slc
logo
Home   |    News
ජූලි 27, 2023
අපේ පන්දු යැවීම සහ පහරදීමේ දක්ෂතා නිසි අයුරින් ඉස්මතු වූයේ නෑ – පියල් විජේතුංග කියයි.

sinhala editor

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පිතිකරුවන් තුළ පවතින දක්ෂතා පාකිස්තානය සමඟ පැවැති දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉස්මතු නොවීමෙන් මේ දක්වා පාකිස්තානය සමඟ සම තත්ත්වයට ඒමට අවස්ථාව උදා නොවූ බව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතා සඳහන් කර සිටියි. කණ්ඩායම් දෙක අතර දෙවන ටෙස්ට් තරගයේ තෙවන දින නිමාවේදී ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේය.

“අපි අපගේ පන්දු යවන්නන්ට උපදෙස් දී තිබුණේ පන්දු ඕවරයකට සාමාන්‍ය ලකුණු තුන ඉක්මවා ලබා නොදෙන ලෙසටයි. එහෙත් පාකිස්තාන පිතිකරුවන් ඔවුනගේ මුල් ඉනිම පුරාම මෙතෙක් පන්දු ඕවරයකට සාමාන්‍ය ලකුණු හතර ඉක්මවා රැස් කිරීමෙන් ඔවුනට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාව ලැබී තිබෙනවා.“

“පාකිස්තාන පිතිකරුවන් හා පන්දු යවන්නන් සියයට සියයක්ම මෙතෙක් හොඳින්ම ඔවුනගේ කාර්යයන් ඉටුකර තිබීම නිසා ඔවුනට මේ වන විට තරගයේ ගෞරවයන් අත්කර ගැනීමට අවස්ථාවත් සැළසී තිබෙනවා. අඩු වේගයෙන් යුත් මේ තණතිල්ලෙන් අපට වඩා ඔවුන් ප්‍රයෝජනගත් බව පැහැදිලි කරුණක්.“

“එස්.එස්.සී. තණතිල්ලේ දෝලනයක් ඇතිව පන්දු යවන්නන්ට සහයක් ප්‍රථම දින පළමු පැය දෙක තුළම ලැබීමෙන් පාකිස්තානය එම කාලය තුළ අපගේ කඩුලු හතරක්ම දවා ප්‍රථම දින උදයවරුවේම වැඩි වාසි අත්කර ගත්තා. අප පන්දු යවන්නන් අතුරින් අප භාවිතා කළේ පන්දු යවන්නන් සිව්දෙනකු පමණයි. වේග පන්දු යවන්නන් දෙදෙනා සහ දඟපන්දු යවන්නන් දෙදෙනායි.“

“තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට පන්දු යැවීමට අවස්ථාව උදා වූයේ පන්දුවාර තුනක් පමණයි. ධනංජය තරගයක ඕනෑම අවස්ථාවක හොඳින් දඟපන්දු යැවීමට හැකි ක්‍රීඩකයෙක්. ඔහුව මීට වඩා උපයෝගී කර ගත්තා නම් හොඳයි කියා මා පෞද්ගලිකව සිතනවා.

ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී අපට පාකිස්තානය සමඟ ආසන්නයටම ඒමට හැකි වූ අතර එම තරගයේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු පහක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු හතක් දවාලීමට සමත් වූවා. මේ පන්දු යවන්නන් දෙදෙනා කඩුලු අතර සිටින නිසා දැනට එළියේ සිටින ලක්ෂිත මනසිංහ වැනි දක්ෂ අයට කණ්ඩායමට ඇතුළුවීමට තව ටික දිනක් ගතවේවි.“

කාසියේ වාසිය දිනා අප පන්දුවට පහර දුන් අවස්ථාවේ මීට වඩා යම් ලකුණු සංඛ්‍යාවක් රැස්කර පසුව දඟපන්දු යවන්නන්ට තණතිල්ල වාසිගෙන දුන්නා නම් මීට වඩා යහපත්වීමට ඉඩ තිබුණා” යැයිද පියල් විජේතුංග මහතා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee