slc
logo
Home   |    News
ජූලි 20, 2023
නැගීඑන ක්‍රීඩකයින්ගේ දක්ෂතා බලන්න ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ අවස්ථාව

sinhala editor

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග 2, නැරඹීමේ අවස්ථාව කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිටත් ඉන්දියානු ‘ඒ’ සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට පැවැත්වෙනු ඇත.

ඒ අනුව මෙම තරග දෙක නැරඹීම වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා දොරටු විවෘතව තැබෙනු ඇත. හෙට පැවැත්වෙන තරග වලින් ජය ගනු ලබන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබන අතර එම අවසන් මහ තරගය ලබන 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ප.ව. 2.00 ට ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee