slc
logo
Home   |    News
ජූලි 12, 2023
ප්‍රබලයින් රැසක් මෙහෙයවීමේ වගකීම දුනිත්ට

sinhala editor

BY CHAMILA KARAWITA

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානූ කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබලයින් රැසකගෙන් සමන්විත නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

තවමත් 20 හැවිරිදි වියේ පසුවන වෙල්ලාලගේ හෙට (13 වැනිදා) බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු තරගයේ සිට කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරනු ඇත.

මෙම තරගාවලිය සදහා 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබෙන අතර ඒ අතරට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නද ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. ඊට අමතරව එක්දින තරග පිටියේ කැපී පෙනන දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයින් වන අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, සහන් ආරච්චිගේ, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ මෙන්ම මෑතකදී ජාත්‍යන්තර තරග වරම් ලද ප්‍රමෝද් මදුෂාන් සහ දුෂාන් හේමන්ත ද වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

මෙම තරගාවලිය සමාරම්භය පිළිබඳව අද (12 දා) කොළඹදී මාධ්‍ය හමුවක් පැවැති අතර එහිදී එම කුසලාන එළිදැක්වීමද සිදුවිය. මෙම අවස්ථාවට තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා ඇතුළු සියලුම කණ්ඩායම් වල නායකයින් සහභාගිවූහ.

කණ්ඩායම මෙ‌හෙයවීමට අවස්ථාව ලැබීම ගැන ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා වන වෙල්ලාලගේ සඳහන් කර සිටියේ, මෙවැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීම සදහා තමන් කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධව තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බව සඳහන් කර සිටියේය.

“ඇත්තටම කියනවා නම් මුලින්ම ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙන්න ඔ්න මේ වගේ අවස්ථාවක් මට ලබා දුන්නට. ඒ වගේම තමයි මට ඉතාමත් හොද සමබර කණ්ඩායමක් ලැබිලා තියෙනවා. ඒ අතර අත්දැකීම් තියෙන ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. ඇත්තටම මට ලේසියි ‌මේ වගේ කණ්ඩායමක් මෙහෙයවන්න. ඒ වගේම සතුටුයි” යැයි වෙල්ලාලගේ සඳහන් කර සිටියේය.

මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන ඔ්නෑම කණ්ඩායමක ප්‍රධාන බලාපොරොත්තුව වී ඇත්තේ ශූරතා කුසලාන ජයග්‍රහණය කිරීම බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා, තමන් ඇතුළු කණ්ඩායමටද එම බලාපොරොත්තුව තිබෙන බව සඳහන් කර සිටියේය. එබැවින් හෙට ආරම්භවන බංග්ලාදේශ කණ්ඩායමේ සිටම තමන් ඇතුළු කණ්ඩායම තරගයෙන් තරගයට සැලසුම් සකස් කොට තරග වැදීමට බලාපොරෝතතු වන බවද සඳහන් කර සීටියේය.

“මුලින්ම කියන්න ඔ්න අපේ කන්ඩායම වගේම බංග්ලාදේශ කණ්ඩායම හොදයි. මං හිතනවා පුලුවන් තරම් මිස්ටෙක්ස් අඩුවෙන් කරන්න. මොකද මිස්ටෙක්ස් අඩුවෙන් කරන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. ඒක හින්දා හොද තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ තරග ඇත්තටම පීඩනයක් තියෙන තරග. ඒ හින්දා හෙට තරගයේදී හොද තරගයක් දීලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා” යැයිද වෙල්ලාලගේ වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මේ අතර තරගාවලිය ශ්‍රී ලංකාවෙහි පැවැත්වීමෙහි ඇති වැදගත් භාවය පිළිබඳව තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාද මෙහිදී අදහස් දක්වා සිටියේය.

“මං හිතන්නේ මේක විශේෂයෙන්ම ගත්තොත්, රටක් හැටියට අපි සංතෝෂ වෙන්න ඔ්න. මොකද ක්‍රීඩකයින් සහ නිලධාරීන් ගත්තහම ඔක්කොම 200 ක් විතර ඉන්නවා. එතකොට ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන හැම රටක්ම ශ්‍රී ලංකාවට ඇවිල්ලා තරග කරනවා. ඒ කියන්නේ මේක ක්‍රිකට් ‘හබ්’ එකක් වෙලා තියෙන නිසා මේ රටේ තරගාවලි පවත්වන්න පෙළැඹිලා තියෙන්නේ”

“ඒ වගේම විශේෂයෙන්ම ආසියානු ක්‍රිකට් සම්මේලනය සෑම විටෙකම ශ්‍රී ලංකාව ගැන ධනාත්මක බලනවා. ඒක නිසා අපේ ක්‍රීඩකයින්ට විතරක් නොවෙයි මේ තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම රටකම ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමේ ඉදිරියට එන්න මේ තරගාවලිය ගොඩක් උදව් වේවි. ඒ දිහා බැලුවහම ආසියානු ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාව හා සම්බන්ධව එකතු වෙලා දීලා තියෙන්නේ මේ ක්‍රීඩකයින්ට ගොඩක් ලොකු අවස්ථාවක්” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම –

  1. දුනිත් වෙල්ලාලගේ (නායක)
  2. පසිඳු සූරිබණ්ඩාර
  3. මිනෝද් භානුක
  4. අවිශ්ක ප්‍රනාන්දු
  5. ලසිත් කෲස්පුල්ලේ
  6. සහන් ආරච්චිගේ
  7. අෂේන් බණ්ඩාර
  8. ළහිරු උදාර
  9. ජනිත් ලියනගේ
  10. බිනුර ප්‍රනාන්දු
  11. ළහිරු සමරකෝන්
  12. ඉසිත විජේසුන්දර
  13. චාමික කරුනාරත්න
  14. ප්‍රමෝද් මදුශාන්
  15. දුෂාන් හේමන්ත

 

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee