slc
logo
Home   |    News
ජූලි 5, 2023
යූත් ලීග් ක්‍රිකට් අවසන්  ගැටුම වැස්ස නිසා දිනකින් පස්සට

sinhala editor

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ  මහනුවර කණ්ඩායම සහ කොළඹ උතුරු කණ්ඩායම අතර අද (05 වැනිදා ) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් හෙට (06 වැනිදා ) දින දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

අවම වශයෙන් පන්දුවාර 20ක තරගයක් පැවැත්වීමට තරග තීරකවරයා ඇතුළු විනිසුරුවරුන් උත්සාහ ගත් නමුත් දිගින් දිගටම ඇද හැළුණු වර්ෂාව ඊට හරස් විය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු නැවතත් මෙම තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට  (06 වැනිදා) පෙ.ව. 10.00 ට තරගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

අද දවස පුරාම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තණතීරුව ආවරණ වලින් වසා තිබූ අතර පස්වරු 1 ට පමණ තණතීරුව පරික්ෂා කළ තරඟ තීරක සහ විනිසුරුවරු තරඟය එදිනට පැවැත්විය නොහැකි යැයි නිඟමනය කළහ.

එළැඹෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා  ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදුකෙරෙනුයේ මෙම තරගාවලිය පාදක කරගනිමින් බැවින්  මෙම තරගාවලිය අතිශය වැදගත් තරගාවලියකි.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest