slc
logo
Home   |    News
අගෝස්තු 4, 2023
කැන්ඩි පිලේ වෙනස්කම් දෙකක්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි දිග හැරු‌ම යටතේ මහනුවර පල්ලෙකැලේ පැවැත්වෙන තරග අතරින් පලමු තරගය ලෙසින් අද (04 දා) පැවැත්වෙන බී ලව් කැන්ඩි පිලට එරෙහි තරගයේදී කාසියේ වාසිය දිනූ දඹුල්ල අවුරා කණ්ඩායම  පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙතෙක් පැවැති තරග වලදී එකම ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට අසමත් කණ්ඩායමට බවට පත්ව සිටින්නේ බී ලව් කැන්ඩි කණ්ඩායම වන බැවින් අද තරගයේ ජය ඔවුනට තීරණාත්මක වනු ඇත. මේ හේතුව මත ඔවුන් අද තරගයේදි පිතිකරණ ශක්තිය වැඩි කිරීම වෙනුවෙන් දේශීය ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ තනුක දාබරේ වෙනුවට පාකිස්තානු ක්‍රීඩක ෆකාර් සමාන් කැඳවමින් අවතීර්ණ වී තිබේ .ඊට අමතරව අමර් ජලීල් වෙනුවට වේග පන්දු යවන දුෂ්මන්ත චමීරව අද තරගයට කැඳවා ති‌බේ.

ආබාධිත තත්ත්වය මත දුෂ්මන්ත චමීර ඉකුත්දා මෙරටට පැමිණි ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.

මේ අතර දඹුල්ල අවුරා කණ්ඩායම එකම වෙනස්කමක් නොකරමින් අද තරගයට අවතීර්ණව සිටියි.

දඹුල්ල අවුරා – 1. කුසල් මෙන්ඩිස් (නායක), 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. සධීර සමරවික්‍රම, 4. කුසල් පෙ‌රේරා, 5. ධනංජය ද සිල්වා, 6. ‌ඇලෙක්ස් රොස්, 7. හේඩ්න් කර්, 8. බිනුර ප්‍රනාන්දු, 9. ශහාන්වාස් දහානි, 10. රවිඳු ප්‍රනාන්දු, 11. නූර් අහමඩ්.

බී ලව් කැන්ඩි – 1. ෆකාර් සමාන්, 2. දිනේෂ් චන්දිමාල්, 3. කමිදු මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. අෂේන් බණ්ඩාර, 6. අසීෆ් අලී, 7. වනිඳු හසරංග (නායක), 8. දුෂ්මන්ත ‌චමීර, 9. මොහොමඩ් හස්නේනි, 10. ඉසුරු උදාන, 11. මුජීබ් උර් රෙහ්මාන්.

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest