slc
logo
Home   |    News
ජූලි 20, 2023
නැගීඑන ක්‍රීඩකයින්ගේ දක්ෂතා බලන්න ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ අවස්ථාව

sinhala editor

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග 2, නැරඹීමේ අවස්ථාව කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිටත් ඉන්දියානු ‘ඒ’ සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට පැවැත්වෙනු ඇත.

ඒ අනුව මෙම තරග දෙක නැරඹීම වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා දොරටු විවෘතව තැබෙනු ඇත. හෙට පැවැත්වෙන තරග වලින් ජය ගනු ලබන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබන අතර එම අවසන් මහ තරගය ලබන 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ප.ව. 2.00 ට ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee