slc
logo
Home   |    News
ජූලි 2, 2023
වනිඳුට දඬුවම් ලකුණක්

sinhala editor

සුපිරි කණ්ඩායම 6 අතර තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහි තරගය අතරතුරදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන ලෙස හැසි‌රීම නිසා වනිඳු හසරංගට එක් දඬුවම් ලකුණක් ලබා දී තිබේ.

වනිඳුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වී ඇත්තේ ඔහු දැවී යෑමෙන් පසු පිටියෙන් ඉවතට පැමිණීමේදී තම පිත්තෙන් ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩාංගණය වටා යොදා ඇති හතරේ සීමාවට පහර දීම වේ.

එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙ චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝණය කිරීමක්වේ. ජාත්‍යන්තර තරගයකදී ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම්, ක්‍රීඩාංගණයේ ඇති උපකරණ සවි කිරීම් මෙන්ම උපාංග අනිසි ලෙස භාවිතා කිරීම මෙම වගන්තියට ඇතුළත් වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයේදී වනිඳු හසරංග වරද පිළිගත් බැවින් තරග තීරකවරයා ලෙස කටයුතු කරන ලද දකුණු අප්‍රිකානු ජාතික ශයිඩ් වද්වලා මහතා විසින් යෝජනා කරන ලද අවසරය ඔහු පිළිගනු ලැබීය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee