slc
logo
Home   |    News
අගෝස්තු 14, 2023
කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ තවදුරටත් බලාපොරොත්තු රදවා ගනිති

sinhala editor

BY CHAMILA KARAWITA

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටි කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට තවදුරටත් තරගාවලිය තුළ රැදී ඉන්නවාද නැද්ද යන්න තීරණාත්මක තරගයක් ලෙසින් බී-ලව් කැන්ඩි පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 09 ක ජයක් වාර්තා කළ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 හෙවත් ‘ප්ලේෆ්’ තරග වටය සදහා තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට අද (13 දා) රාත්‍රියේදී සමත්වූහ.

ලකුණු 170 ක ඉලක්කයක් හඹා යෑමේදී මතීෂ පතිරණ ප්‍රමුඛ කලම්බු පන්දු යවන්නන් හමුවේ ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත කැන්ඩි කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් ලකුණු 160 ක් පමණි.

පන්දු 21 කට මුහුණ දුන් වනිඳු හසරංග හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 40 ක් ද අසීෆ් අලී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 15 කදී ලකුණු 33 ක් ද ලබා ගත්තත් ජෙෆ්රි වැන්ඩර්සි සහ මතීෂ පතිරණ පැමිණ ඔවුන්ගේ ඉනිමට හරස් කැපීය. කෙසේ වෙතත් අෂේන් බණ්ඩාර පන්දු  18 කදී ලකුණු 22 ක් රැස් කරමින් තරගය ජයකණුව කරා රැගෙන යෑමට උත්සාහයක් ගත්තද අවසන් පන්දුවාර 2 යැවූ නසීම් ෂා සහ මතීෂ පතිරණ ලකුණු 16 කට සීමා කිරීමට සමත්වීම නිසා ජයග්‍රාහණයකින් සැනසීමට කලම්බු කණ්ඩායමට හැකියාව ලැබිණ. තරගයනිමා වන විට මතීෂ ලකුණු 32 කට කඩුලු 2 ක්ද වැන්ඩර්සි ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගෙන සිටියහ.

අද තරගය වනවිටත් ප්‍රසාද ලකුණු සටහනේ ජයග්‍රහණ 2 ක් පමණක් ලබා සිටි කලම්බු ස්ට්‍රයිකර්ස් පිල එහි අවසන් ස්ථානයේ රැදී සිටියේය. කෙසේ වෙතත් අද දිනයේ ලත් ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු පුවරුවේ පහළින්ම රැදී සිටි කලම්බු කණඩායම තවත් ප්‍රසාද ලකුණු 2 ක් එකතු කර ගනිමින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල පිළිවෙළින් සමතැන් ගෙන සිටින ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම් සමගින් සම තැන් ගත්තේය.

ඒ අනුව ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත ගෝල් ටයිටෑන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගයේ ජය ගනු ලබන කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබනු ඇත. එහෙත් එම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණහොත් පමණක් මෙම කණ්ඩායම් දෙකටම අවසන් කණඩායම් 4 අතර තරග වටයට යෑමට අවස්තාව සිදුවන අතර ජැෆ්නා කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවනු ඇත.

පළමු පන්දුවාර 2 ඇතුළත යවන ලද පන්දු 4 ක් තුළදී බාබර් අසාම් සහ ළහිරු උදාරගේ කඩුලු දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වීම නිසා කලම්බු කණ්ඩායමේ ආරම්භය මන්දගාමී ස්වරූපයක් ගත්තේය. මොවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් වන විට ලකුණු 28 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් පැතුම් නිස්සංකට එක් වුණු එල්.පී.එල්. පිටියට කෝඩුකාර නිපුන් ධනංජයගේ ධෛර්යවන්ත පිතිහරඹය පෙරමුණු කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 169 ක සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් බී-ලව් කැන්ඩි කණ්ඩායම හමුවේ ලබා දීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ.

එල්.පී.එල්. තරග පිටියේ තෙවැනි අර්ධ ශතකය අද දිනයේ වාර්තා කළ පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු 51 ක සදහා හේ පන්දු 38 කට මුහුණ දුන්නේය. එ් ඊට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් කරමිනි. ඔහුට නොමඳ සහායක් ලබා දුන් නිපුන් ධනංජය පන්දු 46 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් පැවැත්වීමට දායකත්වය දැක්වීය. ඔහුගේ ඉනිම හයේ  පහර 3 කින් සහ හතරේ පහර කින් වර්ණවත් විය.

එහෙත් පළමු වතාවට මෙම තරගාවලියේ තරගයකට සහභාගිවුණු වනිඳු හසරංගගේ වැඩි මහල් සොහොයුරු චතුරංග ද සිල්වාගේ පන්දුවකට අසීෆ් අලී අතට උඩ පන්දුවක් දී ධනංජය දැවී යන විට මුලු ලකුනු සංඛ්‍යාව කඩුලු 3 ට ලකුණු 97 ක් ලෙසින් සටහන් විය.

අනතුරුව ක්‍රියාමස්ත වුණු වනිදු හසරංග පිට පිටම පන්දු දෙකකදී පැතුම් සහ ඉෆ්තිකාර් අහමඩ්ගේ කඩුලු දවා ගැනීම නිසා තරගයේ යළි වැඩි වාසි කැන්ඩි කණ්ඩායම වෙත නැඹුරු විය. කෙසේ වෙතත් පිතිකරණ අනුපිළිවෙළේ යටින් පහළින් පැමිණි නුවනිඳු ප්‍රනාන්දු පන්දු 9 කදී ලකුණු 15 ක්ද චාමික කරුනාරත්න පන්දු 9 කදී ලකුණු 17 ක්ද වශයෙන් රැස් කිරීම නිසා ප්‍රබල කැන්ඩි කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ.

තරගයේ වීරයා – පැතුම් නිස්සංක

ලකුණු පුවරුව

කලම්බු ස්ට්‍රයිකර්ස් ලකුණු පන්දු 4 6
පැතුම් නිස්සංක ඇ.අසීෆ් අලී ප.වනිදු හසරංග 51 38 4 1
බාබර් අසාම් ඇ.මොහොමඩ් හැරිස් ප.ඇන්ජලෝ මැතිව්ස් 9 8 1 0
ළහිරු උදාර ඇ.මොහොමඩ් හැරිස් ප.ඇන්ජලෝ මැතිව්ස් 1 3 0 0
නිපුන් ධනංජය ඇ.අසීෆ් අලී ප.චතුරංග ද සිල්වා 40 29 1 3
මොහොමඩ් නවාස් ඇ.වනිඳු හසරංග ප.නුවන් ප්‍රදීප් 21 19 1 1
ඉෆ්තිකාර් අහමඩ්   ප.වනිඳු හසරංග 0 1 0 0
චාමික කරුනාරත්න ඇ.අෂේන් බණ්ඩාර ප.ඉසුරු උදාන 17 9 2 1
නුවනිඳු ප්‍රනාන්දු   ප.ඉසුරු උදාන 15 9 2 1
නසීම් ෂා දුවද්දී දැවී ගියා උදාන 6 4 1 0
ජෙෆ්රි වැන්ඩර්සි නොදැවී   0 0 0 0
අතිරේක 9  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 169
කඩුලු වැටීම / 1-20 (බාබර් 2.5), 2-28 (උදාර 4.1), 3-97 (නිපුන් 11.5), 4-127 (පැතුම් 15.1), 5-127 (ඉෆ්තිකාර් 15.2), 6-146 (චාමික 17.3), 7-154 (නවාස් 18.1), 8-165 (ෂා 19.3), 9-169 (නුවනිඳු 19.6)
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 4-0-23-2 ඉසුරු උදාන 4-0-40-2
මොහොමඩ් හස්නේනි 3-0-23-0 චතුරංග ද සිල්වා 2-0-19-1
වනිඳු හසරංග 4-0-21-2 නුවන් ප්‍රදීප් 4-0-37-1
බී ලව් කැන්ඩි
මොහොමඩ් හැරිස් ඇ.රමේෂ් මෙන්ඩිස් ප.නසීම් ෂා 1 4 0 0
ෆකාර් සමාන් දුවද්දී දැවී ගියා මතීෂ පතිරණ 11 14 0 0
සහන් ආරච්චිගේ ඇ.සහ ප.ඉෆ්තිකාර් අහමඩ් 13 21 2 0
වනිඳු හසරංග ඇ.බාබර් අසාම් ප.ජෙෆ්රි වැන්ඩර්සි 40 21 6 1
ඇන්ජලෝ මැතිව්ස් ඇ.ඉෆ්තිකාර් අහමඩ් ප.ජෙෆ්රි වැන්ඩර්සි 11 10 1 0
චතුරංග ද සිල්වා ඇ.බාබර් අසාම් ප.චාමික කරුනාරත්න 16 11 0 2
අසිෆ් අලී   ප.මතීෂ පතිරණ 33 15 2 3
අෂේන් බණ්ඩාර   ප.මතීෂ පතිරණ 22 18 3 0
ඉසුරු උදාන නොදැවී   5 5 0 0
මොහොමඩ් හස්නේන් නොදැවී   0 1 0 0
අතිරේක 8  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 160
කඩුලු වැටීම / 1-04 (හැරිස් 0.6), 2-26 (සහන් 5.5), 3-62 (සමාන් 9.1), 4-70 (වනිඳු 10.1), 5-92 (චතුරංග 12.6), 6-96 (මැතිව්ස් 13.3), 7-138 (අසීෆ් 17.3), 8-160 (බණ්ඩාර 19.5)
පන්දු යැවීම
නසීම් ෂා 4-0-28-1 ඉෆ්තිකාර් අහමඩ් 4-0-25-1
මතීෂ පතිරණ 4-0-32-2 චාමික කරුණාරත්න 3-0-25-1
ජෙෆ්රි වැන්ඩර්සි 3-0-39-2 මොහොමඩ් නවාස් 1-0-10-0

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee