Chamila Karawita reporting from Pallekele
දිනෙන් දිනම උණුසුම් මුහුණුවරක් ගනිමින් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පල්ලකැලේ අදියර යටතේ පැවැති අවසන් තරගය බවට පත් වුණු කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම යළිත් ජයග්‍රාහී රිද්මයට අවතීර්ණ වීමට අද (08 දා) රාත්‍රියේ සමත්වූවේය.
ලකුණු 147 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා පිතිකරුවෝ ජයග්‍රහණය සනාථ කර ගන්නා විට තවත් පන්දු 33 ක් සහ කඩුලු 6 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. ජයග්‍රාහී ඉනිම වෙනුවෙන් පිතිකරණයෙන් පෙරමුණ ගත් නිශාන් මදුශ්ක පන්දු 32 කදී ලකුණු 46 ක්ද රාමනුල්ලා ගුර්බාස් පන්දු 21 කදී ලකුණු 39 ක් ලබාගත්ය. මොවුන් දෙදෙනාගේ මෙම ඉනිම දෙකේ විශේෂත්වය වූයේ දෙදෙනාම තම ඉනිමට හයේ පහර 3 සහ හතරේ පහර 3 බැගින් එල්ල කිරීමට සමත්ව සිටීමයි.
නිශාන් මදුශ්ක සමඟ ඉනිම ආරම්භ කළ ගුර්බාස් පවර් ප්ලේ අවස්ථාවට පෙර දැවී යද්දී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 58 ක් ගොඩනැංවීමට සමත්වූහ. කඩුලු අතර ගොඩ නැගුණු සම්බන්ධතා ඉක්මනින් බිඳ හෙළීමට කලම්බු පන්දු යවන්නන් අසමත් වද්දී 11 වැනි පන්දුවාරයේදී කෙළින්ම කඩුල්ලේ පන්දුව වද්දවමින් චරිත් අසලංකව දවා ගැනීමට නසීම් ෂා සමත්විය. තිසර පෙරේරාවද එපරිදිම දවා ගැනීමට නසීම් ෂා සමත් වුවත්, තරගය ජය ගැනීම සඳහා වැඩි කොටසක් ඒ වන විටත් අවසන් කර දැමීමට ජැෆ්නා පිතිකරුවෝ සමත්වී සිටියහ.
පළමු කඩුල්ල වෙනුවෙන් බාබර් අසාම් සහ පැතුම් නිස්සංක දෙදෙනා එක්ව පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දු 36 දී ලකුණු 54 ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් ලබා ගත්තද දුනිත් වෙල්ලාලගේ ඊට හරස් වූයේ පැතුම් නිස්සංකව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දවා ගනිමිනි. පැතුම් දැවී යෑම වෙනුවෙන් කරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර සිටියද ඉන් සෑහීමකට පත් නොවුණු ජැෆ්නා නායක තිසර පෙරේරා එය තෙවැනි විනිසුරු විමසීම දක්වා ඉදිරියට රැගෙන ගියේය. අවාසනාවකට එය දැවී යෑමක් ලෙස සංඥාවීමත් සමඟ පැතුම්ගේ ඉනිම ලකුණු 36 දී සීමා විය. පන්දු 25 කට මුහුණ දී සිටි දකුණත් හුරුබුහුටි ආරම්භක පිතිකරුවා ඉන් ලකුනු 28 ක්ම හතරේ පහර වලින් රැස් කරගත්තේය.
එම දැවී යෑමත් සමඟ කලම්බු ඉනිමේද කඩා වැටීම ඇරැඹිණ. පවර් ප්ලේ පන්දුවාර 6 න් අනතුරුව ක්‍රියාත්මක වුණු පන්දුවාර 4 දී කලම්බු පිලේ ඉදිරි පෙළ කඩුලු 4 ම දැවී යෑම එතෙක් පවත්වාගෙන ආ ලකුණු වේගයටද ප්‍රබල බලපෑමක් එල්ල විණ. දැවී ගිය කඩුලු අතර බාබර් අසාම්ද පසුවීම දැඩි පාඩුවක් විය.
ඩිල්ෂාන් මදුශංක පෙර තරගයේ ශතක ලාභී බාබර් අසාම්ගේ කඩුල්ල දවා ගත්තේ පොයිට්න්ට් කළාපයේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් මිලර්ගේ සහායද ඇතිවය. විදුලි වේගයෙන් ඇදී ගිය උඩ පන්දුව මිලර්ගේ දෑත් අතර සිර වන විට බාබර් රැස් කරගෙන සිටියේ පන්දු 21 කදී ලකුණු 24 ක. ඉන් 1 ක් හයේ පහර ලෙසින්ද දෙකක් හතරේ පහර වලින්ද වර්ණවත්ව තිබිණ.
කෙසේ වෙතත් ලද අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගත් ළහිරු උදාර පන්දුවට පහර දීමට අසීරු තණතීරුවේදී කඩුල්ල ආරක්ෂා කර ගත්තේ පන්දු 25 කදී ලකුණු 29 ක් රැස් කරමිනි. මුලු ලකුණු සංඛ්‍යාව 69 දී ළහිරු උදාරට එක් වූ මොහොමඩ් නවාස් කලම්බු ලකුණු පුවරුව 139 ක් වන තෙක්ම රැදී සිටියේය. පන්දු 20 කට මුහුණ දුන් නවාස් ඉන් එකක් හයේ පහර ලෙසින්ද තුනක් හතරේ පහර ලෙසින්ද එල්ල කොට ලකුණු 27 ක් රැස් කළේ කලම්බු පිලේ ලකුණු සංඛ්‍යාව ලකුණු 150 ආසන්නයට රැගෙන යමිනි.
ඊට සහයෝගයක් වුණු චාමික කරුනාරත්න පන්දු 18 කදී ලකුණු 21 ක් රැස් කර ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. පන්දු යැවිමේදී පන්දුවාර 3 ක් යැවූ දුනිත් වෙල්ලාලගේ ලකුනු 09 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගත්තේය. ඊට අමතරව මෙවර තරගාවලියේ වැඩිම මුදලකට වෙන්දේසි වුණු ඩිල්ෂාන් මදුශංක තම පන්දුවාර 4 ලකුණු 21 කට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගත්තේය. ඩිල්ෂාන්ට මෙම තරගාවලියේ පළමු කඩුල්ල දවා ගැනීමට තෙවැනි තරගය තෙක් බලා සිටීමට සිදුවීමද විශේෂත්වයක් වේ.
තරගයේ වීරයා – දුනිත් වෙල්ලාලගේ
ලකුණු පුවරුව |
|||||||||
කලම්බු ස්ට්‍රයිකර්ස් | ලකුණු | පන්දු | 4 | 6 | |||||
පැතුම් නිස්සංක | කඩුල්ල මුවා කළා | ප.දුනිත් වෙල්ලාලගේ | 36 | 25 | 7 | 0 | |||
බාබර් අසාම් | ඇ.ඩේවිඩ් මිලර් | ප.ඩිල්ෂාන් මදුශංක | 24 | 21 | 2 | 1 | |||
ළහිරු උදාර | ඇ.සහ | ප.මහීෂ් තීක්ෂණ | 29 | 25 | 2 | 1 | |||
නුවනිඳු ප්‍රනාන්දු | ඇ.මහීෂ් තීක්ෂණ | ප.ඩිල්ෂාන් මදුශංක | 2 | 3 | 0 | 0 | |||
ඉෆ්තිකාර් අහමඩ් | ප.දුනිත් වෙල්ලාලගේ | 2 | 4 | 0 | 0 | ||||
මොහොමඩ් නවාස් | ඇ.ටව්හිඩ් රිඩෝයි | ප.ෂොයෙබ් මලික් | 27 | 20 | 3 | 1 | |||
චාමික කරුණාරත්න | නොදැවී | 21 | 18 | 1 | 0 | ||||
රමේෂ් මෙන්ඩිස් | ඇ.ඩේවිඩ් මිලර් | ප.නුවන් තුෂාර | 1 | 2 | 0 | 0 | |||
නසීම් ෂා | දුවද්දී දැවී ගියා | වෙල්ලාලගේ/තුෂාර | 1 | 2 | 0 | 0 | |||
අතිරේක | 3 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු | 146 | ||||||||
කඩුලු වැටීම / 1-57 (පැතුම් 6.6), 2-62 (බාබර් 8.1), 3-64 (නුවනිඳු 8.4), 4-69 (ඉෆ්තිකාර් 9.6), 5-99 (උදාර 14.4), 6-139 (නවාස් 18.4), 7-144 (රමේෂ් 19.3), 8-146 (නසීම් 19.6) | |||||||||
පන්දු යැවීම | |||||||||
තිසර පෙරේරා 1-0-17-0 | මහීෂ් තීක්ෂණ 4-0-21-1 | ||||||||
ඩිල්ෂාන් මදුශංක 4-0-23-2 | නුවන් තුෂාර 4-0-37-1 | ||||||||
දුනිත් වෙල්ලාලගේ 3-0-09-2 | ෂොයෙබ් මලික් 4-0-38-1 | ||||||||
ජැෆ්නා | |||||||||
නිශාන් මදුශංක | ප.නසීම් ෂා | 46 | 32 | 3 | 3 | ||||
රාමනුල්ලා ගුර්බාස් | ඇ.ඉෆ්තිකාර් අහමඩ් | ප.මතීෂ පතිරණ | 39 | 21 | 3 | 3 | |||
චරිත් අසලංක | ඇ.ඉෆ්තිකාර් අහමඩ් | ප.ලක්ෂාන් සඳකැන් | 12 | 15 | 1 | 0 | |||
තිසර පෙරේරා | ප.නසීම් ෂා | 17 | 7 | 2 | 1 | ||||
ඩේවිඩ් මිලර් | නොදැවී | 1 | 3 | 0 | 0 | ||||
ටව්හිඩ් රිඩෝයි | නොදෙැවී | 18 | 9 | 4 | 0 | ||||
අතිරේක | 17 | ||||||||
එකතුව පන්දුවාර 14.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු | 150 | ||||||||
කඩුලු වැටීම / 1-58 (ගුර්බාස් 5.2), 2-97 (අසලංක 10.3), 3-127 (තිසර 12.1), 4-128 (මදුෂ්ක 12.5), | |||||||||
පන්දු යැවීම | |||||||||
නසීම් සා 3.3-0-26-2 | මොහොමඩ් නවාස් 2-0-25-0 | ||||||||
චාමික කරුනාරත්න 2-0-24-0 | මතීෂ පතිරණ 3-0-27-1 | ||||||||
ලක්ෂාන් සඳකැන් 3-0-30-1 | රමේෂ් මෙන්ඩිස් 1-0-14-0 | ||||||||