slc
logo
Home   |    News
ජූලි 24, 2023
LPL ටිකට් කවුලු 3 ක් හෙට සිට විවෘතයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවියට පිවිසීමෙන් වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍ර වලට අමතරව තවත් ප්‍රවේශ පත්‍ර කවුලු 3 ක් හෙට (25 වැනිදා) දින සිට විවෘතව තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.

මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk වෙත පිවිසීමෙන් මිලදී ගත හැක. ඊට අමතරව කොළඹ 07, විද්‍යා මාවතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවේශ පත්‍ර කවුලුව පෙ.ව. 9 සිට ප.ව. 6 දක්වා විවෘතව තැබෙන අතර ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කවුලුව පෙ.ව. 10.30 සිට ප.ව. 6 දක්වාත් .කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝලටයේ පිහිටුවා ඇති ප්‍රවේශපත්‍ර කවුලුව පෙ.ව. 11 සිට ප.ව. 6 දක්වාත් විවෘතව තැබෙනු ඇත.

කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන මෙවර එල්.පී.එල්. තරගාවලියේ ප්‍රවේශ පත්‍ර රුපියල් 150 සිට රුපියල් 6500 දක්වා වූ මිල ගණන් යටතේ මිලදී ගත හැක.

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest