slc
logo
Home   |    News
අගෝස්තු 22, 2023
කාන්තා පිල හෙට එංගලන්තයට

sinhala editor

එංගලන්ත කාන්තා කණ්ඩායමට රෙහිව පැවැත්වෙන ක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 23 වැනිදා (හෙට) එංගලන්ත බලා පිටත්ව යනු ඇත. ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්ත සංචාරයකට සහභාගිවන පළමු තරගාවලිය වශයෙන් මෙම තරගාවලිය සනිටුහන් වීමද කැපී පෙනෙයි.

25 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. කාන්තා ලෝක ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුදුසුකම් ලැබීම වෙනුවෙන්  මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඒම එක්දින තරග 3 ට අමතරව විස්සයි-20 තරග 3 ක්ද පැවැත්වෙනු ඇත.

හෙට පිටත් වන කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඊට නවසීලන්තය සමඟ පැවැති තරගාවලියට සහභාගිවූ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනාට අමතරව එක් ක්‍රීඩිකාවක් වැඩි පුර කණ්ඩායමට එකතු කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. වේග පන්දු යවන්නියක වන අචිනි කුලසූරිය පමණක් කණ්ඩායමට අලුතින් එක්ව ඇති ක්‍රීඩිකාව වන්නීය. කණ්ඩායමේ උප නායිකාව ලෙස ඔෂධී රණසිංහ කටයුතු කරනු ලබයි.

ලෝක ශූරතා සුදුසුකම් ලබා ගැනීමේ ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකා කාන්තා පිල එහි තෙවැනි ස්ථානයේ රැඳී සිටිමින් මෙම තරගාවලියට අවතීර්ණ වෙයි. ඔවුන් අවසන් වතාවට නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලිය 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමට සමත්වීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 3 අතරට පැමිණීමට අවස්ථාව උදාවිය.

එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 12 කට ක්‍රීඩා කොට ඉන් තරග 4 ක් ජය ලබා සිටියි. සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවසානයේ පළමු ස්ථාන 5 පසුවන කණ්ඩායම් 5 සහ සත්කාරක ඉන්දීයාව පමණක් ප්‍රධාන තරග වටයට ස්වයංක්‍රීයවම සුදුසුකම් ලබන බැවින් මෙම තරගාවලි‌යේ එක් තරගයක් හෝ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින්ම වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), ඔෂධී රණසිංහ (උප නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, උදේශිකා ප්‍රබෝධනී, අචිනි ‌කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හන්සිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]
  • ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 9කට 229යි
    සාචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියේය. ගාල්ල […]
  • දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්
    පුරා වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee