slc
logo
Home   |    News
අගෝස්තු 30, 2023
කොදෙව් යෞවනයෝ තරගාවලිය එකට එක කරති

sinhala editor

පළමු තරගය ජය ගත්තද දෙවැනි තරගයේදී යළි සටනට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයෝ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (30 දා) පැවැති දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. ඒ් සමඟම තරගාලිය 1-1 ක් ලෙස ද සම තත්ත්වයට රැගෙන ඒ්මට කොදව් යොවුන් පිට හැකියාව ලැබිණ.

කාසියේ වාසියත් සමඟ ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ලබා දුන් නමුත් සිදුවූයේ කිසි විටෙකත් අපේක්ෂා නොකළෙකි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඉවක් බවක් නැතිව පන්දුවට පහර දුන් කොදෙව් පිතිකරුවෝ පන්දුවාර 50 අවසන් වද්දී කඩුලු 8 ක් දැවී ලකුණ 321 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ ලබා දුන්හ. එහිදී කැපී පෙනන පිතිහරඹයක නිරත වුණු ජෝර්ඩින් ජොන්සන් ලකුණු 105 ක් ද ජොෂුවා ඩෝන් ලකුණු 56 ක්ද වශයෙන් ලකුණු ලබා ගනිද්දී ටරික් එඩ්වඩ් නොදැවී ලකුණු 53 ක් ලබා කොදෙව් ලකුණු පුවරුව ශක්තිමත් සහ වේගවත් කළහ.

පන්දුවාරයකට ලකුණු 6 කට වඩා රදවා ගතයුතු වීමේ අභියෝගයද කර පින්නාගෙන පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දවාර 30.5 කදී ලකුණු 125 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් මල්ෂ තරුපති පමණක් අර්ධ ශතකයක් (51) රැස් කර ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක තෙවැනි තරගය ලබන සැප්තැම්බර් 01 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිල පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණු 320 යි – (ජෝරඩින් ජොන්සන් 105, ජොෂුවා ඩෝන් 56, ටරික් එඩ්වඩ් 53*, ඒ්ඩ්‍රියන් වියර් 32, මාවේන්ද්‍ර ද්න්ද්‍යාල් 22, ඩිවෝන් ජෝෂප් 10, නේතන් එඩ්වඩ් 13, සිනෙත් ජයවර්ධන 36/4)

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 30.5 කදී සියලු දෙනා දැවී ලකුණු 125 යි – (දිනුර කලුපහන 18, මල්ෂ තරුපති 51, විහස් තව්මික 18, නේදන් එඩ්විඩ් 17/2, දේශ්වාන් ජේම්ස් 30/3, ඉසායි තෝර්න් 18/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar