slc
logo
Home   |    News
ජූලි 8, 2023
නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි-20 පෙරමුණ ගනිති

sinhala editor

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ සමඟ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

පන්දුවට පහර දිමේදී වූ දුර්වලතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. එම ඉලක්කය හඹා යෑමේදී නවසීලන්ත කණඩායම පන්දු 7 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගියේය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 44 ක් ලද ආරම්භක පිතිකාරිණී සුසී බේට්ස් දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවාය. ලකුනු 106 ක අඩු ලකුණු සංඛ්‍යාවක් වුවත් ඉනෝෂි ප්‍රියදර්ශනී ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීම නිසා විටෙක තරගය දෙපිළටම විවෘත වන තත්ත්වයක් පැවැතිණ.

පළමු කඩුල්ල මුලු ලකුනු සංඛ්‍යාව 07 ක්ව තිබියදී දවා ගැනීමට උදේශිකා ‌ප්‍රබෝධනී සමත් වුවත්, සුසී බේට්ස්ට එක්වූ ඇමේලියා කර් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට අවශ්‍ය මූළික අඩිතාලම එක් කළහ. එහෙත් 12 වැනි පන්දුවාරයේදී ඇමේලියා කර්ගේ කඩුල්ල දවා ගත් ඉනෝෂි ප්‍රියදර්ශනී තවත් ලකුණු 12 ක් ඇතුළත නායිකා සොපී ඩිවයින් සහ මැඩී ග්‍රීන්ගේ කඩුලු දවා ගනිමින් තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවා දිමට සමත්වූවාය. එහෙත් අංක 6 පිතිකාරිණීය ලෙස පිටියට පිවිසි ජෝර්ජියා ප්‍ලිමර් පන්දු 18 කදී ලකුණු 16 ක් රැස් කරමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කළාය. තරගය අහවර වන විට පන්දුවාර 4 ක් යවා තිබූ ඉනෝෂි ලකුණු 17 කදී කඩුලු 3 ක් දවා ගනිමින් සිය විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරගත්තාය.

කාසියේ වාසියත් සමඟ  පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකාවට ආරාධනා කිරීම නිවැරදිම තීරණයක් බව ඒත්තු ගැනීමට ගත වූයේ පළමු පන්දුව යැවීම සඳහා ගත වූ කාලය පමනි. ඊඩ්න් කාසල් විසින් යවන ලද පළමු පන්දුවේදීම චමරි අතපත්තු දැවී යෑම ශ්‍රී ලංකාවට මහත් පාඩුවක් ගෙන දෙන්නක් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ විශ්මි ගුණරත්න ලකුණු 26 කට දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ බර රැගෙන යෑමේ වගකීම හිමිවන ප්‍රධානම පිතිකාරිනියන් වන හර්ෂිතා සමරවික්‍රම (12), හංසිමා කරුනාරත්න (07), සහ නිලක්ෂි ද සිල්වා (12) අඩු ලකුණු වලට දැවී නොයන්නට ශ්‍රී ලංකාවට මීට වඩා තරගයක් දීමේ හැකියාව නිසැකව පැවැතිණ. කණ්ඩායම සතු ප්‍රධානම පිතිකාරිණියන් 5 දෙනාම ලකුණු 68 ක්ව තිබියදී තරග නරඹන්නියන් බවට පත්වූහ. කෙසේ වෙතත් පසු පෙළින් පැමිණි අනුෂ්කා සංජීවනී (18) සහ ඔෂධී රණසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100 ඔබ්බට රැගෙන යෑමට මූල් වූහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 9 කට ලකුණු 106 යි – (විශ්මි ගුණරත්න 26, හර්ෂිතා සමරවික්‍රම 12, නිලක්ෂි ද සිල්වා 12, කවීෂා දිල්හාරි 10, අනුෂ්කා සංජීවනී 18, ඔෂධී රණසිංහ 18, ඊඩ්න් කාසන් 20/2, ලී කැස්පරෙක් 21/2, ඇමේලියා කර් 18/2)

නවසීලන්ත පන්දුවාර 18.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 107 යි – (සුසී බේට්ස් 44, ඇමේලියා කර් 34, ජෝර්ජියා ප්ලිමර් 16*, ඉනෝෂි ප්‍රියදර්ශනී 17/3, උදේශිකා ප්‍රබෝධනී 14/1, කවිෂා දිල්හාරි 17/1)

 

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee