slc
logo
Home   |    News
අගෝස්තු 25, 2023
ආසියා ක්‍රිකට් තරගාවලියේ ‘ටිකට්’වලට පෙර නොවූ ඉහළම ඉල්ලුමක්

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම හැරුණු කොට ශ්‍රී ලංකාව සහභාගීවන ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්වලට ඉහල ඉල්ලුමක් පවතියි. මේ හේතුවෙන් ඇතැම් තරගවල පුවේශපත් දැනටමත් අවසන් වෙමින් පවතින තත්ත්වයක් උදා වෙමින් පවතී. අන්තර්ජාලය ඔස්සේ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ පහසුකම් සලසා ඇති හෙයින් මෙම වැඩ්ම ඉල්ලුම නිර්මාණය වී ඇත.පල්ලේකැලේ ජාත්‍යන්තර  ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියා හා පාකිස්තාන ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත්‍රයකට උපරිම මිළ ඇමෙරිකානු ඩොලර් 300ක් (රුපියල් ලක්ෂ 1ක් පමණ) වන අතර, තණකොළ සහිත විවෘත ප්‍රදේශයේ ප්‍රවේශ පත්‍රයක අවම මිළ ඇමෙරිකානු ඩොලර් 30ක් (රුපියල් 9,660) වේ. එමෙන්ම එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ පුවේශපතක ඉහළම මිල රුපියල් 16000ක් වී තිබේ. එම තරගයේ අවම මිල රුපියල් 1600කි.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සුපි රි කණ්ඩායම් හතර අතරේ තරග වටයේදී ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මහලයේ ප්‍රවේශ පත්‍රයක උපරිම මිළ ඇමෙරිකානු ඩොලර් 400ක් (රුපියල් 128,800ක්) වේ. මූලික වටයේ ඉන්දියා – පාකිස්තාන හා ශ්‍රී ලංකා නොවන තරගවල ප්‍රවේශ පත්‍රයක අවම මිළ ඇමෙරිකානු ඩොලර් 3ක් (රුපියල් 966ක්) වැනි මුදලකට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම් විවෘතව පවතී.ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඊයේ සිට ආරම්භ වූ අතර, ආරක්ෂක හේතු මත ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නා සෑම පුද්ගලයෙකුගේම ජාතික හැදුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රයේ විස්තර මුදල් ගෙවීමට පෙර ලබාදීම අනිවාර්ය කර ඇත. පකිස්තාන – ඉන්දියා තරගය සඳහා හැඳුනුම්පතකින් හෝ විදේශ ගමන් බලපත්‍රයකින් එක් පුද්ගලයෙකුට ප්‍රවේශපත්‍ර දෙකක් පමණක් මිලදී ගැනීමේ සීමාවක් ද පනවා ඇත.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee