slc
logo
Home   |    News
අගෝස්තු 21, 2023
අවු. 17 න් පහළ නැෂනල් යූත් තරගාවලියේ කැන්ඩි-කොළඹ උතුර ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (21 දා) ආරම්භ වුණු වයස අවුරුදු 17 න් පහළ නැෂනල් යූත් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර සහ කොළඹ උතුරු කණ්ඩායම් සමත්වූහ.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද කොළඹදී ආරම්භ විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති තරගයේදී කොළඹ දකුණු පිලට ඒරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත්විය.

ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ උතුරු පිතිකරුවෝ ඉලක්කය පන්දුවාර 23.5 ක දී කඩුලු 2 ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත්වූහ.

මේ අතර මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල කණ්ඩායමට ඒරෙහිව ලකුණු 103 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ට ලකුණු 294 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 38. 2 කදී ලකුණු 191 ක් පමණි.

මෙම තරගයේදී දෙපිළේම පිතිකරුවන් සිව් දෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. ඒහිදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඒහි නායක කවීජ ගමගේ පන්දු 104 කදී ලකුණු 88 ක්ද වතිල උදාර පන්දු 84 කදී ලකුණු 76 ක්ද  ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දර්ශික සංදීප පන්දු 51 කදී ලකුණ 52 ක් සහ විශ්ව සුපුන් පන්දු 81 කදී ලකුණු 65 ක් වශයෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.

මහනුවර කණ්ඩායමට ලකුණු 103 ක ජයක්

මහනුවර පන්දුවාර 50 කදි කඩුලු 7 ට ලකුණු 294 යි – දිමන්ත මහවිතාන 25, ජනුක රත්නායක 10, ඉසුරු පන්නල 25, කවීජ ගමගේ 88, වතිල උධාර 76, ලක්වින් අබේසිංහ 45*, මලිත් මිහිරංග 86/2, නිකාෂ පෙරේරා 53/2, විරාන් චමුදිත 27/2

ගාල්ල පන්දුවාර 38.2 කදී සියලු දෙනා දැවී ලකුණු 191 යි – (දර්ශක සංදීප 52, විශ්ව සුපුන් 65, විරාන් දමුදිත 24, ටෝනි ක්‍රේක් 37/2, සෙනුර ගිහාන් 35/2, නිසල අබේරත්න 27/2, චාරුක ඒ්කනායක 26/2

කොළඹ උතුරට කඩුලු 8 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 159 යි – තනුජ රාජපක්ෂ 46, කෙනත් ලියනගේ 37, රිවිත් ජයසූරිය 23, දුරන්ක සිල්වා 21, දිනේ සිතුමිණ 29, රමිරු පෙරේරා 36, දුලනිත් සිගේරා 38/6, කවීෂ මෙන්ඩිස් 32/2

කොළඹ උතුර පන්දුවාර 23.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 160 යි – තනුජ රාජපක්ෂ 46, කෙනත් ලියනගේ 37, දෙනුර දෙමන්සිත් 34*, රහීඩ් කරීම් 23*,

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest