slc
logo
Home   |    News
ජූලි 20, 2023
ආසියානු කුසලාන සංවිධාන කටයුතු සඳහා ආසියානු කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් නියෝජතයින් ශ්‍රී ලංකාවට එයි

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු 2023 ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කිරීම සදහා ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජතයින් මේවන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

දෙපිරිස අතරින් පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජිතයින් අද (ජූලි 20) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ආසියානු ක්‍රිකට් නිලධාරීහු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. ඔවුන් කල්තියාම ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු සිදකිරීම සඳහාය.

ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජිතයින් ආසියානු කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වන මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ දෙකෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

එම නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජිතයින් ආසියානු කුසලාන ක්‍රිකට් තරාවලියට සූදානම්වීම සම්බනන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වීමටද නියමිතය.

2023 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන එළි දක්වා දිනක කාලයක් ඇතුළත මෙම නියෝජිතයින් පිරිස සංචාරයට සහභාගිවීම කැපී පෙනෙයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන මෙම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දුවාර 50 එක්දින ශූරතාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත. එම තරගාවලිය දෙමුහුං තරගාවලියක් හෙවත් තරග 4 ක් පාකිස්තානයේදීද අවසන් මහ තරගය ඇතුළුව තරග 9 ක් ශ්‍රී ලංකාවේදීද පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee