slc
logo
Home   |    News
ජූලි 4, 2023
යූත් ලීග් අවසන් සටන මහනුවර සහ කොළඹ උතුර අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා මහනුවර කණ්ඩායමත් කොළඹ උතුරු කණ්ඩායමත් තේරී පත්ව සිටිති. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම අවසන් මහ තරගය හෙට (ජූලි 05 වැනිදා) පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත.

අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මහනුවර, ගාල්ල සහ කොළඹ උතුරු කණ්ඩායම් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබූ නමුත් අද (04 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම අයහපත් කාලගුණය මත අතහැර දැමීම නිසා ජයග්‍රහණය 2 ක් ලබා සිටියද ගාල්ල කණ්ඩායමට අවාසනාවන්ත ලෙස අවසන් මහ තරග අවස්ථාවට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේය.

මෙවර තරගාවලියේදී ජයග්‍රහණය 2 ක් වාර්තා කරන ලද කණ්ඩායම් බවට පත්ව සිටියේ ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම් පමණි. එහෙත් කොළඹ උතුරු කණ්ඩායම මූලික වටයේදී තරග වැදි තරග 4 න් ලද එකම ජයග්‍රහණය බෝනස් ලකුණක් ද සමඟ ජය ගැනීමට සමත්ව සිටීම නිසාත් ඉතිරි තරග 2 ක් විසඳුමින් රහිත වීම නිසාත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක ගාල්ල කණ්ඩායම ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව (5) සමාන විය.  ගෝල් කණ්ඩායමද ජයග්‍රහණ 2 ක් සහ එක් තරගයක් පරාජයට පත්ව අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා ප්‍රසාද ලකුනු 5 ක් ලබා සිටියේය.  ශුද්ධ දල ලකුණු ලබාගැනීමේ වේගය ගාල්ලට වඩා කොළඹ උතුරු ‌කණ්ඩායමේ ඉදිරියෙන් තිබීම නිසා ඔවුනට අවසන් මහ තරග අවස්ථාව සඳහා ඉඩ කඩ විවර විය.

ප්‍රසාද ලකුණු සමවන අවස්ථාවන්හිදී ඉදිරියට යන කණ්ඩායම තීරණය කරනු ලබන්නේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව වන බැවින් එහි වාසිය කොළඹ උතුරු කණ්ඩායම සතුවිය.  ඒ අනුව හෙට මහනුවර කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට කොළඹ උතුරු කණ්ඩායම පත්ව සිටියි.

කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිත තිබූ තර 2 ම අයහපත් කාලගුණය මත අත හැර දැමුණු නමුත්, පල්ලේකැලී පැවැති කොළඹ උතුරු සහ දඹුල්ල අතර තරගය පන්දුවාර 2.3 කට සීමා විය. එහිදී පළමුව පන්දුවට පහර දෙමින් සිටි කොළඹ උතුරු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණක් ලබා සිටියේය. මේ අතර අස්ගිරි‌ය ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සහ කොළඹ දකුණ අතර තරගය එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවීය.

මහනුවර කණ්ඩායම

  1. රහල් අමරසිංහ (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  2. පුලිඳු පෙරේරා (ධර්මරාජ විදුහල – මහනුවර)
  3. සුපුන් වඩුගේ – (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  4. ලක්වින් අබේසිංහ (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  5. කවීජ ගමගේ (කිංග්ස්වුඩ් විදුහල – මහනුවර)
  6. දිනූෂ පීරිස් (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  7. තරණ විමලධර්ම (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  8. කවීෂ පියුමාල් (ශා. අන්තෝනි විදුහල – මහනුවර)
  9. දිනූක තෙන්නකෝන් (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  10. තේනුක ඒකනායක (සුමංගල විදුහල – මහනුවර)
  11. අබ්දූල් හකම (කිංග්ස්වුඩ් විදුහල – මහනුවර)
  12. මනුල කුලරත්න (ත්‍රිත්ව විදුහල – මහනුවර)
  13. තිසර ඒකනායක (ශා. අන්තෝනි විදුහල – මහනුවර)

කොළඹ උතුර කණ්ඩායම

  1. කවිඳු අමමෙත් (මහානාම විදුහල – කොළඹ)
  2. ලිනාල් සුබසිංහ (වෙස්ලි විදුහල – කොළඹ)
  3. තනුජ රාජපක්ෂ (තර්ස්ටන් විදුහල – කොළඹ)
  4. හිරාන් ජයසුන්දර (ශාන්ත ජෝෂප් විදුහල – මරදාන)
  5. හිරුන් කපුරුබණ්ඩාර (ශා. ජෝෂප් විදුහල – මරදාන)
  6. සර්ජන් ශම්මුගනාදන් (ශා. බෙනඩික් විදුහල – කොටහේන)
  7. ප්‍රවීන් මනීෂ (රාජසිංහ විදුහල – හංවැල්ල)
  8. ඉනූක කරන්නාගොඩ (මහනුවර විදුහල – මහනුවර)
  9. විහස් තෙව්මික (තර්ස්ටන් විදුහල – කොළඹ)
  10. දුවිඳු රණතුංග (මහානාම විදුහල – කොළඹ)
  11. රුවිසාන් පෙරේරා (ආනන්ද විදුහල – කොළඹ)
  12. උවින් පෙරේරා (වෙස්ලි විදුහල – කොළඹ)
  13. රශ්මික හිරුශාන් (මහානාම විදුහල – කොළඹ)

 

 

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee