slc
logo
Home   |    News
අගෝස්තු 30, 2023
ආසියානු ක්‍රිකට් මංගල්‍යය ඇරඹෙයි – ඉන්දියාව සමඟ සමතැන් ගැනීමට ශ්‍රී ලංකාවට හොඳම අවස්ථාව!

sinhala editor

BY CHAMILA KARAWITA

පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම දශක 4 කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර අගෝස්තු 30 දා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන්හි පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනු ඇත. දෙමුහුන් තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අදියර අගෝස්තු 31 වැනි දිනදී ශ්‍රී ලංකා කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙනු ඇත.

ආසියානු කුසලාන ඉතිහාසයේ 14 වැනි තරගාවලිය ලෙසින් ඉතිහාසගත වන මෙම තරගාවලියේ සියලුම තරග දිවා/රාත්‍රී තරගය වශයෙන් ශ්‍රී ලංකා වේලාවෙන් පව. 3.00 ට ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී ‘බී’ කාණ්ඩයේ පළමු කණ්ඩායම ලෙසින් තරග වදිනු ඇත. පළමු වටය ජයග්‍රාහී අවසන් කරමින් සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටයට පිවිසීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ශ්‍රී ලංකා පිල ‘බී’-1 කණ්ඩායම ලෙසින් හැඳෝන්වෙනු ඇත. ‘බී’-1 කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට ක්‍රීඩා කිරීමට නියමිත බංග්ලාදේශ පිලට ඒරෙහි තරගයත්, ලබන සැප්තැම්බර් මස 05 වැනිදා පාකිස්තානයේ ලාහෝර්හිදී ඇෆ්ගනිස්තානු පිලට ඒරෙහි තරගයත් ජය ගතහොත් කිසිදු අපරාජිතවම ඒම තරග වටයට පිවිසීමට අවස්ථාව උදාවනු ඇත. මෙම තරග අතුරින් ඒකක් ජය ගත්තද සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමට අවස්ථාවක් නැත්තාම නොවුණද ගැටලුව වන්නේ කණ්ඩායම් 3 ම ඒක් ජයග්‍රහණය බැගින් වාර්තා කළහොත් ඉදිරියට යෑම තීරණය වන්නේ දල ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්වන බැවිනි.

වර්තාමාන ආසියානු ශූරයින් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒහෙත් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින බරපතලම ගැටලුව වන්නේ කණ්ඩායම සතු ප්‍රධානම ක්‍රීඩකයින් සිව් දෙනෙකු ආබාධවලට ගොදුරුව සිටීමයි. ඒ් අතරින් ප්‍රධානතම දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ අඩුපාඩුව ශ්‍රී ලංකා පිලට තදින්ම දැනෙනු ඇත. ඊට අමතරව කණ්ඩායමේ අංක 1 ගණයට වැටෙන වේග පන්දු යවන්නන් තිදෙනා වන දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මදුශංක ද මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට අහිමිව තිබේ.

අවසන් වරට පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වුවත් ඔවුන් මෙම තරගාවලියට අවතීර්ණ වන්නේ ඒක්දින රටවල් ශ්‍රේණි ගත කිරීමේ 8 වැනි තැන සිට ගනිමිනි. ඒහෙත් ආසියාවේ ක්‍රීඩා කරනු ලබන ඇෆ්ගනිස්තානය සහ නේපාලය හැරුණු කොට අනෙක් රටවල් 3 ම ඒම ශ්‍රේණි ගත කිරීම්හි පසු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙනි. ඒ් අතර පාකිස්තානු කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙන්නේ අංක 1 ඒක්දින කණ්ඩායම ලෙසිනි.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සිය මව්බිමෙන් ඒතෙරව තරගයකට සහභාගිවන්නේ ඇෆ්ගනිස්තානයට ඒරෙහි තරගයට පමණක් වුවත්, සත්කාරක කණ්ඩායමට යැයි කියමින් වැඩි වාසියක් ශ්‍රී ලංකා කණඩායමට හිමිවනු ඇතැයි කිසිවකුටත් පැවැසිය නොහැක. ඒ් මන්ද යත් ඉන්දියාව සහ නේපාලය යන රටවල කණ්ඩායම්වල ක්‍රීඩකයින් හැරුණු කොට ගෙන ආසියානු කුසලාන තරාවලිය නියෝජනය කරනු ලබන සෙසු සියලුම කණ්ඩායම් වල ක්‍රීඩකයින් ඉකුත්දා නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කර ඇති බැවිනි. ඒ් අතර ශකීබ් අල් හසන්, රාමනුල්ලා ගුර්බාස්, බාබර් අසාම් සහ නසීම් ෂා යන නම් දැරූ ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් බර ගණනක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් දේශීය තත්ත්වයන් වලට හොඳින්ම හුරුව සිටිති.

පාකිස්තානු නායක බාබර් අසාම් ඒක්දික පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව සිටිමින් අද පැවැත්වෙන තරගයේදී පාකිස්තානු පි මෙහෙයවනු ඇත. ඊට අමතරව ලොව හොඳම ඒක්දින පිතිකරුවන් 10 දෙනා අතර පාකිස්තානු පිතිකරුවන් දෙදෙනකු වන ඉමාම් උල් හක් සහ ෆකාර් සමාන්ද ඔවුන් සතුය.

තරගාවලි ඉතිහාසය ගෙන බැලීමේදී ශූරතා 6 ක ජය ගනිමින් ඒහි වැඩි ගෞරව අත්කර ගැනීමට ඉන්දියාව සමත්ව සිටියි. ඉන්දියාව හැරුණු කොට ඔවුන් සමඟ කරට කර සිටින ශ්‍රී ලංකාව අවසන් තරගාවලියේ ශූරතාවද සමඟ අවස්ථා 5 කදී ආසියානු ශූරතා ජයග්‍රහණය කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වතාවට ආසියානු ශූරතාවකට හිමිකම් කියන්නේ 1986 වසරේදී දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේය. සත්කාරක රට ලෙසින් මෙම තරාවලිය නියෝජනය කරනු ලබන පාකිස්තානය අවස්ථා 2කදී පමණක් ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටින අතර සෙසු ඒකම රටක් හෝ ආසියානු ශූරතාවක් දිනා ගැනීමට සමත්ව නොමැත. කෙසේ වෙතත් මෙම තරගාවලියේ ශූරතාවයද ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් වැඩිම වතාවක් ආසියානු කුසලාන දිනා සිටින ඉන්දියාව සමඟ සම තැන් ගැනීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවනු ඇත.

අගෝස්තු 30 – පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

අගෝස්තු 31 – බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 02 – පාකිස්තානය සහ ඉන්දියාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 03 – බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 04 – ඉන්දියාව සහ නේපාලය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 05 – ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය

සැප්තැම්බර් 06 – A1 සහ B2 අතර තරගය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 09 – B1 සහ B2 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 10 – A1 සහ A2 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්ර් 12 – A2 සහ B1 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 14 – A1 සහ B1 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 15 – A2 සහ B2 අතර ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 17 – අවසන් මහ තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 18 – අවසන් මහ තරගය සඳහා අතිරේක දිනය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee