slc
logo
Home   |    News
ජූලි 17, 2023
පාකිස්තානනු ‘ඒ’ පිලට ලකුණ් 184 ක දැවැන්ත ජයක්

sinhala editor

වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පාකිස්තාන ‘ඒ ‘ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගයෙන් පාකිස්තානය ‘ඒ ‘ කණ්ඩායම ලකුණු 187ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 309ට පිළිතුරු ලෙස එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 29.5කදී සියලු පිතිකරුවන් දැවී  රැස් කළේ ලකුණු 125ක් පමණකි. ආසියානු ක්‍රිකට් සමුළුව මේ තරගාවලිය මෙහෙයවති.

පාකිස්තානය රැස් කළ ලකුණු 309 හඹායෑමට එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ආරම්භක කඩුල්ලට අර්යාන්ස් ෂර්මා (37) සහ ජොනතන් ෆිගී (25) ප්‍රථම කඩුල්ලට පන්දුවාර 12කදී ලකුණු 59ක් රැස් කළත් ෂර්මා දැවී යාමත් සමඟ ඉතිරි කඩුලු නවයම දැවී ගියේ තව ලකුණු 66ක් එක් වද්දීය.

අර්යාන්ස් ෂර්මා පන්දු 34කදී හතරේ අටක් සමඟ ලකුණු 37ක් ද ජොනතන් ෆිගී පන්දු 50කදී හතරේ හතරක් සමඟ ලකුණු 25ක් ද රැස්කර වැඩිම ලකුණු ලාභීන් බවට පත්විණි. මීට අමතරව ඊ.ඩිස්වාසා ලකුණු 17ක් ලබමින් ලකුණු දහය ඉක්ම වූ අනෙක් එකම පිතිකරු බවට පත්විය.

ලකුණු 26කට කඩුලු හයක් දවාලු කාසිම් අක්රම් තරගයේ වීරයා ලෙස නම් කැරිණි.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ නායක අලි නසීර් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම පාකිස්තානයට පැවරීය. පාකිස්තාන කණ්ඩායමේ පන්දුවාරයකට දළ වේගය 6.18ක් විණි.

පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා සායිම් අයුබ් (56) සහ ෂාහිබ්ෂාඩා ෆාර්හාන් (63) ප්‍රථම කඩුල්ලට ලකුණු 98ක් රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා ගත්තේ පන්දු 91කට මුහුණ දෙමිනි. සායිම් අයුබ් පන්දු 63කට මුහුණදී හතරේ පහක් හයේ දෙකක් සමඟ ලකුණු 56ක් රැස් කරද්දී ෂාහිබ්ෂාඩා ෆර්හාන් ලකුණු 63ක් රැස් කළේ පන්දු 55කට මුහුණදී හතරේ දහයක් සහ හයේ පහරක් සමඟය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවීයාමෙන් පසු ලකුණු අතරට පිවිසි පාකිස්තානයේ සෙසු පිතිකරුවන් දෙදෙනා වූයේ නායක මොහමඩ් හැරිස් (55) සහ කම්රාන් ගුලාම්ය (63). මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට පන්දු 74කදී කඩිනම් ලකුණු 87ක් රැස් කිරීමට සමත්විණි.

වඩාත් ආක්‍රමණශිලී පිතිහරඹයක නියැලුණු කම්රන් ගුලාම් ලකුණු 63ක් ලබා ගත්තේ හයේ පහර හතරක් සහ හතරේ පහර හතරක් සමඟ පන්දු 53කට පමණක් මුහුණ දෙමිනි. නායක මොහමඩ් හැරිස් පන්දු 46කදී හතරේ නවයක් සමඟ ලකුණු 55ක් රැස් කළේය.

අර්ධ ශතක රැස් කළ මේ පිතිකරුවන් සිව්දෙනාට අමතරව වැඩිම ලකුණු ලාභියා වූයේ ඕමාවි යුසුෆ්ය(24). සෙසු පිතිකරුවන් කිසිවකුට ලකුණු දහය ඉක්මවා රැස් කිරීමට අවස්ථාව උදා නොවීය. වමතින් අඩු වේගයෙන් ඕතඩොක්ස් පන්දු යවන 19 හැවිරිදි ජාස් ගියානානි හොඳම පන්දු යැවීම සිදු කළේ ලකුණු 50කට පිතිකරුවන් හතරදෙනෙකුම දවාලමිනි.

පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම සියල්ල දැවී 309යි (පන්දුවාර 49.2) – (ෂායිබ්ෂාඩා ෆර්හාන් 63, කම්රන් ගුලාම් 63, මොහමඩ් හැරිස් 55, සායිම් අයුබ් 56, ඕමාවි යුසුෆ් 24, ජාස් ගියානානි 50/4, මැටිඋල්ලා ඛාන් 53/2යි).

එක්සත් අරාබි එමීර් කණ්ඩායම සියල්ල දැවී 125යි (පන්දුවාර 29.5යි) – (අර්යාන්ස් ෂර්මා 37, ජොනතන් ෆිගී 25, නිලාන්ස් කෙස්වානි 17, ඊඩිස්වාසා 10, කාසිම් අක්රම් 26/6,  සුයිෆියාන් මුකීම් 36/3)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee