slc
logo
Home   |    News
ජූලි 23, 2023
ඉන්දු – පාකිස්තාන් අවසන් මහ තරගය නැරඹීම නොමිලේ

sinhala editor

ආසියානු ක්‍රිකට් කුවන්සිලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23 දා) ක්‍රිකට් පිටියේ ප්‍රබලතම එදිරිවාදීන් බවට පත්ව සිටින ඉන්දියාව සහ පාකිස්තාන නැගීඑන කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ. මෙම තරගය පව. 2.00 ට ආරම්භ වනු ඇත.

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ අවසන් පූර්ව තරග වලදී ශ්‍රී ලංකා ඒ පිලට එරෙහිව පාකිස්තානු ඒ පිල ද බංග්ලාදේශ ඒ පිලට එරෙහිව ඉන්දීය ඒ කණ්ඩායමද ජය වාර්තා කරමින් අවසන් මහ තරග වරමට පිවිසියහ.

ඉකුත් වසරේ වීරයින් බවට පත්ව සිටින පාකිස්තානු කණ්ඩායම, සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවුදරටත් රඳවා ගැනීමේ අදිටනින් අද තරගයට අවතීර්ණ වද්දී මීට අවඅරුදු 10 කට පෙර අවසන් වතාවට එම ශූරතාව දිනා සිටින ඉන්දියාව යළිත් වතාවක් ශූරතාව දිනා ගැනීමේ‌ අදිටනින් තරග බිමට පිවිසෙති.

මෙම තරගයද තරගාවලියේ පෙර තරග පරිදිම ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීමට අවකාශ සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. ඒ අනුව තරගය නැරඹීමට කැමැති ක්‍රීඩා ලෝලීන් සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දොරටු විවෘතව තැබෙනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee