slc
logo
Home   |    News
ජූලි 30, 2023
LPL සිව්වැනි සංග්‍රාමයේ මංගල තරගයේ කාසියේ වාසිය නිරෝෂන් දික්වැල්ල දිනයි

sinhala editor

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් දින 22 ක් මුලුල්ලේ ක්‍රීඩාංගණ 2 කදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර ආරම්භ කරමින් පැවැති වර්ණවත් සමාරම්භක උළෙලින් පසු පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල අද (30 දා) සමත්වූවේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී දෙවැනි වරට පන්දුව පහරදීමේදී තණතීරුවේ එතරම් වෙනසක් නොවෙනස් වනු ඇතැයි යන විශ්වාසය මත තමන් පන්දුවට පහර දිම සඳහා ජැෆ්නා කිංග්ස් වෙත ආරාධනා කළ බව කලම්බු නායකයා සඳහන් කර සිටියේය.

මෙතෙක් පැවැති එල්.පී.එල්. තරගාවලි ත්‍රිත්වයේදී ශූරතාව දිනා ගනිමින් පිට පිටම සිව්වැනි වතාවටත් ශූරතාව දිනා ගැනීම ජැෆ්නා කිංග්ස් කණ්ඩාය‌මේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ. මොවුන් ඉකුත් වර අවසන් මහ තරගයේ එකිනෙකාට එදිරිවාදීන් බවට පත් වුවද මෙවර තරග වාරයේදී ඔවුන් සතුව තිබූ ප්‍රධානම අවි හෙවත් ක්‍රීඩකයින් වෙනත් කණ්ඩායම් සඳහා තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

අද තරගය සදහා දෙපිළේම විදෙස් ක්‍රීඩකයින් තිදෙනා බැගින් ක්‍රීඩා කරති. එහිදී  කලම්බු කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම්, මොහොමඩ් නවාස් සහ නසීම් ෂා ක්‍රීඩා කරද්දී, ජැෆ්නා පිල වෙනුවෙන් රාමනුල්ලා ගුර්බාස්, ටවිහිඩ් රිඩෝයි සහ හර්ඩස් විල්ජෝන් ක්‍රීඩා කරති.

කලම්බු ස්ට්‍රයිකර්ස් – නිරෝෂන් දික්වැල්ල (නායක), බාබර් අසාම්, පැතුම් නිස්සංක, නුවනිදු ප්‍රනාන්දු, මොහොමඩ් නවාස්, යශෝධ ලංකා, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, නසීම් ෂා, මතීෂ පතිරණ.

ජැෆ්නා කිංග්ස් – තිසර පෙරේරා (නායක), රාමනුල්ලා ගුර්බාස්, නිශාන් මදුෂ්ක, චරිත් අසලංකා, ප්‍රියමාල් පෙරේරා, ටවුහිඩ් රිඩෝයි, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තතීක්ෂණ, විජයකාන්ත් වියසකාන්ත්, ඩිල්ෂාන් මදුශංක, හාර්ඩස් විල්ජෝන්.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest