී දුල් විශිෂ්ඨ ශතකයක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය පහසු කළේය. පන්දු 84 කට මුහුණ දුන් දුල් ඊට හතරේ පහර 20 ක් එල්ල ක‌ළේ ලබා ගත් ලකුණු 108 න් 28 ක් පමණක් කඩුලු අතර දිව යමින් රැස් කර ගනිමිනි. .තරගයේ වීරයා සම්මානයෙන් දුල් පිදුම් ලැබීය. ඉන්දීය කන්ඩායමේ ජයග්‍රහණය සනිටුහන්වන විට ඔවුන් ප්දුවාර 26.3 ක් පමණක් ක්‍රීඩා කර තිබුණේය.

ඉන්දීය නායකයාට අනගි සහායක් ලබා දුන් නිකන් ජෝස් පන්දු 53 කදී ලකුණු 41 ක් රැස් කළ අතර අභිෂේක් ෂර්මා පන්දු 14 කදී ලකුණු 19 ක් ලබා වේගවත් ආරම්භයක් ලබා දුන්නේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම වෙනුවෙන් අෂ්න්ත් විලතපා පන්දු 107 කදී ලකුණු 46 ක්ද මොහොමඩ් ෆරාසුදීන් පන්දු 88 කදී ලකුණු 35 ක් රැස් කර ගනිමින් එම කණ්ඩායමට සහනයක් ලබා දුන් පිතිකරුවන් දෙදෙනා බවට පත්වූහ. ඉන්දියාව වෙනුවෙන් පන්දු යවීමෙන් කැපී පෙනුණු හර්ෂිත් රානා පන්දුවාර 9 කදී ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවේය. ඔහුට අමතරව නිතිෂ් කුමාර් සහ රෙඩ්ඩි සහ මානව් සුතාර් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 175 යි – (අශ්වන්ත් විල්තපා 46, මොහොමඩ් ෆරාසුඩීන් 35, අලී නසීර් 10, අර්යනාෂ් ශර්මා 38, ජෂ් ගියානනි 13, හර්ෂිත් රනා 41/4, නිතිෂ් කුමාර් 32/2, මානව් සුතාර් 28/2, අභිෂේක් ෂර්මා 19/1)

ඉන්දියානු ‘ඒ’ කන්ඩායම පන්දුවාර 26.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 179 යි – (යෂ් දුල් 108, නිකින් ජෝස් 41, අභිෂේක් ෂර්මා 19, මුහමද් ජවාදුල්ලා 47/1, අලී නසීර් 14/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee