slc
logo
Home   |    News
අගෝස්තු 9, 2023
කාන්තා පිල මේ මස අගදී එංගලන්තයට

sinhala editor

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන කාන්තා එක්දින ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ එංගලන්තය අතර තරගාවලිය ලබන අගෝස්තු මස 28 වැනිදා එංගලන්තයේදී ආරම්භ වනු ඇත.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට අමතරව තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියක් මෙම තරග සංචාරයට ඇතුළත් වේ. තරගාවලිය අගෝස්තු 31 වැනිදා පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වේ. එම තරගාවලියේ පළමු තරගය හෝව්හිදිදී දෙවැනින සැප්තැම්බර් 02 වැනිදා චෙල්ම්ස්ෆෝර්ඩ් හිදීද තෙවැනි 06 වැනිදා ඩර්බිහිදීද පැවැත්වේ.

එම තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලීය සැප්තැම්බර් මස 09 වැනිදා ඩර්හැම් හිදී ආරම්භ වේ. දෙැවනි තරගය සැප්තැම්බර් මස 12 වැනිදා නොදර්ම්ටන්හිදීද තෙවැන්න ලෙස්ටර් හිදීද පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට එම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණ සිටියි. ඉකුත්දා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත්වීමත් සමඟ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් උදාවී තිබේ.

2025 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මෙම කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරක රට වන ඉන්දියාවට අමතරව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් 5 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවනු ඇත.

දිනය තරගය ක්‍රීඩාංගණය
අගෝස්තු 28 විස්සයි-20 පුහුණු තරගය අරුන්ඩෙල්
අගෝස්තු 31 පළමු විස්සයි-20 තරගය හෝව්
සැප්තැම්බර් 02 දෙවැනි විස්සයි-20 තරගය චෙල්ම්ස්ෆෝර්ඩ්
සැප්තැම්බර් 06 තෙවැනි විස්සයි-20 තරගය ඩර්බි
සැප්තැම්බර් 09 පළමු එක්දින තරගය ඩර්හැම්
සැප්තැම්බර් 12 දෙවැනි එක්දින තරගය නොදම්ටන්
සැප්තැම්බර් 14 තෙවැනි එක්දින තරගය ලෙස්ටර්

 

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee