slc
logo
Home   |    News
ජූලි 6, 2023
ලංකා ප්‍රිමියර් ලීග්හි විකාශන අයිතිය ස්ටාර් ස්පෝර්ට්ස් වෙතට

sinhala editor

ජූලි මස 30 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලොව ප්‍රකට ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ සමාගම විසින් අත්පත් කරගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරග මාලාවේ සිව්වැනි ලෙසින් පැවැත්වෙන මෙවර තරගාවලියේදී ස්ටාර් ස්පෝර්ට්ස් සමාගම විසින් එහි විකාශන අයිතිය හිමිකරගත් පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වනු ඇත.

කණ්ඩායම් 5 කගේ සහසභාගිත්වයෙන් හෙවත් කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගෝල් ටයිටෑන්ස්, ජැෆ්නා කිංග්ස් සහ මහනුවර බී ලව් යන කණ්ඩායම් මෙවර තරග වදින කණ්ඩායම් වෙති. ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, නේපාලනය, මාලදිවයින මෙන්ම උතුරු අප්‍රිකානු සහ මැද වෙරදිග රටවල විකාශය කිරීමට ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනය කටයුතු කරනු ඇත.

“ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඇති තරගකාරීත්වය සහ ඒ සඳහා ක්‍රීඩා ලෝලීන් දක්වනු ලබන උනන්දුව අනුව එය ඉතා ඉහළ තලයකට යනු ඇති බව මා විශ්වාස කරනවා. එබැවින් ස්ටාර් ස්පෝර්ට්ස් වැනි කීර්තිමාත් විකාශන ආයතනයක් විසින් තරගාවලිය තවත් පුලුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත රැගෙන යෑම අපි ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා” යැයි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය.

ස්ටාර් ස්පෝර්ට් සමාගම ඉහළම ජාත්‍යන්තර සහ දේශීය ක්‍රීඩා තරගාවලි කිහිපයකම කටයුතු කරනු ලබන කීර්තිමත් ආයතනයකි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සියලුම ලෝක කුසලාන ඉසව්, ඉන්දියන් ප්‍රිමියර් ලීග්, ඔස්ට්‍රේලියාව, ඉන්දියන් සුපර් ලීග්, ඇතුළු තවත් ප්‍රමුඛතම ක්‍රීඩා රැසක විකාශන ආයතනය ලෙස කටයුතු කරනු ඇත. ඒ අතර ලොව වඩාත්ම ජනප්‍රිය විම්බල්ඩන් ටෙනිස් තරගාවලියද විකාශනය කරනු ලබන්නේ ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනයවන බැවින් එවැනි ආයතනයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සමඟ එකතු වීම, එම තරගාවලියේ ශක්තිමත් භාවයට ඉහළ යෑමට හේතු වනු ඇත.

 

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar