slc
logo
Home   |    News
අගෝස්තු 26, 2023
කොදෙව් යෞවනයන්ට එරෙහි සටනේ නායකත්වය සිනෙත් ජයවර්ධනට

sinhala editor

එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ‌එරෙහිව හෙට (27 දා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ සිව්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ සිනෙත් ජයවර්ධන පත් කර තිබේ.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ සිනෙත්ගේ උප නායකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලේ මල්ෂ තරුපති කටයුතු කරනු ඇත. අගෝස්තු මස 27 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සැප්තැම්බර් 15 වැනිදා දක්වා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අංකය

ක්‍රීඩකයා

පාසල

1 සිනෙත් ජයවර්ධන (නායක) රාජකිය විදුහල – කොළඹ
2 පුලිඳු පෙරේරා ධර්මරාජ විදුහල – මහනුවර
3 සුපුන් වඩුගේ ත්‍රිත්ව විදුහල – මහනුවර
4 රුෂධ ගමගේ ශාන්ත පීතර විදුහල – බම්බලපිටිය
5 දිනුර අබේවික්‍රමසිංහ ශාන්ත සිල්වෙස්තර විදුහමල – මාතර
6 රවිෂාන් නෙත්සර පී. ද ඒස්. කුලරත්න විදුහල – ගාල්ල
7 හිරාන් ජයසුන්දර ශාන්ත ජෝෂප් විදුහල – මරදාන
8 සරුජන් ශම්මුගනාතන් ශාන්ත බෙනටික්ට් විදුහල – කොටහේන
9 වි‌ශ්ව ළහිරු ශ්‍රී සුමගංල විදුහල – පානදුර
10 විශේන් හැළඹගේ ශාන්ත පීතර විදුහල – බම්බලපිටිය
11 මල්ෂ තරුපති (උප නායක) රිච්මන්ඩ් විදුහල – ගාල්ල
12 තරණ විමලධර්ම ත්‍රිත්ව විදුහල – මහනුවර
13 කවීෂ පියුමාල් ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට
14 විහස් තෙව්මික තර්ස්ටන් විදුහල – කොළඹ
15 ජනිත් ප්‍රනාන්දු ශාන්ත ජෝසප් වාස් විදුහල  – වෙන්නප්පුව
16 දිනුර කලුපහන මහින්ද විදුහල – ගාල්ල
17 පැතුම් මලිත ධර්මාශෝක විදුහල – අම්බලන්ගොඩ
18 රුවිෂාන් පෙරේරා ආනන්ද විදුහල – කොළඹ
19 ගරුක සංකෙත් ලයිසියම් ජාත්‍යන්තර පාසල
20 විශ්ව රාජපක්ෂ ශාන්ත ජෝසප් වාස් විදුහල – වෙන්නප්පුව

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee