slc
logo
Home   |    News
අගෝස්තු 8, 2023
කඩුලු 200 ක් දවාලූ හසරංගට විශේෂ ටීෂර්ටයක්

sinhala editor

විස්සයි-20 තරග දිවියේ කඩුලු 200 ක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග අද (08 දා) ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට පිවිසෙන්නේ විශේෂ ටී ෂර්ටයකින් සැරසීගෙනය. ප.ව. 3.00 ට ආරම්භ වන එම තරගයේදී වනිඳු එම විශේෂිත ටීෂර්ටය පැළඳ අවතීර්ණ වනු ඇත.

අගෝස්තු මස 05 වැනිදා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දුවාර 4 ලකුණු 09 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගත් දකුණත් පාදඟ පන්දු යවන්නා මහීෂ් තීක්ෂණගේ කඩුල්ල දවා ගැනීමත් සමග සිය 200 වැනි විස්සයි-20 කඩුල්ල දවා ගත්තේය. මෙම තරගයේදී පන්දුවෙන් දක්වන ලද දස්කම් හැරුණු කොට පන්දුවට පහර සීමේදී පන්දු 22 කදි නොදැවී ලකුණු 52 ක් ලබා තරගයේ වීරයා සම්මානයෙන් ද හේ පිදුම් ලැබුවේය.

ඒ අනුව වනිඳු මේ දක්වා විස්සයි-20 තරග 151 කට සහභාගිවි බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 201 කි. ඔහුගේ කඩුල්ලක් දවා ගැනී‌මේ සාමාන්‍ය 17.64 ක් ලෙස සටහන් වේ. විස්සයි-20 ජාත්‍යන්තර තරග 58 කට ක්‍රීඩා කර ඇති වනිඳු අවස්ථා කීපයකදීම විස්සයි-20 ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. වනිදුගේ නම ඉදිරියෙන් කඩුලු 91 ක් සටහන්වද්දී වර්තමානය වන විට එම ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest