slc
logo
Home   |    News
ජූලි 17, 2023
පාකිස්තානනු ‘ඒ’ පිලට ලකුණ් 184 ක දැවැන්ත ජයක්

sinhala editor

වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පාකිස්තාන ‘ඒ ‘ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගයෙන් පාකිස්තානය ‘ඒ ‘ කණ්ඩායම ලකුණු 187ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 309ට පිළිතුරු ලෙස එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 29.5කදී සියලු පිතිකරුවන් දැවී  රැස් කළේ ලකුණු 125ක් පමණකි. ආසියානු ක්‍රිකට් සමුළුව මේ තරගාවලිය මෙහෙයවති.

පාකිස්තානය රැස් කළ ලකුණු 309 හඹායෑමට එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ආරම්භක කඩුල්ලට අර්යාන්ස් ෂර්මා (37) සහ ජොනතන් ෆිගී (25) ප්‍රථම කඩුල්ලට පන්දුවාර 12කදී ලකුණු 59ක් රැස් කළත් ෂර්මා දැවී යාමත් සමඟ ඉතිරි කඩුලු නවයම දැවී ගියේ තව ලකුණු 66ක් එක් වද්දීය.

අර්යාන්ස් ෂර්මා පන්දු 34කදී හතරේ අටක් සමඟ ලකුණු 37ක් ද ජොනතන් ෆිගී පන්දු 50කදී හතරේ හතරක් සමඟ ලකුණු 25ක් ද රැස්කර වැඩිම ලකුණු ලාභීන් බවට පත්විණි. මීට අමතරව ඊ.ඩිස්වාසා ලකුණු 17ක් ලබමින් ලකුණු දහය ඉක්ම වූ අනෙක් එකම පිතිකරු බවට පත්විය.

ලකුණු 26කට කඩුලු හයක් දවාලු කාසිම් අක්රම් තරගයේ වීරයා ලෙස නම් කැරිණි.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ නායක අලි නසීර් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම පාකිස්තානයට පැවරීය. පාකිස්තාන කණ්ඩායමේ පන්දුවාරයකට දළ වේගය 6.18ක් විණි.

පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා සායිම් අයුබ් (56) සහ ෂාහිබ්ෂාඩා ෆාර්හාන් (63) ප්‍රථම කඩුල්ලට ලකුණු 98ක් රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා ගත්තේ පන්දු 91කට මුහුණ දෙමිනි. සායිම් අයුබ් පන්දු 63කට මුහුණදී හතරේ පහක් හයේ දෙකක් සමඟ ලකුණු 56ක් රැස් කරද්දී ෂාහිබ්ෂාඩා ෆර්හාන් ලකුණු 63ක් රැස් කළේ පන්දු 55කට මුහුණදී හතරේ දහයක් සහ හයේ පහරක් සමඟය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවීයාමෙන් පසු ලකුණු අතරට පිවිසි පාකිස්තානයේ සෙසු පිතිකරුවන් දෙදෙනා වූයේ නායක මොහමඩ් හැරිස් (55) සහ කම්රාන් ගුලාම්ය (63). මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට පන්දු 74කදී කඩිනම් ලකුණු 87ක් රැස් කිරීමට සමත්විණි.

වඩාත් ආක්‍රමණශිලී පිතිහරඹයක නියැලුණු කම්රන් ගුලාම් ලකුණු 63ක් ලබා ගත්තේ හයේ පහර හතරක් සහ හතරේ පහර හතරක් සමඟ පන්දු 53කට පමණක් මුහුණ දෙමිනි. නායක මොහමඩ් හැරිස් පන්දු 46කදී හතරේ නවයක් සමඟ ලකුණු 55ක් රැස් කළේය.

අර්ධ ශතක රැස් කළ මේ පිතිකරුවන් සිව්දෙනාට අමතරව වැඩිම ලකුණු ලාභියා වූයේ ඕමාවි යුසුෆ්ය(24). සෙසු පිතිකරුවන් කිසිවකුට ලකුණු දහය ඉක්මවා රැස් කිරීමට අවස්ථාව උදා නොවීය. වමතින් අඩු වේගයෙන් ඕතඩොක්ස් පන්දු යවන 19 හැවිරිදි ජාස් ගියානානි හොඳම පන්දු යැවීම සිදු කළේ ලකුණු 50කට පිතිකරුවන් හතරදෙනෙකුම දවාලමිනි.

පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම සියල්ල දැවී 309යි (පන්දුවාර 49.2) – (ෂායිබ්ෂාඩා ෆර්හාන් 63, කම්රන් ගුලාම් 63, මොහමඩ් හැරිස් 55, සායිම් අයුබ් 56, ඕමාවි යුසුෆ් 24, ජාස් ගියානානි 50/4, මැටිඋල්ලා ඛාන් 53/2යි).

එක්සත් අරාබි එමීර් කණ්ඩායම සියල්ල දැවී 125යි (පන්දුවාර 29.5යි) – (අර්යාන්ස් ෂර්මා 37, ජොනතන් ෆිගී 25, නිලාන්ස් කෙස්වානි 17, ඊඩිස්වාසා 10, කාසිම් අක්රම් 26/6,  සුයිෆියාන් මුකීම් 36/3)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest