slc
logo
Home   |    News
ජූලි 28, 2023
LPL වලින් රටට ලැබෙන ආදායම ඩොලර් මිලියන 8ක් – තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල

sinhala editor

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ තරු පහේ හෝටල් සිට තැඹිලි කපන ව්‍යාපාරිකයා දක්වා රටට සෘජුවම ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් 8ක් අතර ප්‍රමාණයක් බව ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටී. ඒ මහතා මෙසේ පැවැසූවේ මේ 30 වැනිදා සිට අගෝස්තු 20 දක්වා කොළඹදී හා මහනුවරදී පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට හිමිවන ආර්ථීක වාසිය පැහැදිලි කර දෙමිනි.

ශ්‍රී ලංකාව ආර්ථීක අතින් දුරුවලවී ඇති කාල වකවානුවක රටට සෘජුවම ඩොලර් මිලියන ගණනක ආදායමක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් පාලානාධිකාරියට ස්තූතිවන්ත විය යුතු බව දොඩන්වෙල මහතා පැවැසීය.

“ප්‍රිමීයර් ලීග් කණ්ඩායම් 5ට ක්‍රීඩකයින් ගන්න මෙවර ඩොලර් මිලියන 5ක් වෙන් කළා. පසුගිය ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට වඩා එය සියයට පනහක වැඩිවීමක්. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථීකයට විශාල වාසියක්. එක පාරම ලොකු මුදලක් තරගාවලිය ආරම්භයේදීම ඇවිත් තියෙනවා. ඒ වගේම ක්‍රීඩකයෝ හා සහය කාර්ය මණ්ඩලය සමග කණ්ඩායමකට 35ක් පමණ එනවා. කණ්ඩායම් 5ටම ක්‍රීඩකයින් හා සහය කාර්ය මණ්ඩලය 175ක් විතර වෙනවා. ඒ අයට පමණක් තරු පහේ හෝටල් කාමර 175ක් අවශ්‍යයි. පාකිස්තානයේ හා ඩුබායි ආදී රටවලින් සියලුම කණ්ඩායම්වල අයිතිකරුවන් හා ඔවුන්ගේ නියෝජිතයින් මේ දිනවල ශ්‍රී ලංකාවට එනවා. මේ අයට තව කාමර 40ක් 50ක් විතර ඕනේ. එයට අමතරව තරග විනිසුරුවන්, තරග තීරකවරුන්, විස්තර ප්‍රචාරක කාර්ය මණ්ඩලය, එතැනටත් කාමර 50ක් විතර අවශ්‍යයි. මෙයට අමතරව තරග විකාශකයින් හා කාර්ය මණ්ඩලය 75කට විතර කාමර අවශයයි. තරග විකාශකයින්ගේ නිෂ්පාදනය ඉතාම ඉහළ එකක්.  ඔක්කොම බැලුවාම මේ තරගාවලියට තරු පහේ හෝටල් කාමර 450ක් විතර අවශ්‍යයි. එක් කාමරයක් ඇමෙරිකානු ඩොලර් 120ක් වැය වෙනවා කියලා හිතමු. කාමරවලට විතරක් දිනකට ඇමෙරිකානු ඩොලර් 54000ක් විතර වැය වෙනවා. එල්පීඑල් තරගාවලියේ සේවය නියුතු අය දින 25ක් විතර මේ හෝටල් කාමරවල ඉන්නවා. කාමරවලට පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආදායමක් හෝටල් ව්‍යාපාරයට එනවා“ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැහැදිලි කළේය.

“හෝටල් වියදමට අමතරව විශාල වශයෙන් අපට වතුර බෝතල් අවශ්‍යයි. තැඹිළි,පළතුරු යුෂ, පළතුරු, ජීවනී එක දක්වා ගත යුතුයි. මේක සුලු පරිමාන ව්‍යාපාරිකයින්ට ලැබෙන ආදායමක්. එලවලු වෙළෙන්දා දක්වා මේ ආදායම් පහළට ගලා යනවා“

“එල්පීඑල් තරග කාලසටහන හදා ගන්න ලෙහෙසි වුණේ නෑ. තරගාවලිය දිවා හා රාත්‍රී දෙ ආකාරයෙන්ම පැවැත්වෙනවා. ඒ නිසා මේ කාල සටහන සමබරව හදා ගන්න ලෙහෙසි නෑ. සියලු කණ්ඩායම්වලට සාධාරණ පරිදි තරග දිය යුතුයි. ක්‍රිකට් ගහනවා විතරක් නොවෙයි. මේ වගේ දැවැන්ත තරගාවලියක් සංවිධානය දැවැන්ත කාර්යයක්. ඒක තිරය පිටුපස දැවැන්ත ක්‍රියාවලියක්“

“ ඉන්දීය ක්‍රීඩකයින් ලෝකයේ කොහේවත් රටවල් වල මේ වගේ තරගාවලි සදහා යන්නේ නෑ. ඒකට හේතුව ඉන්දීය ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත් ගිවිසුම්වල සිටිනවා නම් ඔහු වෙනත් රටක මේ වගේ තරගාවලිවලට ක්‍රීඩා කරන්න බෑ. ලෝකයේ ඕනෑම ක්‍රීඩකයෙකුට ඉන්දියාවට පැමිණ අයිපීඑල් තරගාවලියට එක් වෙන්න පුලුවන්. හැබැයි ඉන්දීය ක්‍රීඩකයින්ට වෙනත් රටවල ක්‍රිකට් ගහන්න බෑ. යනවා නම් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගිය අයෙක් පමණයි“ දොඩන්වෙල මහතා පැවැසීය.

“ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සමාජ සුභ සාධනයට කැපවීම විශේෂ දෙයක් වුණා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු එල්ල කරන සෑම හයේ පහරකින්ම රුපියල් 6000ක්, හතරේ පහරකින් රුපියල් 4000ක් හා ලකුණු නොදුන් පන්දුවකට (Dot ball) රුපියල් 2000ක් බැගින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් ලබා දෙනවා. එයට අමතරව තරගාවලියේ අලෙවි වන සෑම ටිකට් පතකින්ම යම් ප්‍රතිශතයක් එම ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් පිරිනැමීට කටයුතු කරනවා. මෙයින් රුපියල් මිලියන 5ක් 6ක් දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් හොයලා දෙන්න අපට පුලුවන්. මේ යෝජනාව මා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාට යොමු කළා. ඔහු පුදුම ධෛර්යයක් මට දුන්නා. මේ යෝජනාව ක්‍රිකට් විධායක කමිටුවේ ඒකමතිකව සම්මත වුණා. ඒ නිසා මෙහි විශේෂ ගෞරවය ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා වෙත යොමු කිරීමට කැමැතියි. එල්පීඑල් තරගාවලිය හරහා ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් ඉදිරි වසර 5ක් තුල රුපියල් මිලියන 70ක් පමණ ප්‍රදානය කිරීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා“ සමන්ත දොඩන්වෙල මහතා පැවැසීය.

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පිල තරගාවලිය සම කරයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති දෙවන විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් […]
  • අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රාහී ගමනක්
    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අහිමිහිරි පරාජයක්
    එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් […]
  • හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට
    ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් […]
  • කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ […]

Pin It on Pinterest

USD United States (US) dollar