slc
logo
Home   |    News
ජූලි 12, 2023
නැගීඑන ආසියානු කුසලාන දිනා ගැනීමට රටවල් 8 ක් හෙට සිට සටනේ

sinhala editor

BY CHAMILA KARAWITA

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13 දා) කොළඹදී ආරම්භ වේ. 5 වැනි වතාවටත් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක දිනයේදී දෙවතාවක් නැගීඑන ශූරයින් ලෙසින් කිරුළු දරා සිටින සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමත් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී තරග වදිද්දී එදිනම ඇෆ්ගනිස්තානු ‘ඒ’ කණ්ඩායම ඕමාන ‘ඒ’ කණ්ඩායම සමග සී. සී. සී. පිටියේදී තරග වදිනු ඇත.

ශූරතාව සඳහා පිදෙන කුසලාන නිරාවරණය කිරීම අද තරගාවලි අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න මහතා සහ තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 8 නායකයින් සමග සිදුකෙරිණ. මෙම අවස්ථාවට ආසියානු ක්‍රීකට් කවුන්සිලය නියෝජනය කරමින් වාණිජ අංශ ප්‍රධානී ප්‍රභාකරන් තන්රාජ් මහතා ද සහභාගිවිය.

ආසියානු කළාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල් අතර ක්‍රීඩකයින්ග් දක්ෂතා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේදී වඩාත්ම අවධානය යොමු වන තරගය බවට පත්ව තිබෙන්නේ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අතර තරගයයි. මෙම තරගය ජූලි 19 වැනිදා ප.ව. 2.00 සිට දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.

2013 වසරේදී පළමුවෙන්ම සිංග්පූරුවේදී පවත්වන ලද මෙම සමාරම්භක තරගාවලියේදී ඉන්දියාව විසින් පාකිස්තානු පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් මංගල ශූරතාව ඉන්දියාවට රැගෙන යෑමට සමත්විය. අනතුරුව මෙම තරගාවලිය බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් 2017 වසරේ පැවැති අතර එහිදී පළමු වතාවට ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්තේය. එම අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 5 කින් පරාජයට පත් වූයේ එහි මංගල තරගාවලියේ අනුශූරයින් බවට පත් වුණු පාකිස්තානු කණ්ඩායමයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් පළමු වතාවට සත්කාරකත්වය දරන ලද්දේ 2018 වසරේදී වන අතර එම තරගාවලියේදීද ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් එහි ශූරයින් බවට කිරුළු පැළඳූහ. ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කරමින් සම්මු අශාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‌නැගී එන කණ්ඩායම සමත්විය. එම කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, කමිඳු මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ක්‍රීඩා කළහ.

මෙවර තරගාවලිය සඳහා ආසියානු කළාපය නියෝජනය කරමින් රටවල් 8 ක් සහභාගිවනු ලබන අතර ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ තරගයේදී ඉදිරියට පැමිණන කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ සහභාගිවන අතර බංග්ලාදේශය, ඇෆ්ගිස්තාන ‘ඒ’ සහ ඕමාන ‘ඒ’ කණ්ඩායම් ප්‍රතිවාදී බවට පත්ව සිටිති. ‘බී’ කාණ්ඩය යටතේ පාකිස්තාන ‘ඒ’, ඉන්දියානු ‘ඒ’, නේපාල ජාතික කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් ‘ඒ’ යන කණ්ඩායම් තරග වදිනු ඇත.

තරගාවලියේ සියලුම තරග කොළඹ ‌ආර්. ප්‍රේමදාස, එස්. එස්. සී., පී. සරා ඔ්වල් සහ සී. සී. සී. යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. මූලික වටය යටතේ පැවැත්වෙන තරග 9 ක් සහ එක් අවසන් පූර්ව තරගයක් දිවා තරග ලෙසින් පැවැත්වෙද්දී අවසන් මහ තරගය ඇතුළු තවත් තරග 5 ක් දිවා රාත්‍රී වශයෙන් පැවැත්වෙනු ඇත.

තරග කාල සටහන

ජූලි 13 –

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ඇෆ්ගනිස්තානය සහ ඔ්මාන කණ්ඩායම් අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ජූලි 14 –

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

පාකිස්තානය සහ නේපාල කණ්ඩායම් අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ජූලි 15 –

බංග්ලාදේශ පිල සහ ඔ්මාන කණ්ඩායම් අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ජූලි 17 –

පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර පී. සරා ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට

ඉන්දීය පිල සහ නේපාල කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 18 –

බංග්ලාදේශ පිල සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ශ්‍රී ලංකා පිල සහ ඔ්මාන කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 19 –

නේපාල පිල සහ එක්සත් අරාබි කණ්ඩායම් අතර පී. සරා ඔ්වල් කීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

පාකිස්තාන පිල සහ ඉන්දීය කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 21 –

පළමු අවසන් පූර්ව තරගය පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

දෙවැනි අවසන් පූර්ව තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 23 –

අවසන් මහ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ‌ප.ව. 2.00 සිට

 

Active filters

Recent Posts

  • පානදුර⁣ට ලකුණු පහක තියුණු ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම […]
  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee